Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ සංචාරක ආකාර්ශනය දිනාගත් ස්ථානයක් නොවේ!

    2024-12-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ඇති ස්වභාවික පිහිටීමේ ඇති සුන්දරත්වය නිසා බොහෝ ලෙසින් සංචාරක ආකර්ශනය හිමි වී තිබෙනවා. මේ ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීම නිසා මෙරටට හුරු බව ක් ඇති වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථානයන් ද,

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ලංකාවේ ඇති ස්වභාවික පිහිටීමේ ඇති සුන්දරත්වය නිසා බොහෝ ලෙසින් සංචාරක ආකර්ශනය හිමි වී තිබෙනවා. මේ ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීම නිසා මෙරටට හුරු බව ක් ඇති වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථානයන් ද, ශ්‍රී ලංකාව ලෙස නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    මෙරට ස්ථානයක වීඩියෝවක් ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook

    YouTube ඔස්දෙ, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ස්ථානයක් බවට වීඩියෝ පළ වී තිබුණේ මෙලෙසින්.

    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක් ද, යන්න බොහෝ දෙනා විමසිලිමත් වී තිබූ අතර මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝවේ ශ්‍රී ලංකාවේ බවට බොහෝ දෙනෙකු හඳුන්වා දී තිබුණත්, ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ද, යන්න දක්වා නොතිබුණි.

    ඒ හේතුවෙන් අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ලංකාවේ ස්ථානයක් නොව, ඉන්දුනීසියාවේ බාලි දුපත්වල පිහිටි LAHANGAN SWEET නමැති ස්ථානයක් බව දක්නට ලැබුණා.

    View this post on Instagram

    A post shared by Tropical Family 📍 Bali 🌴 (@tropicalfamily_ua)

    බාලි දුපත්වල ජිවත් වන විදේශීය යුවලකගේ Instagram ගිණුමේ , නැරඹුම් වාර මිලියන දෙකකටත් වැඩි ප්‍රමාණයක් සහිත ඉහත වීඩියෝව මෙන්ම, එම ස්ථානයේ සිය කුඩා බිලිඳා සමග සිටිමින් ලබාගත් තවත් වීඩියෝවක් ද පළකර තිබුනේ මෙලෙසින්.

    මොවුන් වීඩියෝ සහ ඡායාරුප සියල්ල බාලි හි ලබාගත් බව දක්වා තිබෙන අතර, මේ ආකාරයේම වෙනත් උස ගසක් මත සකසා තිබු දර්ශනීය ස්ථානයක දී ලබාගෙන තිබු වීඩියෝවක් මෙතනින්.

    Lahangan Sweet යනු බාලි හි නවතම ආකර්ශනීය ස්ථානයක් ලෙසින් සංචාරකයින් අතර ප්‍රසිද්ධියට පත් ස්ථානයක් බව දක්නට ලැබුණා. 

    lahangansweet

    මෙම ආකර්ශනීය ස්ථානයේ මනරම් අයුරින් පසුබිමින් දිස්වන්නේ අගුන්ග් කන්දයි (Mount Agung) 

    LAHANGAN SWEET බාලි පළාතේ Karasem Regency හි Abang දිස්ත්‍රික්කයේ Bunutan ගම්මානයේ GulintenVillage හි පිහිටා තිබේ.

    මෙම ස්ථානය Google Map ඔස්සේ දක්නට ලැබුණේ මෙලෙසින්.

    මෙහි මෙලෙසින් ඡායාරූප ගැනීමට ස්ථාන 7 ක් ඇති අතර අවන්හලක් ද ඇතුළු කාමර 5 ක් ඇති බවට LAHANGAN SWEET හි වෙබ් අඩවියක් පෙන්වා දෙනවා.

    ශ්‍රී ලාංකික යුවළක් විසින් බාලි හි පිහිටි මෙම LAHANGAN SWEET වෙත ගිය අවස්ථාවක වීඩියෝවක් Youtube ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

    තව ත් විදේශියකයන් විසින් මෙම ස්ථානයේ ලබා ගත් ඡායාරූප ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ, මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට වීඩියෝවක් බවට දක්වමින්  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත වීඩියෝව මෙරට වීඩියෝවක් නොව ඉන්දුනීසියාවේ බාලි හි LAHANGAN SWEET විදෙස් සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-12-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.