Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දිනෙන් දින උග්‍රවන ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ වීඩියෝවක් ද?

    2025-06-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය යෙමුවී ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය දෙසටයි. එකිනෙකාට දෙවනි නොවන සේ දෙරටම මේ වනවිට තම තමන්ගේ යුද ශක්තිය පෙන්වමින් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටී. ප්‍රහාර හමුවේ ජීවි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය යෙමුවී ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය දෙසටයි. එකිනෙකාට දෙවනි නොවන සේ දෙරටම මේ වනවිට තම තමන්ගේ යුද ශක්තිය පෙන්වමින් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටී. ප්‍රහාර හමුවේ ජීවිත මෙන්ම දේපොළ ද අහිමිවෙමින් පවතින වටපිටාවක ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ දර්ශන බව කියමින් බොහෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දැකගත හැකියි. එලෙස හුවමාරු වන වීඩියෝවක නිර්වද්‍යතාව සොයා අප මෙම කරුණු පරීක්ෂාව සිදු කළා. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ප්‍රබලත්වය යනුවෙන්  සඳහන් කරමින් පළ කර ඇති මෙම වීඩියෝව එකම ස්ථානයක සිදුවන විශාල පිපිරුමක දර්ශන පෙළක්වන අතර  පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ගන්නා ලද වීඩියෝ කිහිපයක් භාවිත කරමින් මෙය නිර්මාණය කර ඇත. දර්ශනවලට අනුව ගින්නක් සමග විශාල පිපිරීමක් සිදුවන ආකාරය සහ  අවට ප්‍රෙද්ශයම දුම් වළාකුලකින් වැසී යන ආකාරයක් පෙන්වයි.

    තව ද මෙම වීඩියෝව #iranattackonisrael යන හෑෂ් ටැග් සහිතව පළ කර තිබුණේ,  සැබෑ ලෙසම මෙය මීට දින කිහිපයකට පෙර යුදගිනි ඇවිළුණු ඉරාන – ඊශ්‍රායල ගැටුම්වලට අදළ වීඩියෝ දර්ශනයක් බව හඟවමින්. 

    Facebook 

    තව ද මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති සමාජ මාධ්‍ය පරිශීලකයා තම ෆේස්බුක් පිටුව වෙත අවධානය යොමු කරවා ගැනීමේ අරමුණින් මෙම දර්ශන පෙළ පළ කර ඇති ආකාරය ද දැක ගත හැකියි. 

    අප මෙම වීඩියෝව පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් අතරතුර සිදුවන පිපිරීමක  දර්ශන බව හඟවමින් පළ කර ඇති මෙම වීඩියෝව සැබෑ ලෙසම  මීට දින කිහිපයකට පෙර ඇරඹුණු දෙරට අතර ගැටුම්වලදී ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයකදී සිදුවූ පිපිරීමක දර්ශන පෙළක් දැයි අප සොයා බැලුවා.   

    මුලින්ම දෙරට අතර යුද ගැටුම්වලදී මෙවැනි පිපිරීමක දර්ශන දෙස් විදෙස් ප්‍රධාන මාධ්‍ය ධාරාවල  පළ වී තිබුනේ දැයි, අප නිරීක්ෂණය කළා. කෙසේ වෙතත් ලොව සෑම මාධ්‍යයක්ම වාගේ අවාධානයෙන් පසු වන ඉරානය – ඊශ්‍රායල යුද්ධයට අදාළව මේ දිනවල කිසිදු මාධ්‍යක් මෙවැනි දර්ශන පෙළක් විකාශය කර තිබෙන ආකාරයක් දක්නට නැහැ. 

    ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීම සඳහා අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී නිරීක්ෂණය වූයේ, මෙම දර්ශන ‍පෙළ පසුගිය (2020) වසරේ  අගෝස්තු 04 වැනිදා ලෙබනනයේ බේරූට් අගනුවර වරාය ආශ්‍රිතව හටගත් ගින්නකින් පසු සිදුවූ විශාල පිපිරීමේ දර්ශන පෙළක් බවයි. 

    බේරූට් අගනුවර වරාය ආශ්‍රිතව සිදුවූ එම පිපිරීමට අදාළ තවත් වීඩියෝ මෙතනින් සහ මෙතනින්. 

    තව ද බොහෝ වෙබ් අඩවි විසින්ද  ලෙබනනයේ සිදු වූ එම පිපිරීම වාර්තා කර තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්.

    ලෙබනනයේ බේරූට් වරාය ආශ්‍රිත පිපිරීම 

    ලෙබනනයේ බේරූට් වරාය ආශ්‍රිතව 2020 වසරේ අගෝස්තු 4 වැනිදා සිදුවූ මෙම දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයින් 75 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. පිපිරීම්වලින් පුද්ගලයින් 4,000 ක් පමණ තුවාල ලැබූ අතර දේපොළ රැසක් ද විනාශ වී ගොස් තිබුණා. 

    ලෙබනන බලධාරීන් උපුටා දක්වමින් වි‍දස් මාධ්‍ය වාර්තා කර තිබු‍ණේ , වරාය අසල ගබඩාවක වසර ගණනාවක් තිස්සේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි. මුලින් බේරූට් වරායේ ගිනිකෙළි ගබඩාවක ගින්නක් ආරම්භ වී තිබූ අතර පසුව අසල ගොඩනැගිලි හරහා ඇමෝනියම් නයිට්‍රේට් තොගය ගබඩා කර තිබූ ගබඩාවට ගින්න පැතිර ‍ගොස්  තිබුණා. 

    ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම

    දින කිහිපයකට පෙර ආරම්භ වූ ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් තවදුරටත් ත්‍රීවූ වෙමින් පවතී. ඊශ්‍රායල බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මධ්‍යම ඊශ්‍රායලය පුරා ඉරානය විසින් රාත්‍රියේ එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඊශ්‍රායලය පසුගිය සිකුරාදා 13 වනදා ඉරානයට පහර දීම ආරම්භ කළ අතර, න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා කඳවුරු මෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවලට ද ඔවුන් ප්‍රහාර එල්ල කළේ ය. මේ අතර  ඉරානය ද  ඩ්‍රෝන සහ බැලස්ටික් මිසයිල ප්‍රහාර සමග ඊශ්‍රායලය වෙත ප්‍රතිප්‍රහාර  එල්ල කළේ ය. මේ අතර විශේෂයෙන්ම යුද ගැටුම් පවතින ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් රැසක්  රැකියාවල නිරතව සිටී.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ  ප්‍රභලත්වය යනුවෙන්  සඳහන් කරමින් ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලදී සිදුවන පිපිරීමක දර්ශනයක් බව හඟවමින් පළ කර ඇති මෙම වීඩියෝව (2020) වසරේ  අගෝස්තු 04 වැනිදා ලෙබනනයේ බේරූට් අගනුවර වරාය ආශ්‍රිතව සිදු වූ පිපිරීමේ දර්ශන පෙළක් බවයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-06-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.