දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉන්දියානු රංගන ශිල්පී වෛජයන්තිමාලා විසින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ වීඩියෝවක් පළ වූ අතර මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
98 වියේ පසුවන ඉන්දියානු රංගන ශිල්පී වෛජයන්තිමාලා විසින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් ලෙසට දක්වමින් WhatsApp ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.
එම වීඩියෝව පහතින්
මෙහි නිරවද්යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත වීඩියෝව 91 වන වියේ පසුවන ඉන්දීය ජ්යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වන වෛජයන්තිමාලා විසින් ‘Badan Pe Sitare Lapete Huye’ නමැති තමන් විසින් 1969 වසරේ රංගනයෙන් දායක වූ Prince හින්දි චිත්රපටයේ ෂම්මි කපූර් සමගින් ගීතයට නර්තනය යෙදෙන අයුරු ලෙස දක්වා තිබුණා.
මේ හේතුවෙන් මෙහි නිරවද්යතාව සොයා බැලීම සඳහා අප සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ එම වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඒ අනුව දැක ගන්නට ලැබුණේ, 2022 වසරේ ඉන්දීය ප්රධාන පුවත් මාධ්ය ධාරාවක් වන NDTV විසින් නර්තනයේ යෙදෙන එවකට 93 හැවිරිදි වියේ පසු වූ මෙම වයෝවෘද්ද කාන්තාව සම්බන්ධයෙන් ලිපියක් පළ කර තිබුණු අතර එහි මෙම වීඩියෝවේ සිටින්නේ, රංගන ශිල්පිනි වෛජයන්තිමාලා බවට සඳහන් කර නොතිබුණි.
එම වාර්තාවට අනුව, නරේන්ද්ර සිං නම් පුද්ගලයෙක් විසින් සිය X ගිණුමේ ඔහුගේ මිත්තණිය විසින් නර්තනයේ යෙදන අයුරු බවට දක්වා තිබුණා.
93 साल की उम्र में दादी पर चढ़ा शम्मी कपूर का जादू…
— Narendra Singh (@NarendraNeer007) December 5, 2022
बदन पे सितारे लपेटे हुये गाने पर जमकर थिरक रही दादी…#Viral #Dance #ShammiKapoor pic.twitter.com/HCLW9cTahU
වෛජයන්තිමාලා සිය 90 වන වියේදී නර්තනය යෙදුන අවස්ථා පහතින්.
View this post on Instagram
View this post on InstagramA post shared by Vijayalakshmi | Mohiniyattam Dancer (@vijayalakshmi_tmi)
කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්ය ඔස්සේ නර්තනය යෙදෙන වයෝවෘද්ද කාන්තාවගේ අනන්යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූවත්, ඇය ඉන්දීය ප්රවීණ රංගන ශිල්පිනියක් වන වෛජයන්තිමාලා නොවන බවට සඳහන් කළ හැක.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 98 වියේ පසුවන ඉන්දියානු රංගන ශිල්පී වෛජයන්තිමාලා විසින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් ලෙසට දක්වමින් WhatsApp ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ, වෛජයන්තිමාලා නොව වෙනත් කාන්තාවකි.



