Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: ලංකාවේ මහා දහවල් සිදුවූ මංකොල්ලකෑමක් ද?

    2021-03-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධාකාරයේ අර්ථකථනයන් සහිතව වීඩියෝ විටින්විට හුවමාරු වෙනවා. මේ ආකාරයට පසුගිය දින බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබූ වීඩියෝවක පෙන්වා දී තිබුණේ මෝටර් බයිසිකලයකින් පැමිණි යුවලක්,  මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා බිය ගන්

    සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධාකාරයේ අර්ථකථනයන් සහිතව වීඩියෝ විටින්විට හුවමාරු වෙනවා. මේ ආකාරයට පසුගිය දින බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබූ වීඩියෝවක පෙන්වා දී තිබුණේ මෝටර් බයිසිකලයකින් පැමිණි යුවලක්,  මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් ඇයගේ මුදල් පසුම්බියක් සොරා ගන්නා සිද්ධියක්. 

    එම සංවේදී දර්ශන සහිත වීඩියෝව ලංකාවේ සිදුවීමක් බව පෙන්වීමට උත්සාහ ගෙන තිබුණද Factcrescendo අපගේ කරුණු විමර්ශනයේදී පැහැදලි වුනේ මෙය මෙරට සිදුවීමක් නොව මීට මසකට පමණ පෙර බ්‍රසීලයේ දී වාර්තා වූ සිද්ධියක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “දැන් නං ලංකාවේ තියෙන…. බරපතලයි වගේ” යන වදන් පෙළ ඇතුලත් කර තිබු වීඩියෝවක යතුරුපැදියකින් පැමිණි යුවලක, පසුපස ආසනයේ සිටි කාන්තාව පිස්තෝලයක් ගෙන මහමග ගමන් ගන්නිමින් සිටි කාන්තාවකට තර්ජනය කොට, ඇයගේ මුදල් පසුම්බිය පැහැරගෙන යන ආකාරයක්, අසල තිබු CCTV කැමරාවක හසු වී තිබු අයුරු පෙන්නම් කරමින් හුවමාරු වූ වීඩියෝවක් පහතින්.

    Facebook | Archived | Archived Video

    එම විදියෝවම හුවමරු කරගෙන තිබු තවත් අවස්ථාවක් මෙතනින්.

    එම වීඩියෝ දෙකෙන් ම පෙන්වා දී තිබුනේ ඉහත සිදුවීම ලංකාවේ සිදුවීමක් බවත් ලංකාවේ මෙවැනි මංකොල්ලකෑම් මහ දවල් සිදුවන බැවින් මෙරට තිබෙන තත්වය ඉතා බරපතල බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව සොයා බැලීමට අප එම වීඩියෝවේ දර්ශන Reverse Image සෙවුමක් සඳහා යොමු කල අතර එහිදී එම අවස්තාව බ්‍රසීලයේ Manaus ප්‍රදේශයේ පසුගිය පෙබරවාරි මස 19 වනදා දහවල් 1.15 පමණ සිදුවූ සොරකමක් ලෙස වාර්තා කර තිබුණි. 

    මහ දවල් මෙසේ මෝටර් බයිසිකලයකින් පැමිණ, වෙනත් කාන්තාවක් විසින් තුවක්කුවක් පෙන්වා තර්ජනය කිරීමෙන් අනපේක්ෂිත ලෙස සොරා කෑමට ලක්වූ අසරණ කාන්තාව සිද්ධියෙන් පසුව තුෂ්නිම්භූතව කර කියා ගත කිසිවක් නොමැතිව බලා සිටිනු CCTV කැමරාවේ පැහැදිලිව සටහන් වී තිබුණා.

    මේ මංකොල්ලකෑම සිදුකල පුද්ගලයින් පිළිබඳව තොරතුරක් දන්නේ නම් පොලිසියට විස්තර ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කා තිබුණි. එම සම්පුර්ණ වාර්තාව පහතින්.

    Portadozcarias | Archived

    එම සිද්ධියේ පැහැදිලි වීඩියෝ දර්ශන සහිත වීඩියෝවක් පහතින්. (සංවේදී දර්ශන සහිතයි)

    https://youtu.be/woWc_EtRtTU

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකාවේ සිදුවූ සොරකමක් ලෙස හුවමාරු වන්නේ බ්‍රසීලයේ මීට මාසයකට පමණ පෙර, පෙබරවාරි මස 19 වැනිදා, මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදුවූ දුක්බර සිද්ධියක් බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ලංකාවේ මහා දහවල් සිදුවූ සොරකමක වීඩියෝවක් ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.