
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන බොහෝ විදේශීය වීඩියෝ සම්බන්ධයෙන් අසත්ය සහ නොමඟ යවන සුළු විග්රහයන් පළ වනවා. එලෙසින් සමාජ මාධ්ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවකට අසත්ය විග්රහයක් එක් කරමින් පළ ෆේස්බුක් වීඩියෝවක නිරවද්යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්ය සටහන් :
සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක කොටසක් යොදාගනිමින් ඒ පිළිබඳව සිංහල බසින් සිදුකළ අර්ථ දැක්වීමක දැක්වුණේ, ගුවන් යානයක සිටින කාන්තාවක් එම යානයේ පිටුපස පෙන්වමින් එහි සිටින පුද්ගලයන් දෙදෙනා මිනිසුන් නොවන බවත්, ගුවන් යානයේ සිටි මගීන්ට ද, ඔවුන් සමගින් මරණයට පත්වීමට නියමිත බවත්, තමන් තව දුරටත් එම යානයේ ගමන් නොකරන බවටත් සඳහන් කරමින් පරුෂ වචනයෙන් බැනමින් අඬමින් සිටින බවකි.
මෙම වීඩියෝවේ දැක්වෙන කාන්තාව කෑ ගසන්නේ ඇයි? ඊට හේතුව වශයෙන් එම වීඩියෝව සම්බන්ධයෙන් සිංහල බසින් අදහස් දක්වන පුද්ගලයෙකු සඳහන් කරන්නේ, එම කාන්තාව පවසා ඇත්තේ, එම ගුවන් යානයේ තමන්ට නියමිත අසුනේ අසුන් ගෙන සිටින විට තම අසුනට යාබද අසුනේ සිටි පුද්ගලයා ඇසි පිල්ලන් ගසන්නේ සාමාන්ය මිනිසුන් ඇසිපිල්ලන් ගසන ආකාරයට නොව වෙනත් ආකාරයට බව තමන් දැක ගත් බවත්, ඇසි පියන් දෙක වදින ආකාරය සිරස් ව නොව තිරස්ව බවටයි. එම නිසා තමන් ට එම යානයේ තවදුරටත් සිටය නොහැකි බව පවසමින් ගුවන් යානයේ රැඳී සිටින අනික් මිනිසුන්ට ද, ඉන් ඉවත් වීමට පවසමින් ඇය ඉන් පිටත ට ගමන් කරන බවයි.
කෙසේ වෙතත් එම වීඩියෝව සම්පූර්ණ නොවූ වීඩියෝවකි. එම කෙටි වීඩියෝව පහතින්.
මෙහි නිරවද්යතාව කුමක්ද යන්න පිළිබඳ බොහෝ දෙනෙකු විමසා තිබූ බැවින් අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගත්තා.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප මෙම වීඩියෝව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්රථමයෙන් ම එහි රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව පසුගිය අගෝස්තු 07 වන දා එම වීඩියෝව සම්බන්ධයෙන් New York Post හි පළ වූ ලිපියක් දැක ගන්නට ලැබුණා.
ඉහත වීඩියෝව් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන පුද්ගලයා පවසන පරිදි සිදුවීමක් එහි වාර්තා නොවන අතර එම ලිපියට අනුව එහි දැක්වෙන්නේ, ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයකදී පරුෂ වචනයෙන් බැනවදින ටෙක්සාස් හි අලෙවිකරණ විධායක කාන්තාවක් වන Tiffany Gomas විසින් ජුලි 2 වන දින ටෙක්සාස් සිට ඕර්ලන්ඩෝ වෙත පියාසර කරමින් සිටි ගුවන් යානයකදී තම “එයාර්පොඩ්ස්” නැතිවීම සම්බන්ධයෙන් ආරවුලක් ඇති කර ගැනීමෙන් පසුව මගීන්ට සහ කාර්ය මණ්ඩලයට කෑ ගැසීමට පටන් ගත් බවකි.
ටිෆනි ගෝමස්, ඇය සමඟ ගමන් කරන පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමක් මත නොසන්සුන් වූ බව ඇය පොලීසියට පවසා ඇති බව ට පුවත් වාර්තා පෙන්වා දෙයි. පොලිස් වාර්තාවකට අනුව ඇය සමඟ ගමන් ගත් මගින් ඇගේ එයාර්පොඩ් සොරකම් කළ බවට ඇය චෝදනා කර ඇත.
මෙම සිදුවීම වූයේ ෆෝට් වර්ත් සිට ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ දක්වා පියාසර කරන 1009 ගුවන් යානයේදීය.
ඇගේ එයාර්පොඩ් සොරකම් කළ බව ඇය ප්රකාශ කිරීමෙන් පසු, ගෝමස් ගුවන් යානය ආරක්ෂිත නොවන බවත් එය ගමනාන්තයට නොපැමිණෙන බවත් පැවසීමට පටන් ගෙන තිබේ.
ඇය විසින් සඳහන් කරන ප්රකාශය මෙසේය
“’I’m telling you, I’m getting the f*** off and there’s a reason why I’m getting the f*** off and everyone can either believe it or they can not believe it,’ the unidentified woman is heard saying as she walks to the front of the plane.
‘I don’t give two f****, but I am telling you right now – that m*****f***** back there is NOT real,’ she adds, pointing towards the back of the plane.
‘And you can sit on this plane and you can die with them or not. I’m not going to.’”
නැරඹුම් වාර මිලියන ගණනකින් ලොව පුරා හුවමාරු වූ එම අවස්ථාව පහතින්.
The woman who went viral for calling a man ‘Not Real’ on an American Airlines plane has been identified as Tiffany Gomas.
— Ed Krassenstein (@EdKrassen) August 7, 2023
She claimed:
“I’m telling you, I'm getting the f*** off and there's a reason why I'm getting the f*** off and everyone can either believe it or they can… pic.twitter.com/CozTV3282K
පොලිස් වාර්තා වල දක්වා ඇත්තේ, මෙම කාන්තාව ගුවන් යානය අනාරක්ෂිත බව පැවසීමට පටන් ගත් අතර යානය ගමනාන්තයට නොපැමිණෙන බව විශ්වාස කිරීම නිසා යානය ද, පිටත් වීමට අකමැති වී තිබේ. ටිෆනි ගෝමස් යානයෙන් ඉවත් කෙරුණු අතර ගුවන් යානයේ සිටි මගීන්ට ගුවන්ගත කිරීමට බල කෙරුණු අතර පූර්වාරක්ෂාව ලෙස නැවත ආරක්ෂක අංශ හරහා පරීක්ෂා කිරීමට සිදු වී තිබේ.
මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණි විට, ‘අතිශයින් කලබල වූ’ ගෝමස් ඔවුන් සමඟ කතා කිරීම ප්රතික්ෂේප කළ අතර ඇය නැවත ගුවන් යානයට නැගීමට උත්සාහ කර තිබේ. ඇය පර්යන්තයේදී තව ත් පුද්ගලයෙකුට ප්රහාරයක් එල්ල කර ඇති බව ත් ඇතැම් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඇය ගුවන් යානයේදී පරුෂ වශයෙන් බැන වදින දර්ශන සහ ඇය සිදුකරන ප්රකාශයන් TikTok හරහා මෙන් ම අනෙකුත් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වීමත් සමග බොහෝ දෙනා නොමග ගොස් තිබුණේ ඇය ප්රකාශ කරන්නේ ගුවන් යානයේ සිටි ජීවමාන නොවන පුද්ගලයෙකු පිළිබඳ ප්රකාශයක් සිදු කරන බවටයි.
එසේම එම ගුවන් යානයේ ගමන් ගත් වෙනත් මගියෙකු විසින් ද එම සිදුවීම පිළිබඳව පසුව විස්තර කරමින් පවසා තිබුණේ මෙහිදී සිදුව තිබුණේ එම කාන්තාවගේ එයාර්පොඩ් එකක් නැතිවීමෙන් පසු උද්ගත වූ කලහකාරී අවස්ථාවක් බවයි.
එසේම සිදුවීමේ දින කිහිපයකට පසු, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැදමින්, ටිෆනි සිය X ගිණුමේ සටහනක් තබා තිබුණා.
I apologize and take accountability for my actions, they were uncalled for. My very worst moment was captured on video. Although the memes have been amusing, the flipside has been cruel. I’m thankful for my friends and family for supporting me through this. This experience has… pic.twitter.com/0AfQcaEzj0
— Tiffany Gomas (@Tiffany_Gomas) August 13, 2023
මෙම වීඩියෝව පිළිබඳව ද ඇතමුන් විවිධ මත පළකර තිබුණ ද එය ටිෆනිගේ නිල X ගිණුමෙන් පළකර තිබුණි.
ටිෆනි ඔක්ලහෝමා ප්රාන්ත විශ්ව විද්යාලයේ උපාධිධාරිනියක් වන අතර Dallas හි අලෙවිකරණ ආයතනයක නිර්මාතෘවරියකි.
කෙසේනමුත් මීට දින කිහිපයකට පෙර ද මාධ්යවේදියෙකු විසින් ටිෆනි විසින් දුටු දෙය පිළිබඳව විමසා තිබු අතර එහිදී ද ඇය පිළිතුරක් ලබානොදෙන අතර ඒ පිළිබඳ ඉදිරියේ දී පවැත්වෙන සාකච්ඡාවක දී සඳහන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබූ තව ත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok



