Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    යුක්‍රේන ජාතික දැරියක් රුසියානු සොල්දාදුවකුට බැණ වදින අවස්ථාවක්ද ??

    2022-03-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේනයට ඇතුල්වූ රුසියානු හමුදා සෙබලෙකුට යුක්‍රේන දැරියක් බැණ වදින ආකාරය දැක්වෙන බව කියමින්  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින්

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේනයට ඇතුල්වූ රුසියානු හමුදා සෙබලෙකුට යුක්‍රේන දැරියක් බැණ වදින ආකාරය දැක්වෙන බව කියමින්  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ  .

    සමාජ ජාලා සටහන් 

    “8 හැවැරිදි යුක්‍රේන දැරියක් රුසියන් සොල්දාදුවකුට නැවත තම රට යන ලෙස පවසමින් මුහුණ දෙයි .” , යන සටහනද සහිතව ඡායාරූප ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට එක්කර තිබුණා.

    Facebook | Archived

    මේ ආකාරයේ තවත් සටහන් අන්තර්ජාලය තුල පැතිර පවතින අයුරු අපිට දක්නට ලැබුණේ මෙලෙසයි.

    Facebook | Archived

    Facebook | Archived

    මව් රට වෙබ් අඩවියේ තිබුණේ මෙවැනි සටහනක්. 

    Web | Archived 

    වේගයෙන් ව්‍යාප්ත වන සටහනක් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

    Also Read:

    යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය ආදරණීයන්ට සමුදෙන අයුරු? (Video)

    යුක්‍රේන යුද්ධයට පෙර පූටින් පිරිත් පැනින් දිය නාන අවස්ථාවක්ද ?

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්ම සමාජ ජාලා සටහන් වල දක්වා ඇති ඡායාරූප සහ ඒ හා සබැදි වීඩියෝ පටයන්හි දක්නට ලැබෙන දසුන් පිළිබදව අවධානය යොමු කළා.

    සමාජ ජාලා සටහන්හි දක්නට ලැබෙන ඡායාරූප සහ ඒ හ සබැදි වීඩියෝපටය වන්නේ 2022 පෙබරවාරි 27 වැනිදා යූ ටියුබ් වෙත එක්කරන ලද තත්පර 14 ක වීඩියෝ පටයක් .

    එම  වීඩියෝ පටය වෙත පිවිසිය හැකියි පහතින්. 

    https://www.youtube.com/watch?v=lE9uSD2lPn0&t=13s

    Invid- We Verify ඔස්සේ අපි මෙහි සත්‍ය වීඩියෝව කුමක්දැයිසොයා බැලුවා. 

    2012 වසරේ යූ ටියුබ් වෙත එක්කරන ලද මිනිත්තු 6 ක පමණ වීඩියෝවක මුල් තත්පර 14 ක කාලය තුළ මෙම වීඩියෝ කොටසද අන්තර්ගතයි.අදාළ වීඩියෝවෙන් හෙළි වන්නේ මේ එවක 11 හැවිරිදි දැරියක වූ Ahed Tamimi විසින් පලස්තීනයට ඇතුල්වූ ඊශ්‍රායල සොල්දාදුවෙක්ට බැණ වදින ආකාරය බවයි.

    11 හැවිරිදි පලස්තීන දැරිය විසින් ඊශ්‍රායල සොල්දාදුවෙක්ට බැණ වදින ආකාරය ඇතුලත් මෙහි මුල් වීඩියෝව නැරඹිය හැකියි පහතින්  .

    මෙම දැරිය අද ප්‍රකට 21 හැවිරිදි තරුණ පලස්තීන ක්‍රියාකාරිනියක් .මීට වසර කිහිපයකට පෙර  ඇයට ඊශ්‍රායල අධිකරණයක් මගින්මාස 8 ක සිර දඩුවම්  නියම කර ඇයට සිරගතවීමට සිදු වූයේත් ඇය ඊශ්‍රායල සොල්දාදුවකුට කම්මුල් පහර එල්ල කිරීම නිසායි.එම සිදුවීමට අදාල වීඩියෝවක් නැරඹිය හැකියි පහතින් .

    ඊශ්‍රායල සොල්දාදුවන්ට එරෙහිව බැණ වැදීම සහ පහරදීම් සිදු කිරීම නිසා ඇය ලොව පුරා කතා බහට ලක්වන චරිතයක් .ඇය පිළිබද විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මෙම වීඩියෝව/ඡායාරූප  මගින් යුක්‍රේන දැරියක් විසින් රුසියානු සොල්දාදුවෙක්ට බැණ වැදීමක් නිරූපණය නොවන අතර ඉන් දැක්වෙන්නේ ප්‍රකට තරුණ පලස්තීන ක්‍රියාකාරිනියක් වන Ahed Tamimi විසින් 11 හැවිරිදි දැරියක්ව සිටියදී 2012 වසරේදී ඊශ්‍රායල සොල්දාදුවකට බැණ වදින අවස්ථාවක් බවයි. 

    Also Read:  

    Old Video of V-day Parade Rehearsal Viral as Russia’s Fighter Jets Flying over Kyiv 

    Video Game Clip Shared As Real Missile Attack in Russia-Ukraine War

    Video From 2014 Shared As Russian Military Paratroopers Landing In Ukraine

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.