Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන මෘගයා වැඩ අල්ලයි

    2019-12-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපත ලබා ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටා ඇති, මැදමුලන ග්‍රාමයේ, මැදමුලන වලව්වේය.  රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාව මැදමුලන සිට ආරම්භ වූ බැවින් රාජපක්ෂවරු අලලා කෙරෙන බොහෝමයක් සටහන් සඳහා මැදමුලන ග්‍රාමය යොදා ගනු දැකිය හැක.  දෙසැම්බර්

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපත ලබා ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටා ඇති, මැදමුලන ග්‍රාමයේ, මැදමුලන වලව්වේය.  රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාව මැදමුලන සිට ආරම්භ වූ බැවින් රාජපක්ෂවරු අලලා කෙරෙන බොහෝමයක් සටහන් සඳහා මැදමුලන ග්‍රාමය යොදා ගනු දැකිය හැක. 

    දෙසැම්බර් 11ට යෙදී තිබුණු උඳුවප් පොහෝ දින, 2020 with MR නැමැති ෆේස්බුක් පිටුවේ “මේ උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන මෘගයා වැඩ අල්ලයි. කැස්බෑ පැටවුන් තුන්සියයක් උදෑසන ආහාරය සඳහා මැදමුලන මුහුදෙන් අල්ලා ගනී.” යන තේමාව යටතේ ඡායාරූපයක් සහිත සටහනක් ඉදිරිපත් කොට තිබුණි. එම ඡායාරූපයේ පෙන්නුම් කළේ අගමැති මහින්ද රාජපක්ස මහතා මහතා පිරිසක් සමඟ, බේසමක කැස්බෑ පැටවුන් රැසක් සමඟ වෙරළ තීරයක සිටින ආකාරයයි. මැදමුලන ග්‍රාමය පිහිටා ඇත්තේ රට තුළ බැවින් සහ අගමැතිතුමා මෙවන් ක්‍රියාවකට සහභාගිවීම විශ්වාස කළ නොහැකි නිසා මෙය බොහෝදුරට උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සටහනක් ලෙස පෙනුනද සැලකිය යුතු පිරිසක් අතර හුවමාරු වී තිබු බැවින් මේ පිලිබඳ කෙටි විමර්ෂණයක් සිදු කළෙමු.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ඡායාරූපය google reverse image සෙවීමකට ලක් කළෙමු. එහිදී මෙම ඡායාරූපය අඩංගු වාර්තාවක් කිහිපයක්ම නිරීක්ෂණය විය. එය වත්මන් අග්‍රාමාත්‍ය, එවකට ජනපති (2014) මහින්ද රාජපක්ෂ මහතාගේ නිල Flicker ගිණුමේ අන්තර්ගත වූ වාර්තාවකි. 2014 මැයි මස 29දා ගත්  එම සේයාරුව යටතේ “බෙන්තොට මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ පුණ්‍ය කර්මයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පසුගියදා සිදු කෙරිණි.” යන සටහන සිංහල, ඉංග්‍රිසි සහ දෙමල භාෂා වලින් යොදා තිබුණේ මෙලෙසිනි

    Flicker Link

    ඩේලිමිරර් පුවත්පතේ අන්තර්ජාල කලාපයේ ද එම ඡායාරූපය සහ කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ දර්ශන ඇතුලත් චායාරූප පෙළක් ද පළ වී තිබුණේ පහත අයුරින් 

    Daily Mirror LinkArchived Link

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඉහත ඡායාරූපයේ දක්වා ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් එහි ඇත්ත වශයෙන්ම දැක්වෙන්නේ 2014 වසරේ දී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බෙන්තොට මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ අවස්ථාවකි 

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන මෘගයා වැඩ අල්ලයි

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.