දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ප්රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනියන්ගේ අභාවය සහ දේශපාලනඥ නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ කරමින්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්රියාකාරිනියක වන මීනූ ගුණසිංහ විසින් සිදුකළ බවට හැඟවෙන ප්රකාශයක් සහිත ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්ය හරහා සංසරණය වනවා.
නමුත් අප විසින් සිදුකළ කරුණු විමර්ශනයකදී තහවුරු වූයේ මෙම පෝස්ටුව සම්පූර්ණයෙන්ම සාවද්ය සහ ජනතාව නොමඟ යැවීම සඳහා සකස් කරන ලද ව්යාජ සටහනක් බවයි.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“නන්දා මාලනී රටට කරපු දෙයක් නෑ. නාමල් සර් වුනත් මලගෙදර යන එකක් නෑ” යනුවෙන් මීනූ ගුණසිංහ සඳහන් කළ බවට මෙමම සටහන් වලින් දක්වා තිබුණා.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මීනූ ගුණසිංහ යනු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන කටයුතුවල නිරත වන ප්රමුඛ පෙළේ තරුණ ක්රියාකාරිනියකි. ඇය පක්ෂයේ ප්රවෘත්ති සාකච්ඡා සහ විවිධ මාධ්ය හමු අමතමින් වත්මන් දේශපාලන තත්ත්වයන් මෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන වෙනුවෙන් සක්රීයව අදහස් දක්වන තැනැත්තියක් බව දැක ගන්නට ලැබෛනවා.
කෙසේ වෙතත් නන්දා මාලිනියගේ අභාවය සම්බන්ධයෙන් මාධ්ය වෙත ඇය විසින් මෙවැනි ප්රකාශයක් සිදු කර ඇත්ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළා. නමුත් ඇය විසින් එලෙසින් ප්රකාශයක් කළ බව කිසිදු මාධ්ය වාර්තාවක හෝ ඇය එවැනි ප්රකාශයක් කළ බවට වීඩියෝවක් හෝ දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
එමෙන් ම මාලිනියගේ අභාවය සහ නාමල් රාජපක්ෂ සම්බන්ධ කර ගනිමින් ඇය විසින් සිදු කරන ප්රකාශයක් IRI News ෆේස්බුක් පිටුවේ පළ වී ඇත් ද, යන්න පරීක්ෂා කළ ත්, එවැනි සටහනක් පළ කර ඇති බව දැක ගන්නට නොලැබේ.
මීනූ ගුණසිංහ
අප මේ පිළිබඳ විමසා බැලීමට මීනූ ගුණසිංහ සම්බන්ධ කර ගත් අතර ඇය සඳහන් කළේ, තමන් විසින් එවැනි ප්රකාශයක් සිදු කර නොමැති බව ත්, නන්දා මාලිනි යනු තමන් ඉතාමත් ප්රියකරන ගෞරව කරන චරිතයක් බවයි. තමන් කිසිදු අයුරකින් එවැනි ප්රකාශයක් සිදු කර නොමැති බව ත්, මෙය තමන්ට විරුද්ධව සිදු කළ වෛරීකතනයක් බව ඇය තවදුරටත් තහවුරු කළා.
ඇය නන්දා මාලිනියගේ අභාවය පිළිබඳව ද, සිය ශෝකය පළ කර ඇති බව ද, දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
තව ද, ඇය විසින් සිය ෆේස්බුක් පිටුවේ ද, තමන් විසින් සිදු නොකළ ප්රකාශයක් පළ කිරීම සම්බන්ධයෙන් ද, ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.
එමෙන් ම IRI News ෆේස්බුක් පිටුවෙන් ද, ඉහත සටහනට ප්රතිචාර දක්වමින් පවසා තිබුණේ, තම පිටුව විසින් එම සටහන පළ කර නොමැති බවයි.

මුල් ඡායාරූපයේ පසුබිම
ඉහත ඡායාරූපය ලබාගෙන ඇත්තේ ඇය විසින් සිදු කරන ලද සැබෑ ප්රකාශයක් පිළිබඳ එම ෆේස්බුක් පිටුව විසින් වාර්තා කළ සටහනකින් බව නිරීක්ෂණය වූ අතර, එම සටහින්න ඇය කළ ප්රකාශයක් ලෙස සඳහන් කර තිබුණේ “නාමල්ව හිරේ දාන දවස මාලිමා ආණ්ඩුවේ දේශපාලන ගමනේ අවසන් දවස වෙනවා” යන අදහසයි. Facebook | Archived Link
ඒ අනුව නන්දා මාලිනිය සම්බන්ධ කර ගනිමින් පළ වූ සටහන මෙම සටහන භාවිතයෙන් ව්යාජ ලෙස සංස්කරණය කර ඇති බව තවදුරටත් තහවුරු වේ.
සත්ය සහ ව්යාජ සටහන් වල සංසන්දනය පහතින්.

නන්දා මාලිනියන්ගේ අභාවය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සිය නිල සමාජ මාධ්ය ගිණුම් ඔස්සේ විශේෂ ශෝක ප්රකාශයක් නිකුත් කරමින් ඇයගේ අසිරිමත් කලා මෙහෙවර අගය කර තිබුණි. (X / Facebook)
නාමල් රාජපක්ෂ මහතා , නන්දා මාලිනියගේ අවමංගල්ය කටයුතු සඳහා සහභාගී වූ අවස්ථාවේ රූප රාමු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
“නන්දා මාලනී රටට කරපු දෙයක් නෑ. නාමල් සර් වුනත් මලගෙදර යන එකක් නෑ” යනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්රියාකාරිනියක වන මීනූ ගුණසිංහ විසින් මාධ්ය හමුවකදී ප්රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වන සටහන ව්යාජ සටහනක් වේ. එවැනි ප්රකාශයක් ඇය විසින් සිදු නොකර ඇති අතර, මෙම සමාජ මාධ්ය සටහන වෙනත් මාධ්ය හමුවක කළ ප්රකාශයක් සංස්කරණය කරමින් දේශපාලනික වාසි තකා ව්යාජ ලෙස නිර්මාණය කරන ලද්දකි.



