Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : ඉක්මන් සුව පතා පල කර ඇති මෙම ඡායාරූපයේ පෙන්වන දැරිය මීට වසර 3කට ඉහතදී මෙලොවින් සමුගත්තා!

    2020-11-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විවිධ ලෙඩ රෝග තත්වයන් සුව කර ගැනීම සඳහා මුදල් අපේක්ශාවෙන් රෝගීන්ගේ විස්තර සමාජ ජාලා වල හුවමාරු වනු අපට දැකිය හැකියි. එමෙන්ම ඇතැම් අය තමන්ට වැලඳී ඇති ලෙඩ රෝග සුව කර ගැනීමට ආශිර්වාද අපේක්ශාවෙන්ද ඒවා පිලිබඳ ඡායාරූප සටහන් සමාජ ජාලා වලට එකතු කරන බව අපට දැකගන්න

    විවිධ ලෙඩ රෝග තත්වයන් සුව කර ගැනීම සඳහා මුදල් අපේක්ශාවෙන් රෝගීන්ගේ විස්තර සමාජ ජාලා වල හුවමාරු වනු අපට දැකිය හැකියි. එමෙන්ම ඇතැම් අය තමන්ට වැලඳී ඇති ලෙඩ රෝග සුව කර ගැනීමට ආශිර්වාද අපේක්ශාවෙන්ද ඒවා පිලිබඳ ඡායාරූප සටහන් සමාජ ජාලා වලට එකතු කරන බව අපට දැකගන්නට පුළුවන්.

    සමාජ මාධ්‍ය සටහන්:

    රෝගී තත්වයක් සුව වීමට ආශිර්වාද ඉල්ලා පලකළ ඡායාරූප සටහනක් “ෆිලා_official” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් එකතු කර තිබුනා.”බුදු සරනයි පැටියෝ ඉක්මන් සුව ලැබේවා” ලෙස සටහන් කරමින් ඉතා විශාල හිසක් සහිත බිලි‍ඳෙකුගේ ඡායාරූපයක් මෙම සටහනට එකතු කර තිබුනේ පහත අයුරින්.

    FacebookArchived Link

    මෙම සටහන බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුනු අතර මෙම ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් එම දරුවාට ඉක්මන් සුව ප්‍රර්ථනා කර තිබුණා.මෙම කරුණ සම්බන්ධව නිවැරදි විස්තර සොයා බැලිමට අප කටයුතු කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම ඡායාරූපය ගූගල් සෙවුමක් වෙත ඉදිරිපත් කලා.එහිදී මෙම ඡායාරූපයේ සිටින්නේ රූනා බේගම් නමැති දැරිය, රහ්මාන් සහ ෆාතිමා යන අයට දාව ඉන්දියාවේ ත්‍රිපුරා ප්‍රදේශයේ උපත ලබා තිබු දැරියක් බව අපට දැකගනන්ට ලැබුණා.

    මොලය ආශ්‍රිත hydrocephalus නම් රෝගී තත්වයක් හේතුවෙන්  හිස කොටස මේ ආකාරයට අසාමාන්‍ය ලෙස විශාල වීම හේතුකොට මෙම දැරියගේ අවාසනාවන්ත තත්වය පිලිබඳ පුවත් අන්තර්ජාතික මාධ්‍ය හරහා ද බොහෝ සෙයින් ප්‍රචාරය කෙරිණි.

    2013 වසරේ මෙම පුවත වාර්තා කර තිබුනේ පහත අයුරින්, ඉහත සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරුපය ද සහිතවයි.

    IbtimesArchived Link

    එම අවධියේදී රූනා බේගම් දැරිය වෙනුවෙන් මුදල් ආධාර ලැබුනු අතර ඒ වෙනුවෙන් බොහෝ ප්‍රචාරද දියත් ව තිබුනා. Truly යූටූබ් නාලිකාව ඒ වෙනුවෙන් ප්‍රචාරය කල වීඩියෝ පටයක් මෙතනින්

    කෙසේ නමුත් 2017 වසරේ ජූනි මාසයේදි මෙම කුඩා දැරිය ජීවිතක්ශයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුනා.ඒ වන විට බොහෝ ශල්‍යකර්ම ප්‍රමාණයකට මෙම දැරිය ලක්ව සිට තිබු අතර තවත් ශල්‍යකර්මයක් සිදුකිරීමට දින කිහිපයක් තිබියදී මෙසේ අවාසනාවන්ත ලෙස රූනා බේගම් දැරිය මෙලොවින් සමුගන්නවා. 

    එම අවධියේදී ඇයගේ අසාමාන්‍ය රෝගී තත්වය ඇතුළු මෙලොවින් සමුගත් පුවතද බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුනා.

    DailyMailArchived Link
    OutlookIndiaArchived Link

    සැත්කම් පහක් පමණ සිදු කිරීමෙන් පසුව මෙම කුඩා දැරියගේ තත්වය බරපතල වී ඇති අතර මෙම දරුවා මිය යන විට අවුරුදු පහක දියණියක්. මෙවැනි අසාමාන්‍ය තත්වයක් යටතේ උපත් ඉතා කලාතුරකින් සිදුවන බවත් වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.

    මෙම දරුවාගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාත්මක වාර්තා වැඩසටහනක් කිරීමටද කටයුතු කර තිබුනු අතර එය මෑතකදී එලි දක්වා තිබුනා. නිල ට්‍රේලරය පහතින්

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බලන කල ‍ෆිලා නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් හුවමාරු කරගෙන තිබු ඡායාරූපයේ පෙන්වන රූනා බේගම නමැති ඉන්දියාවේ ත්‍රිපුරා ප්‍රදේශයේ කුඩා දැරිය 2017 වසරේදී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. ඒබැවින් එම කුඩා දියණියට ඉක්මන් සුව බලාපොරොත්තුවෙන් බලාපොරොත්තුවෙන් පළවන්නේ නොමඟ යවන සුළු අසත්‍ය සටහනක් පෙළකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.