Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කදු මුදුනකදී ප්‍රපාතයකට යාබදව ඉතා පටු මගක වාහනයක් හරවන රියදුරෙක් ?

    2022-01-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් සත්‍ය සිදුවීම පවා, සම්පුර්ණ වටාපිටාවේ තොරතුරු ඇතුළත් නොකරමින් පළකිරීම හේතුවෙන්, බොහෝ අවස්ථාවලදී සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යන අවස්ථා අපට ඇතැම්විට දැකගන්නට ලැබෙනවා. මේ එවැනි නොමග යවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ

    ඇතැම් සත්‍ය සිදුවීම පවා, සම්පුර්ණ වටාපිටාවේ තොරතුරු ඇතුළත් නොකරමින් පළකිරීම හේතුවෙන්, බොහෝ අවස්ථාවලදී සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යන අවස්ථා අපට ඇතැම්විට දැකගන්නට ලැබෙනවා. මේ එවැනි නොමග යවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් පළකර තිබු පහත වීඩියෝව මඟින් හඟවා තිබුනේ පර්වතයක් කෙලවරට යාබද ඉතා කුඩා මාර්ගයක් හරහා වාහනයක් ඉතා සුක්ෂම ලෙසට ආපසු හරවන ආකාරයකි.

    Facebook

    මෙම වීඩියෝව සදහා එක්කර තිබුණු ෆේස්බුක් පරිශීලකයන්ගේ අදහස් කිහිපයකි මේ .

    මේ ආකාරයේ අවදානමක් ගන්නේ කිමද යන්න මෙහි දක්වා තිබු ප්‍රතිචාර රැසකින්ම විමසා තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා. එසේම තවත් සමහරුන් විසින් මෙය සත්‍ය සිදුවීමක් නොවන බවත් පරිඝනක ක්‍රීඩාවක කොටසක් බවත් පවසා තිබුනා.

    මේ හේතුවෙන් ම මෙය සත්‍ය සිදුවීමක් ද සහ සැබෑ වශයෙන්ම මේ ආකාරයේ අවදානම් සහගත බෑවුම් මාර්ගයක සිදුවීමක් ද යන්න පරීක්ෂා කිරීමට  අප තීරණය කළා .

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මේ පිළිබදව සිදු කළ ගවේෂණයේදී මෙහි මුල් වීඩියෝව සහ ඒ හා සබැදි විස්තර සොයා ගැනීමට අපට හැකිවුණා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ නිශ්චල රූප රාමු Reverse Image සෙවුමක් ඔස්සේ පරීක්ෂා කිරීමේ දී අපට තහවුරු වූයේ DrivingSkill නම් යූටියුබ් නාලිකාවක් මගින් මෙහි මුල් වීඩියෝව 2021 දෙසැම්බර් මසදී අන්තර්ජාලයට එක්කර ඇති බවයි. පහතින් දැක්වෙන එම වීඩියෝවේ පවසා තිබුනේ විශේෂඥ රියදුරෙක් ඉතා පටු මාර්ගයක U-හැරීමේ කුසලතා විදහා දක්වන ආකාරයක් බවයි. 

    https://youtu.be/lsFZwxW6_JQ

    කෙසේනමුත් එම වීඩියෝවේ එම මාර්ගය අවදානම් සහගත බෑවුම් මාර්ගයක් බව දක්වා තිබුනේ නැති වුවද මෙම මුල් වීඩියෝව ලබාගෙන ඇති කෝණය අනුව හැඟවෙන්නේ මෙම මෝටර් රථය ප්‍රපාතයක් අසළ පටු මාර්ගයක ධාවනය කරන බවත් ප්‍රපාතයට වැටීමේ අවධානම තිබියදීත් මෝටර් රථය හරවන ආකාරයකි.

    මේ පිලිබඳ තොරතුරු අප තවදුරටත් සොයා බැලීමේදී දැක ගන්නට ලැබුනේ ඉහත යූ ටියුබ් නාලිකාව මගින්ම මෙම සිදුවීම පිළිබඳව වෙනත් කැමරා කෝණයකින් ලබාගත් දර්ශන අන්තර්ජාලයට තිබු ආකාරයක්. එම වීඩියෝව පහතින්. 

    https://youtu.be/2EPoSuMg2X4

    ඒ අනුව අපට පෙනී ගියේ මෝටර් රථය හරවන පටු මාර්ගයට යාබදව තරමක් පහළින් තවත් මාර්ගයක් බවතින බවයි. එනම් යම්කිසි ආකාරයකින් මෝටර් රථය ලිස්සා යාමෙන් ඇතැම් පාඨකයින් අනුමාන කර තිබු පරිදි විශාල ප්‍රපාතයට නොවැටෙන අතර පහතින් ඇති මාර්ගයට මෝටර් රථය පෙරළීමේ අවදානමක් පැවතුණි.

    සමාජ මාධ්‍ය මගින් වේගයෙන් ව්‍යාප්ත වන වීඩියෝව සහ මෙම සත්‍ය සිදුවීම වෙනත් කෝණයකින් ලබාගත් වීඩියෝව අතර සංසන්දනයක් පහතින් .

    මේ සම්බන්ධව වෙනත් ආයතනයක්  විසින් සිදුකළ කරුණු විමසා බැලීමක් මෙතනින්. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-01-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.