Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Zelensky විසින් පුටින්ගේ හිසට අං තබන ආකාරය නිරූපණය කරන ඡායාරූපයක් ?

    2022-03-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . “යුද්ධයට හේතුව” බව උපහාසාත්මක කෝණයෙන් සටහන් කරමින් රුසියානු ජනපති  පූටින්ගේ හිසට පිටුපසින් සිටිමින් යුක්‍රේන ජනපති Zelensky විසින් අං තබන ඡායාරූපයක

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . “යුද්ධයට හේතුව” බව උපහාසාත්මක කෝණයෙන් සටහන් කරමින් රුසියානු ජනපති  පූටින්ගේ හිසට පිටුපසින් සිටිමින් යුක්‍රේන ජනපති Zelensky විසින් අං තබන ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා .  එසේ වේගයෙන් හුවමාරුවූ ඡායාරූපය පිළිබදව   අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ.

    සමාජ ජාලා සටහන් 

    “දැනුයි තේරුනේ යුද්ධයට හේතුව” ලෙස සදහන් කරමින් යුක්රේන ජනපති සෙලෙන්ස්කි විසින් පුටින්ගේ හිසට අං තබන ආකාරයක් නිරූපණය වන ඡායාරූපයක් උපහාසත්මක කෝණයකින්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived 

    මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check ( සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් Google Reverse Image Search සිදුකර මෙහි මුල් ඡායාරූප කවරක්දැයි සොයා බැලුවා.එහිදී අපට දැකගන්නට ලැබුණේ නැගෙනහිර යුක්‍රේනයේ පැවති අර්බුදකාරී තත්ත්වයට විසදුම් සෙවීම සදහා යුක්‍රේන, රුසියා,ප්‍රංශ සහ ජර්මානු නායකයන්ගේ සහභාගීත්වයෙන් 2019 වසරේදී ප්‍රංශයේ පැවති Normandy Four සමුලුවට පෙර ප්‍රංශ ජනපති මැදුර වන එලීසි මන්දිරයේදී ප්‍රංශ ජනපති මැක්‍රෝන් සමග පූටීන් සහ සෙලෙන්ස්කි වෙන වෙනම ගත් ඡායාරූප එක්කර සංස්කරණය කිරීමෙන් සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන ඡායාරූපය සකසා ඇති බවයි. 

    එම අවස්තාවේ දී ලබගත් ඡායාරූප දෙකක වෙන් වෙන්ව පහතින් දැක්වේ.

    Alamy | Archived 

    Alamy | Archived

    මේ හා සබැදි ඡායාරූප සංසන්දනය පහතින් .

    යුද්ධයේ පසුබිම 

    රුසියාව සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රාජ්‍යයක් වන  යුක්‍රේනය අතර පවතින්නේ දශක ගණනක් පවත්නාවූ අර්බුදකාරී තත්ත්වයක්.රුසියාව සලකන්නේ නැගෙනහිර යුක්‍රේනයේ රුසියන් බස කතා කරන ඇතැම් ප්‍රදේශ ඔවුන්ට අයත් බවයි.2014 වසරේදීද රුසියාව විසින් ආක්‍රමණයක් දියත් කළ අතර එහිදී එතෙක් යුක්‍රේනය සතුව පැවති ක්‍රිමියානු අර්ධද්වීපයේ බලය අත්පත් කර ගැනීමට රුසියාව සමත් වුණා.එමෙන්ම නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රියාත්මක රුසියාවට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම්ද තිබෙනවා.ඔවුන්ගේ අරමුණ වන්නේ යුක්‍රේනයෙන් වෙන්වී රුසියාවට එක්වීමයි.දිගු කලක  සිට මෙම සන්නද්ධ කණ්ඩායම්වලට අනුග්‍රහය ලබාදෙන්නේ රුසියාවයි.වර්තමාන යුක්‍රේන ජනාධිපතිවරයා සහ රජය බොහෝ දුරට ඇමෙරිකාවට සහ නේටෝ සංවිධානයට පක්ෂපාතී ස්ථාවරයකයි සිටින්නේ.රුසියානු ආක්‍රමණය ආරම්භ වන කාලය වන විට ඔවුන් නේටෝ සංවිධානයයේ සාමාජිකත්වය ලබාගැනීමටද උත්සාහයක් දරමිනුයි  සිටියේ.රුසියාව සැලකුවේ යුක්‍රේනය ඇමෙරිකාවට සහ නේටෝ සංවිධානයට සමීප වීම සිය ආරක්ෂාවට තර්ජනයක් ලෙසයි.රුසියානු ආක්‍රමණයේ අරමුණ වන්නේ රුසියානු හිතවාදී ආණ්ඩුවක් යුක්‍රේනය තුල ගොඩනැගීම සහ නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු හිතවාදී පළාත් වලට යුක්‍රේනයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍ය ලෙස නැගී සිටීමට අවකාශ ලබාදීම ආදියයි.මේ සම්බන්ධ විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived

    යුද්ධයේ වර්තමාන තත්ත්වය 

    රුසියානු හමුදා යුක්‍රේනයේ විවිධ නගර අයත් කර ගනිමින් ඉදිරියට ඇදෙන අතර මේ වන විට යුක්‍රේනයේ අගනුවර වන කීව් නගරයටද සමීප වෙමින් සිටිනවා.කීව් නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බවයි, වාර්තා වන්නේ. රුසියානු රජය මගින් යුක්‍රේන හමුදාවන්ට යටත් වෙන ලෙස පැවසුවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් දිගින් දිගටම සටන් කරමින් සිටිනවා.කෙසේ වෙතත්, යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසන්නේ තුන්වන ලෝක යුද්ධයක් දක්වා  මෙම තත්ත්වය වර්ධනය වීම වැළැක්වීමට තමන් පූටීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.පවතින තත්ත්වය පිළිබදවසොයා බැලීම සදහා ඇමෙරිකානු ජනපති බයිඩන්ද යුරෝපා සංචාරයක් සදහා සූදානමිනුයි සිටින්නේ .මේ පිළිබදව වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි විසින් රුසියානු ජනපති පූටින්ගේ හිසට අං තබන ආකාරයක් නිරූපණය වන ආකාරයට සකසා ඇති ඡායාරූපය ප්‍රංශ ජනපති මැක්‍රෝන් විසින් පුටින් හා සෙලෙස්න්කි දෙදෙනා සමග Normandy Four නම් සමුලුවේදී වෙන වෙනම ලබාගත් ඡායාරූප එක්කර උපහාසත්මක කෝණයකින් සංස්කරණය කර ඇති ඡායාරූපයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.