Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඇදුම මැච් කරන් යුද්ධයට යන යුක්‍රේන සෙබලියක්ද  ?

    2022-03-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්‍රේන හමුදා සෙබලියන් ඉලක්ක කරගෙන   එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  ෆේස්බු

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්‍රේන හමුදා සෙබලියන් ඉලක්ක කරගෙන   එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් යුක්‍රේන සෙබලියකගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. 

    “ලෝකෙ පෙරලුනත් ගෑණු අය යන්නෙ ඇදුම මැච් කරන් “

    Facebook | Archived 

    ඒ සම්බන්ධයෙන් පළව තිබූ පරිශීලකයන් කිහිප දෙනෙකුගේ අදහස් පහතින් .

    මෙහි ඇතැම් අදහස් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ මෙම ඡායාරූපය වත්මන් රුසියා -යුක්‍රේන යුධමය වාතාවරණය හා සම්බන්ධ බවට ඇතැම් පරිශීලකයන් සිතන බවටයි.

    වේගයෙන් ව්‍යාප්ත වන සටහනක් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අපට හැකිවුණා .

    Also Read: යුධ පිටියේදී මියගිය යුක්‍රේන රූපයෙන් රාජිනියක්ද ?

    යුක්‍රේන උප ජනාධිපතිවරයාගේ බිරිදත් රුසියාවට එරෙහිව සටන් බිමට ??

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් කරන ලද ගවේෂණයේදී මෙහි මුල් ඡායාරූපය සොයා ගැනීමට අපට හැකිවුණා.ඒ Alamy ඡායාරූප ගොණුව තුළ තිබියදීයි. 

    Alamy |Archived 

    මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2021 අගෝස්තු මාසයේදීයි.එනම් වර්තමාන යුධ තත්ත්වය ඇතිවීමටමාස කිහිපයකට පෙරයි.එහි මෙහි දැක්වෙන්නේ යුක්‍රේන හමුදා සෙබලියෙක්ගේ රුවක් බවද පැහැදිලිව සදහන් .

    ඉන් අනතුරුව අප අවධානය යොමුකළේ මෙම සෙබලිය විසින් හිසේ පැළදගෙන සිටින කහ සහ නිල් පැහැයෙන් යුතු මල් පිළිබදවත් අපසොයා බැලුවා.

    එහිදී   අපට දැකගන්නට ලැබුණේ සෙබලියන් විසින් හිසේ පැළැද සිටින කහ පැහැති පුෂ්පය , යුක්‍රේනයේ ජාතික පුෂ්පය වන සූර්‍යකාන්ත මල සංකේතවත් කරන බවයි.එමෙන්ම ඒ හා සමග පැලැද සිටින නිල් පැහැති පුෂ්පය මගින් සංකේතවත් වන්නේ ඔවුන්ගේ ජාතික කොඩියේ පාට දෙකින් එකක් වන නිල් පාටයි.

    සූර්‍යකාන්ත මල මගින් බලාපොරොත්තුව සහ සතුට සංකේතවත් වනවා. මෙලෙස ජාතිකපුෂ්පය වන  සූර්‍යකාන්ත මල්  හිසේ පැළැදීම පිළිබදව යුක්‍රේන හමුදාවේ කාන්තා සෙබලියන් ප්‍රකටයි. ඒ පිළිබදව විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived.

    යුක්‍රේන හමුදා සෙබලියන් විසින් පොදු උත්සව ආදියට සහභාගීවීමේදීද  සූර්‍යකාන්ත මල් සහ නිල් පැහැති මල් හිසේ පැළැද සිටීම සාමාන්‍ය සිරිතක්.මේ ,ඒ  ආකාරයට 2015 වසරේ යුක්‍රේන නිදහස් දින උළෙලේ  පෙරහුරුවකට සම්බන්ධවූ යුක්‍රේන හමුදා සෙබලියන් විසින් සූර්‍යකාන්ත මල් හිස් පැළැද සිටීම නිරූපණය වන ඡායාරූපයක් පහතින්  .

    Getty Images| Archived

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ හිසෙහි සූර්‍යකාන්ත මලක් පැළැදි සෙබලිය සමාජ ජාලා සටහන්හි හැගවීමට උත්සාහ දරා ඇති ආකාරයට  රුසියාවට එරෙහි  යුද්ධයට නොයන අතර මෙය 2021 අගෝස්තුවේදී ගන්නා ලද ඡායාරූපයක්.යුක්‍රේනයේ ජාතික පුෂ්පය වන සූර්‍යකාන්ත මල හිසෙහි පැළැදීම යුක්‍රේන සෙබලියන්ගේ අතර  ප්‍රකට සිරිතක් වන  අතර එය ආගන්තුක දෙයක් නොවේ.

    Also Read: Scenes From A Documentary Film Viral As Ukrainian Soldiers Departing To Fight Russia’s Invasion

    Russia-Ukraine War | Old Image Of A Ukrainian Soldier Goes Viral As Wife Of Ukrainian Vice President On The Frontlines…

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.