Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජුලි 09 අරගලයට පැමිණි දුම්රියක මගීන්ට නොමිලයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ගුරුවරිය ?

    2022-07-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය 09 වන දා , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට බල කරමින් නන් දෙසින් පුරවැසියන් කොළඹට එක් රැස් වුණා. මෙහිදී කොළඹට පැමිණීම සඳහා පිටත් වන දුම්රියක සියලුම ජනතාව සඳහා ප්‍රවේශ පත්‍ර තමන්ගේ වියදමින් මිලදී ගෙන නොමිලයේ ලබා දුන් ග

    පසුගිය 09 වන දා , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට බල කරමින් නන් දෙසින් පුරවැසියන් කොළඹට එක් රැස් වුණා. මෙහිදී කොළඹට පැමිණීම සඳහා පිටත් වන දුම්රියක සියලුම ජනතාව සඳහා ප්‍රවේශ පත්‍ර තමන්ගේ වියදමින් මිලදී ගෙන නොමිලයේ ලබා දුන් ගුරුවරියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මේ ටීචර්… තමා මුලු කොච්චියටම ටිකට් අරන් දුන්නේ… 

    කොළඹට එන ට්‍රේන් එකෙ ඔක්කොටම රුපියල් එක්ලක්ෂ ගානක් දීලා ටිකට් ගත්ත ටීච..” යනුවෙන් සඳහන් කරමින් යූටියුබ් ඔස්සේ ජනප්‍රියතාවට පත් මෙරට ඉංග්‍රීසි ගුරුවරියකගේ ඡායාරූපයක් ද දක්වමින් සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය කර තිබුණේ මේ අයුරින්.

    එසේම මෙසේ ටිකක් ගෙන තිබුනේ නුවර සිට කොළඹ දක්වා පැමිණෙන දුම්රියට බවට ද දක්වන සටහන් හුවමාරු වී තිබුණා.

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    පසුගිය ජූලි 09 වන දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින්, දුම්රිය ස්ථානවලට පැමිණි මහ ජනතාව, දුම්රිය ධාවනය කරන ලෙස ස්ථානාධිපතිවරුන්ගෙන් ඉල්ලීම් කරමින් එම ඉල්ලීම් දිනා ගනු ලැබූ අවස්ථාවන් අපට එදින දැක ගන්නට ලැබුණා. එම අවස්ථාවල වීඩියෝ දසුන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    මෙවන් පසුබිමකයි අනුරාධපුර දුම්රිය ස්ථානයේදී දුම්රිය ධාවනය කරවීම සඳහා තම හඬ අවදිකළ, කුඩා පාසල් ළමුන් සඳහා ඉංග්‍රීසි භාෂාව උගන්වන, යූටියුබ් ඔස්සේ ද ජනප්‍රිය වූ ගුරුවරියක් වන ‘Aya Ma – ඇය මා’ යූටියුබ් නාලිකාව මෙන්ම ‘ඇය මා’ ෆේස්බුක් පිටුවේ, හිමිකාරිය වූ ගීතානි ශ්‍යාමලී හේරත් මහත්මිය විසින් අනුරාධපුරින් ජුලි 09 උදෑසන ධාවනය වූ දුම්රියේ සියලුම මගීන්  සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත් බවට සටහන් සංසරණය වුණේ.

    ගීතානි ශ්‍යාමලී හේරත් ගුරුවරිය

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ අප ගීතානි ශ්‍යාමලී හේරත් ගුරුවරියගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, තමන් එම අවස්ථාවේ දුම්රිය ධාවනය කරවීම සඳහා මූලිකත්වය ගෙන අදාළ ආයතන වලින් ඉල්ලීම් කළ බව සත්‍ය නමුත්, දුම්රියේ සියලු දෙනාට දුම්රි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමක් සිදු නොකළ බවයි.

    මහනුවර ව්‍යාපාරිකයෙක් විසින් එදින කොළඹ බලා පිටත් වීමට රැස් වී සිටි මඟින් සියලු දෙනාට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන නොමිලේ ලබා දී තිබු බවට සටහන් පැතිර ගිය අතර, එම සිදුවීම ඔස්සේ නොමිලේ දුම්රිය ටිකට් ලබාදීමට තමා කටයුතු කල බවට බොහෝ පිරිසක් වරදවා වටහා ගෙන ඇති බවයි ඇය වැඩි දුරටත් පවසා සිටියේ.

    එමෙන්ම මේ පිළිබඳ ශ්‍යාමලී හේරත් විසින් ඇයගේ යූටියුබ් නාලිකාව ඔස්සේ කළ දීර්ඝ පැහැදිලි කිරීමක් පහතින්.

    අනුරාධපුර සහ නුවර දුම්රිය ස්ථානාධිපතිවරු

    අප මේ පිළිබඳව අනුරාධපුර දුම්රි ස්ථානාධිපතිවරයාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එලෙස තනි පුද්ගලයෙක් විසින් දුම්රි ප්‍රවේශ පත්‍ර ලබා නොගත් බවයි.

    එමෙන්ම එදින නුවර සිට ධාවනය වූ දුම්රියේ මගීන් සඳහා එක් පුද්ගලයෙකු ප්‍රවේශපත්‍ර මිලදී ගෙන නොමිලේ ලබා දුන්නාද යන්න පිළිබඳව ද, අප නුවර දුම්රි ස්ථානාධිපතිවරයාගෙන් ද විමසා සිටියා.

    ඔහු සඳහන් කළේ, එදින ආසන කලින් ගෙවා වෙන් කිරීමක් හෝ එක් පුද්ගලයෙකු විසින්, එහි මගීන් සඳහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී නොගත් බවයි.

    බොහෝ පිරිසක් එදින ගමන් කළේ, ප්‍රවේශ පත්‍ර ලබා නොගෙන බවත්, ඒ පිළිබඳ සෙවීමක් සිදු නොකළ බවත් එලෙස තනි පුද්ගලයෙකු විසින් මිලදී ගැනීමක් සිදුකළා නම් ඒ පිළිබඳ තමා දැනුවත් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    කෙසේනමුත් මේ පිළිබඳව අප එදින ගමන් ගත් මගීන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටි අතර ඔවුන් පවසා සිටින්නේ, එක් ව්‍යාපාරිකයෙකු විසින් එදින ගමන් ගත් මගීන්ට ප්‍රවේශ පත්‍ර නොමිලේ ලබා දුන් බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | Tok-Tok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘Aya Ma – ඇය මා’ යූටියුබ් නාලිකාවේ ගුරුවරිය වූ ගීතානි ශ්‍යාමලී හේරත් මහත්මිය පසුගිය 09 වන දා ගෝල්ෆේස් අරගල භූමියට පැමිණීම සඳහා අනුරාධපුරින් පිටත් වූ දුම්රියේ මගීන් සියලු දෙනාට ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන නොමිලේ ලබා දුන් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි. තමන් එලෙස දුම්රි ප්‍රවේශ පත්‍ර සියලු දෙනා සඳහා මිලදී නොගත් බවත් එය අසත්‍ය පුවතක් බවයි ඇය පැවසුවේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.