Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මෑතකදී විශාල ගසක කඳන් ප්‍රවාහනය කල අවස්ථාවක් ද?

    2021-03-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රක්ෂිත වනාන්තර ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශයන්හි සිදු වන ගස් කැපීම් සම්බන්ධයෙන්ද මේ දිනවල වඩිපුර ජනතා අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරුද සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙනවා අපට සුලබව දැකගන්

    රක්ෂිත වනාන්තර ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශයන්හි සිදු වන ගස් කැපීම් සම්බන්ධයෙන්ද මේ දිනවල වඩිපුර ජනතා අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරුද සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙන කරුණක්. වන සංහාරය පිළිබද පසුගිය කාලයේ පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ශණ මෙතනින්

    දිගු කාලයක සිටි සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ දැවැන්ත රූස්ස ගසක කඳන් කපා ප්‍රවාහනය කරමින් සිටින ට්‍රක් රථයක ඡායාරූපයක් මේ දිනවල නැවතත් කරලියට පැමිණ තිබෙනවා. මෙම ඡායාරූපය 2019 වසරේ පමණ සිට ගස් කැපීමේ ආදීනව සම්බන්ධයෙන් වාර්තා කිරීමට උපයෝගි කරගත් ඡායාරූපයක් බව අප කළ විමර්ශනයේදී තහවරු වුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “සර්ගේ රටේ නොම්මර තහඩු ගහගෙන කවුද ඉන්දියාවේ කොට අදින්නේ” යනුවෙන් තාරක නානායක්කාර නමැත්තෙකු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබු‍ණේ,  ඉහත සඳහන් කළ ඡායාරූපයයි. ඉන්දියාවේ ඡායාරුපයක් බවත් එහි ඇත්තේ ලංකාවේ අංක තහඩුවක් බවත් එහි දක්වා තිබුනේ, ව්‍යංගාර්ථයෙන් මෙය ලංකාවේ මෑතක ලබාගත් ඡායාරුපයක් යන අදහස ද ලබාදෙමින්. මෙය ලංකාවේ මෑතක ඡායාරුපයක් නොවන බවට ප්‍රතිචාර රැසක් සමඟ සංවාදයක් ඇතිවී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුනා.

    Facebook | Archived Link   Facebook | Archived

    “අයාලේ – Ayale” නම් ෆේස්බුක් පිටවුකද මෙම ඡායාරූපය යොදා ගනිමින් උපහාසාත්මක කෝණයකින් සඳහන් කරන්නේ, ‍‍“මෙය බටහිර ඉන්දීය කොදෙව් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් Edit කර සකස් කරන ලද්දකි” එමෙන්ම “වාසනාවට අප රටේ මෙහෙම ගස් කපන්නේ නැත්තේ යනුවෙන්ද සඳහන් කර තිබුණා. ”

    Facebook | Archived Link

    මෙම පැරණි ඡායාරූපය මෑතකදී සිදු කරන ලද දැව ප්‍රවාහනයක්  ලෙස ඒත්තු ගැන්වීම සඳහා උපහාසාත්මක ලෙස භාවිතා කර තිබෙනවා. මෙම සටහන් සඳහා ප්‍රතිචාර ලබාදුන් බොහෝ දෙනෙක් මේවා පැරණි ඡායාරුප බව සඳහන් කර තිබු අතර ඇතැමුන් මේවා ලංකාවේ ඡායාරුප නොවන බව ද පවසා තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමක් සඳහා යොමු කල අතර අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය දැව ප්‍රවාහනය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී නොයෙකුත් රටවල් විසින් භාවිතා කර ඇති ඡායාරුපයක් බවයි. 

    ඉන්දියාවේ Kollywood Tamil News නම් දමිළ YouTube නාලිකාවක 2020 වසරේ වීඩියෝවක මෙම ට්‍රක්රථය රැගත් ඡායාරූපය යොදා ගෙන ඇති බවට එම වීඩියෝවේ 0.21වන විනාඩියේ සිට 0.24 වන විනාඩිය ඇතුළත ඔබට දැක ගන්නට පුළුවන්. එම වීඩියෝව මෙතනින්

    එමෙන්ම “Green i” නම් ෆේස්බුක් පිටුවක මෙම ඡායාරූපය භාවිතා කරමින් දක්වා තිබුණේ, “ Thank you for purifying our air for hundreds of years ! ” එනම් මෙලෙස අවසන් ගමන් යන ශාකය අවුරුදු සිය ගණනකට අපගේ වාතය පිරිසිදු කිරීම හේතුවෙන් ස්තූතිය පුදකරන බවටයි. එම සටහන පලවී තිබුනේ 2019 අප්‍රේල් මාසයේ.

    Facebook | Archived Link

    “Recurso Energético” නම් පෘතුගීසි භාෂාවෙන් සඳහන් ෆේස්බුක් පිටුවක (Google translation උපයෝගි කරගන්නා ලදී) මෙම ඡායාරූපය යොදා ගෙන සටහනක් එක් කර තිබුණා. “Energy Resource” යනු මෙම ෆේස්බුක් පිටුවේ ඉංග්‍රීසි පරිවර්ථනයයි. බලශක්ති සම්පත් ලෙස සඳහන් මෙම පිටුවේ ඡායාරූපයට අදාළ සටහනේ සිංහල පරිවර්තනය පහතින්

    මෙම ගසට වයස කීයක් ඇත්දැයි ඔබ සිතනවාද?

    කෙතරම් කුණාටු මැද වුවද ඔහුගේ දෙපයින් සිටගෙන සිටි වාර ගණන ගැන ඔබට වැටහීමක් තියෙනවද?

    ඔහුට සහ ඔහුගේ බීජ වලට ස්තූති කරමින් තවත් ශාක කීයක් වැඩෙන්නට ඇත්ද?

    ඔහු කුරුල්ලන් හා සතුන් කී දෙනෙක්ට නිවහනක් වෙන්න ඇත්ද?

    පුරාණ ගොඩනැගිලි සංරක්ෂණය කර ඇත. නමුත් පෞරාණික ගස් සංරක්ෂණය නොකරන්නේ ඇයි?

    විශාල පිරිසක් අතර හුවමාරු වී තිබු එම සටහන පහතින්.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම ට්‍රක් රථයේ ලියාපදිංචිය අංකය පැහැදිලිව පෙනුනේ නැති අතර LH 8141 වැනි ලංකාවේ වාහන අංකයකට සමාන අංකයක් බව ද දැක ගන්නට ලැබුණා.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\114 Old tree trunk\Untitled.png

    මෝටර් රථ දෙපාර්තමේන්තුව ඔස්සේ කළ නිරීක්ෂණයේදී දැක් වූයේ LH 8141 යන අංකයට මෙරට ලියාපදිංචි වී ඇත්තේ TATA සැහැල්ලු මෝටර් ලොරියක් බවටයි. 

    Department of Motor Traffic | Archived Link

    එහි මාදිලිය LPT 1613 ලෙස ද දක්වා තිබෙනවා. එම මාදිලියේ 2011 වසරේ නිෂ්පාදිත ලොරියක ඡායාරුපයක් පහතින්.

    Riyasewana | Archived

    මෙය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ ලොරියේ මාදිලියට සමාන කමක් දක්වුවුද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයේ මුල් ඡායරූපය පිලිබඳ තොරතුරු අපට නිශ්චිත වශයෙන් ම ලබාගැනීමට හැකි වුනේ නැහැ.

    කෙසේවෙතත් එම ඡායාරුපය 2019 වසරේ සිටම විවිධ අවස්ථාවල ලොව බොහෝ ප්‍රදේශයවල ගස් කැපීමේ ආදීනව පෙන්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුපයක් බව පැහැදිලිය.

    Conclusion (අවසාන නිගමනය)

    අප කළ විමර්ශනයේ කරුණු අනාවරණයෙන් පෙනී යන්නේ, මෙම ඡායාරූපයේ මුල් ඡායරූපය පිලිබඳ තොරතුරු අපට නිශ්චිත වශයෙන් ම ලබාගැනීමට හැකි වුනේ නැති වුවද මෙම සිදුවීම මෑතකදී සිදු වූ දැව ප්‍රවාහනයක් නොවන බවයි. 

    රට පුරා සිදුවන වන සංහාර පිළිබඳ දැඩිලෙස කතාබහ කෙරෙන යුගයක, වර්තමානයේ විශාල ගසක කඳක් ප්‍රවාහනය කරන ආකාරයක් බව ව්‍යංගාර්ථයෙන් දැක්වීමට මෙම පැරණි ඡයරුපය උපහාසාත්මක කෝණයකින් භාවිතා කර ඇති බව පෙනී යයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මෑතකදී විශාල ගසක කඳන් ප්‍රවාහනය කල අවස්ථාවක් ද?

    Fact Check By: Sara Gunaratne 

    Result: Missing Context

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.