Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හමුදාපතිට ඥාණක්කා පැළඳූ අලුත් ගැජට් එකක් ද?

    2022-04-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල අනුරාධපුරයේ ඥාණා මෑණියන්, ඥානා අක්කා ලෙස හඳුන්වන කාන්තාව සමාජ මාධ්‍ය තුළ නිතර කතා බහට ලක් වනවා. ඒ ප්‍රභූ යැයි හැඳින්වෙන පිරිසක් එම දේවාලයට නිතර යන එන  බවට පවසමින්. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔ

    මේ දිනවල අනුරාධපුරයේ ඥාණා මෑණියන්, ඥානා අක්කා ලෙස හඳුන්වන කාන්තාව සමාජ මාධ්‍ය තුළ නිතර කතා බහට ලක් වනවා. ඒ ප්‍රභූ යැයි හැඳින්වෙන පිරිසක් එම දේවාලයට නිතර යන එන  බවට පවසමින්. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙම ඥානා මෑණියන් යැයි පැවසෙන කාන්තාව විසින් හමුදාපතිට පැළඳු පළදනාවක් යනුවෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වන ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘තරු පටි අතරේ ඥාණක්කා ගැසූ අලුත් ගැජට් එක. අහෝ හමුදාපති මේ කොයි යන්නේ’ යනුවෙන් සඳහන් කරමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපය ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

    එහි දැක්වුණේ, හමුදාපති හින්දු ආගමික වතාවන් වල යෙදෙන ආකාරයක්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සටහනේ සඳහන් වන පරිදි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපය දැක්වෙන්නේ අනුරාධපුර ඥානා මෑණියන් යයි හඳුන්වන කාන්තාව විසන් පළඳන ලද අවස්ථාවක ඡායාරූපයක් ද යන්න නිරීක්ෂණය කිරීමට අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී දැක ගැනීමට හැකි වූයේ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, 2021 වසරේ ඔක්තෝම්බර් 10 වන දාට යෙදී තිබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය සහ යුද හමුදා දිනය වෙනුවෙන් ආශිර්වාද පතා කොළඹ 6, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදී ඔක්තෝම්බර් 01 වන දා හින්දු සම්ප්‍රදායේ ‘අභිෂේකම්’ පූජාවක් පැවැත්වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

    එම ඡායාරූපය Getty Images ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    gettyImages | Archived Link Archived Link

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙබ් අඩවියේ ද දැක්වෙන අතර එහි සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්‍රවූ සහ පිළිගත් ආශීර්වාදයක් ලෙස සැලකෙන ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කර අතර එම පූජා උත්සවය, ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව, කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහිදි යුද්ධ හමුදා ධජයන්ට ආශීර්වාද කරන ලද බවයි. 

    යුද්ධ හමුදා හින්දු සංගමයේ ආරාධනයෙන් එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවට ආශිර්වාද පතා යුද්ධ හමුදා ධජය කෝවිල් මන්දිරය තුල තැන්පත් කිරීම සඳහා කෝවිලේ ප්‍රධාන පූජකතුමා වෙත පිළිගැන්වූ බවත් කෝවිලේ ප්‍රධාන කුරුක්කල් ගරු සිවසිරි උදය රාගවගේ ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත හින්දු පූජකවරුන් පිරිසක් විසින් හින්දු ආගමික පූජා වතාවත් සිදුකර 72 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාවට ආශීර්වාද එක් කර බවත් යුධ හමුදා දිනයට සමගාමීව සියලුම ආගම් නියෝජනය කරමින් සියලුම ආගමානුකූල චාරිත්‍ර ‍කළ බවත් පළ වූ එම වේබ ලිපිය මෙතනින්.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව නිල ෆේස්බුක් පිටුවේ ද, ඡායාරූප සහිතව පළ කර තිබුණේ මෙලෙසින්.

    අප මෙම ඡායාරූපයේ දැක්වෙන පරිදි ඇඟිලි වල රැඳි පළඳනවා සම්බන්ධයෙන් හින්දු ආගමික පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් අප විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එය ‘theppai’ යනුවෙන් හඳුන්වන  ආගමික චාරිත්‍ර සඳහා යොදා ගැනෙන පළඳනාවක් බවයි. 

    එම අවස්ථාවේ අනෙක් හමුදා නිලධාරීන් ද, අගාමනුකූල චාරිත්‍රයක් සඳහා ‘theppai’ යනුවෙන් හඳුන්වන චාරිත්‍රයට හමුදා නිලධාරීන්ගේ ඇඟිලිවන රැඳි එම පළඳනාව දැක්වෙන අයුරු.

    Facebook

    එම උත්සවයේම සෙසු නිලධාරීන්ගේ ඇඟිලි අතර එම පළඳනාව දක්නට ලැබුණු තවත් අවස්ථාවක් මෙතනින්.

    Facebook

    හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය Getty images සහ AFP පුවත් ඒජන්සිය වෙනුවෙන් එම ඡායාරූපය ලබා ගත් ඉෂාර කොඩිකාර විසින් සිය ෆේස්බුක් ගිණුමේ එම ඡායාරූපයේ පසුබිම් කතාව සමගින් දක්වා තිබුණේ, මෙලෙසින්.

    Facebook | Archived Link

    ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම අවස්ථාව කොළඹ 6, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදී මයුර කෝවිලේ ප්‍රධාන පූජකතුමා ඇතුළු කෝවිලේ ප්‍රධාන කුරුක්කල් ගරු සිවසිරි උදය රාගවගේ ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත හින්දු පූජකවරුන් පිරිසක් විසින් මෙහෙයවා ඇති පූජාවක් බවයි.

    සැ.යු : අප මෙම ලිපියෙන් කිසිදු අවස්ථාවක හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අනුරාධපුර ඥානා මෑණියන්ගෙන් ආශිර්වාද ලබා නොගන්නා බවක් හෝ ඇය හමුවට නොගිය බවක් සඳහන් නොකරන අතර ඉහත ඡායාරූපය සම්බන්ධ අවස්ථාව පිළබඳ පමණක් කරුණු පරීක්ෂාවක් සිදු කරන ලදී.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ ඥානා මෑණියන් යැයි හඳුන්වන අනුරාධපුරයේ දේවාලයක් පවත්වා ගෙන යන කාන්තාව විසින් හමුදාපතිට පැළඳූ පළදනාවක් නොව පසුගිය වසරේ 72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ‘අභිෂේකම්’ නමැති විශේෂ ආශිර්වාද පූජාවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කළ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවත් මෙහි දැක්වෙන්නේ හින්දු ආගමික චාරිත්‍රයක් වන ‘තෙප්පායි’ නමැති චාරිත්‍රය සඳහා ඇඟිලි අතර පළඳනාවක් පැළඳ ඇති ආකාරයක් දැක්වෙන අයුරියි. මෙම අවස්ථාවේදී මයුර කෝවිලේ ප්‍රධාන පූජකතුමා ඇතුළු කෝවිලේ ප්‍රධාන කුරුක්කල් ගරු සිවසිරි උදය රාගවගේ ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත හින්දු පූජකවරුන් පිරිසක් විසින් මෙහෙයවා තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.