Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කණ්නාඩි පොළඟා ලෙස නම්කරමින් හුවමාරු වූ සංස්කරණය කළ ඡායාරූපයක්?

    2021-08-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අද සමාජයේ බොහෝ පිරිසක් සෞන්දර්‍යාත්මක ඡායාරූපකරණයට නැඹුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ස්වභාව සෞන්දර්‍ය වගේම වන ජීවින්ගේද ඡායාරූප ලබා ගැනීමේ ප්‍රවණතාවක් දැකගන්නට ලැබෙනවා. මේ නිසාම ස්වභාව ධර්මයෙන් උරුම වූ ඇතැම් සුවිශේෂි මැවීම් නැතහොත් සුවිශේෂි සංසිද්ධි ලෞකික ලෝක

    අද සමාජයේ බොහෝ පිරිසක් සෞන්දර්‍යාත්මක ඡායාරූපකරණයට නැඹුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ස්වභාව සෞන්දර්‍ය වගේම වන ජීවින්ගේද ඡායාරූප ලබා ගැනීමේ ප්‍රවණතාවක් දැකගන්නට ලැබෙනවා. මේ නිසාම ස්වභාව ධර්මයෙන් උරුම වූ ඇතැම් සුවිශේෂි මැවීම් නැතහොත් සුවිශේෂි සංසිද්ධි ලෞකික ලෝකයට සමාන කම් තිබෙනවා දැකගන්නට ලැබීම පුදුමයට පත් කරන කරුණක් වනවා. එවන් ඡායාරූපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    මාරි Maari නම් ෆේස්බුක් පිටුවක “අහල තිබුනට දැකල තිබුනෙ නෑ නේද? මේ තමා කණ්නාඩි පොළඟා” යනුවෙන් සඳහන් කරමින් සර්පයෙකුගේ ඡායාරූපයක් සමඟ ෆේස්බුක් සටහනක් පළකර තිබුණා.

    Facebook | Archived   Facebook | Archived 

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්

    මෙම සටහන් සම්බන්ධයෙන් පළ වී තිබූ ප්‍රතිචාර අතර, ඇතැම් පුද්ගලයන් මෙම සර්පයාගේ සමීප ඡායාරූප දෙස බලා මෙම සත්ත්වයාට රැවුලක්ද ඇති බවට පවසා තිබූ අතර තවත් පිරිස් මෙම සත්ත්වයා පොළඟෙක්ද, පිඹුරෙකුද යන්න පිළිබඳව ව විමසා තිබුණා. එසේම මෙම ඡායාරූපය සත්‍යක් ද නැතහොත් සංස්කරණය කරන ලද්දක්ද යන්න වග තහවුරු කර ගත නොහැකි තත්වයක් ද ඇතැම් ප්‍රතිචාර අතර දැක ගන්නට ලැබුණා.

    මේ හේතුවෙන් මෙහි සත්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී නිරීක්ෂණය වූ කරුණ නම් 2016 වර්ෂයේ අමෙරිකාවේදී මෙම ඡායාරූපය අමෙරිකාවේ ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ අව් කණ්නාඩි යක් පැළඳී සර්පයෙකු ලෙසයි.

    මේ බවට අමෙරිකාවේ Texas State Parks නම් twitter ගිණුමක පළ කර තිබුණේ මෙලෙසින්.

    Twitter | Archived

    එම පණිවිඩයේද සිංහල පරිවර්තනයේ සඳහන් කර ඇත්තේ, “මෙම ඡායාරූපය දෙස හොඳින් නිරීක්ෂණය කළහොත් ඔබට අව් කණ්නාඩි  පැළඳී සර්පයෙකු දැක ගැනීමට පුළුවන්” යනුවෙනි. එමෙන්ම එම ඡායාරූපය ලබා ගැනීම හේතු වූ Karlie Gray නම් තැනැත්තියෙකුට ස්තූතිය ද එහි පළ කර තිබුණා.

    එමෙන්ම එම ඡායාරූපයට ප්‍රතිචාර දක්වමින් ඇතැම් පිරිස් විමසා තිබුණේ, මෙම සර්පයා කුමන වර්ගයට අයත්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් Texas State Parks නම් twitter ගිණුමේ සඳහන් කර තිබුණේ මෙම සර්පයා Western Rat snake යන සර්ප විශේෂයක් බවයි.

    Archived Link

    එමෙන්ම ඉහත ඡායාරූපය ලබා ගත් බවට සඳහන් කළ තැනැත්තිය වන Karlie Gray කාන්තාව ද Texas Field Herpers නම් ෆෙස්බුක් පිටුවක 2016 වර්ෂයේදී එම සර්පයාගේ ඡායාරූපය පළ කළ තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    ඇය එහි සඳහන් කර තිබුණේ මෙම සර්පයා එකම සතියේ දෙවරක් දැකගන්නට ලැබුණත් කණ්නාඩි  සහ රැවුලක් වැනි සුවිශේෂී පිහිටීමක් ඇති බව දැක ගත්තේ එම ඡායාරූපය ගත් දා බවයි.

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එක් කර දින කිහිපයකට පසු අව් කණ්නාඩි යක් පැළඳි, උඩු රැවුලක් ඇති සර්පයා යනුවෙන් ඉංග්‍රීසි බසින් ඇමරිකානු මෙන්ම ජාත්‍යන්තර වෙබ් අවඩිවල පළ වී ඇති අයුරු අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    Thedodo | Archived

    Pantherophis obsoletus නොහොත් Western rat snake යනු උතුරු අමෙරිකාවේ බහුලව වෙසෙන විස නොමැති සර්ප විශේෂයකි. නිර්විෂ සර්පයන් අතුරින් බොහෝ පිරිසක් හඳුනන සර්ප විශේෂය වන්නේ ගැරඬියායි (Rat Snake) දකුණු හා අග්නිදිග ආසියාවේ වෙසෙන ගැරඬින් විශේෂයයි. බටහිර ගැරඬි නැත්නම්  Western Rat snake යනුවෙන් හඳුන්වනු ලබන්නේද, ගැරඬි කුලකයට (Colubrid) අයත් සත්ත්වයෙකි. ගැරඬි කුලකය සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

    මෙම අව් කණ්නාඩි පැළද සිටින ආකාරයේ දුර්ලභ සුවිශේෂි සළකුණක් ලබා තිබූ මෙම Western rat snake සත්ත්වයා පිළිබඳව දැක්වෙන වීඩියෝවක් පහතින්. මේ ආකාරයේ සත්ත්ව ලෝකයෙන් වාර්තා වූ වෙනත් සුවිශේෂී පිහිටීම් කිහිපයක් පිළිබඳව උදාහරණ ද එම වීඩියෝවේ දැක්වෙනවා.

    මේ සිදුවීම සම්බන්ධයෙන් Factcresendo අප කණ්ඩායම ඉංග්‍රීසි බසින් සිදු කළ කරුණු පරීක්ෂාව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ “කණ්නාඩි පොළඟා” යනුවෙන් සඳහන් කළ ඡායාරූපයේ දක්වා තිබුණේ සංස්කරණය නොකළ සත්‍ය ඡායාරූපයක් බවයි. එය 2016 වර්ෂයේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී Karlie Gray නම් කාන්තාව විසින් සිය කැමරා කාචයට හසු කර ගත් Western rat snake නැමැති සර්ප විශේෂයට අයත් විෂ රහිත සර්පයෙකි. බැලූ බැල්මට මෙම සර්පයා අව් කණ්නාඩියක් පැළඳ ඇති ස්වරූපයක් හා උඩු රැවුලක් ඇති බවට පෙනුනත් මෙය එම සත්ත්වයා උපතින්ම ලබා තිබූ දුර්ලභ සලකුණක පිහිටීමක් හේතුවෙන් ඇතිවූ තත්ත්වයකි.

    Also Read : පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත!

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.