Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කිඹුල් ප්‍රාහාරයකින් මිදී, එම කිඹුලාව ගොදුරු කරගන්නා චීටාවෙකුගේ වීඩියෝවේ ඇත්ත කතාව!

    2021-09-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ආහාර දාමයේ පහළින් සිටින සතුන් එහි ඉහළින් සිටින සතුන්ගේ ගොදුරක් වීම සත්ත්ව ලෝකයේදී සාමාන්‍ය කරුණක් වනවා. එවන් අවස්ථා වලදී ඇතැම් සත්ත්වයින් ගොදුරක් වීමට යෑමේදී ඉන් බේරි යන අවස්ථාවද අපට දැක

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ආහාර දාමයේ පහළින් සිටින සතුන් එහි ඉහළින් සිටින සතුන්ගේ ගොදුරක් වීම සත්ත්ව ලෝකයේදී සාමාන්‍ය කරුණක් වනවා. එවන් අවස්ථා වලදී ඇතැම් සත්ත්වයින් ගොදුරක් වීමට යෑමේදී ඉන් බේරි යන අවස්ථාවද අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ආහාර දාමයේ ඉහළින් සිටින සතුන් අතර ඇතිවන ගැටුම් ද කලාතුරකින් දැක ගන්නට ලැබෙනවා.

    එවැනි අවස්තාවක දී ප්‍රහාරය දියත්කළ කිඹුලෙකු පසුව මුලින් ප්‍රහාරය ලක්වූ චීටාවෙකුගේ ගොදුර බවට පත්වූ අවස්ථාවක් බව පෙන්වා දීමට උත්සාහ කළ වීඩියෝවක සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයකි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “kimbula වුණත් දැනගන්න ඕන වූ කවුද කියලා” යන තේමාවෙන් තනි වීඩියෝවක් ලෙස හැඟවෙන ආකාරයට පළකර තිබු වීඩියෝවක දක්වා තිබුණේ,  දිය බීමට පැමිණි චීටාවකේ (Cheetah) කිඹුලෙකු විසින් ඩැහැ ගන්නා අයුරුයි. කෙසේනමුත් මෙම වීඩියෝව අවසානේ කිඹුලාව චීටාගේ ගොදුරට ලක්වන ආකාරයක් ද හඟවා තිබුනේ වතුරෙන් එගොඩ ට පැමිණෙන්නේ කිඹුලා ද කටේ සිටිමින් බව හඟවමින්.

    Facebook 

    මේ වන විට ඉහත වීඩියෝව නැරඹුම්වාර ලක්ෂ 8ක් ද ඉක්මවා තිබෙන අතර වීඩියෝව පුදුම සහගත බව ඇතැම් පාර්ශව පවසා තිබුණ ද මෙය අවස්ථා දෙකක දී ලබාගන්නා ලද වීඩියෝ රාමු දෙකක් උපයෝගී කරගනිමින් එක් අවස්ථාවක් බව හැඟවීමට සිදුකළ නිර්මාණයක් බව බොහෝ දෙනෙක් ද හඳුනාගෙන තිබුණා. 

    එම වීඩියෝව ඉහත තේමාවෙන්ම උපහාසාත්මක කෝණයක් ද මුසුකරමින් හුවමාරු කරගෙන තිබු අවස්ථා කිහිපයක් පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මෙම වීඩියෝවේ බැලූ බැල්මට එක් වීඩියෝවක් සේ පෙනුනත්, මේ වීඩියෝව හොඳින් නිරීක්ෂණයේදී පෙනී යන්නේ වතුර පානය කිරීමට පැමිණෙන්නේ චීටෙකු බවත්, වීඩියෝව අවසානයේ දැක්වෙන්නේ ජගුවර් (Jaguar) සත්ත්වයෙකු බවත්ය. 

    චීටෙකුගේ ශරීරයේ කළු පැහැයෙන් පුල්ලි මෙලෙසින් දකින්නට ලැබෙන අතර ජගුවර් සත්ත්වයාගේ ශරීරයේ කළු පැහැයෙන් සමෙහි වෛරම් මෙලෙසින් දකින්ට ලැබේ. 

    ඒ අනුව කළ විමර්ෂණයේ දී ඉහත වීඩියෝව නිර්මාණය කර ඇත්තේ අවස්ථාවන් දෙකකදී ලබා ගත් වීඩියෝ 2 කින් බවට පැහැදිලි වෙයි.

    එම වීඩියෝවේ කිඹුලා විසින් ඩැහැ ගන්නා පළමු කොටසෙහි දක්වා ඇති චීටා වර්ගයේ සත්ත්වයා සහ කිඹුලෙකු ඩැහැ ගන්නා ජගුවර් සත්ත්වයාව දැක්වෙන අවස්ථාවේ ඡායාරූප සංසන්දනය පහතින්.

    එමෙන්ම එම වීඩියෝවේ පළමු කොටසේ දැක්වෙන කිඹුලා අවසන් කොටසේ දැක්වෙන කිඹුලාට වැඩියෙන් ශරීරයෙන් බොහෝ සේ විශාල බවද මෙම වීඩියෝව නිරීක්ෂණයේදී දැක ගන්නට පුළුවන්.

    ඉහත වීඩියෝව සෑදීම සඳහා ලබා ගත් පළමු වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝවට අනුව එහි සිටින පිරිමි චීටා පැටවෙකු මෙලෙස කිඹුලාගේ ගොදුරට පත්වී තිබුණ අතර දිවි ගලවා ගැනීමට නොහැකි වී තිබෙනු අයුරු දැක්වෙන එම වීඩියෝවක් පහතින්. දකුණු අප්‍රිකාවේ KwaZulu-Natalහි රක්ෂිත ප්‍රදේශයකදී වාර්තා වූ මෙම දුලභ සිදුවීම පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

    එමෙන්ම ඇමසන් වනාන්තරය තුළ ජගුවර් විසින් කිඹුලෙකු ඩැහැගන්නා අයුරු දැක්වෙන වීඩියෝව පහතින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම වීඩියෝව වෙනත් වීඩියෝ වර්ග දෙකක් එකතු කොට සංස්කරණය කර ඇති වීඩියෝවක් බවට බොහෝ පිරිසක් හඳුනාගෙන තිබුණා. ඒ බවට එම වීඩියෝවට දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

    එසේම මෙම වීඩියෝ කොටස් දෙක ඇතුළුව වෙනත් වීඩියෝ කොටස් ද සහිතව කිඹුලන් සහ විශාල වර්ගයේ බළල් කුලයේ සතුන් අතර සිදුවන ගැටුම් කිහිපයක් පිළිබඳව පළවූ වීඩියෝවක් අපට දැකගන්නට ලැබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පැවසිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් සංසරණය වී තිබුනේ කිඹුලෙකු විසින් චීටෙකු ඩැහැගන්නා අතර ඉන්පසුව එම චීටා විසින් නැවත කිඹුලා ඩැහැ ගන්නා බව හැඟවීමට අවස්ථා දෙකක දී ලබාගත් වීඩියෝ කොටස් දෙකක්, එක් වීඩියෝවක් ලෙස එකතු කර සංස්කරණය කරන ලද අවස්ථාවක් බවයි. එම වීඩියෝවේ පළමු කොටසේ කිඹුලා විසින් ඩැහැගනු ලබන්නේ චීටෙකු වන අතර එහිදී එම චීටා සත්වයා මරණයට පත්වන අතර ඉන් පසුව අනෙක් වීඩියෝ කොටසේ දැක්වෙන ජගුවර් සත්ත්වයා විසින් කිඹුලෙකු සිය ගොදුර බවට පත්කරගන්නවා. කිඹුලන් සහ විශාල බළල් කුලයේ සත්ත්වයන් අතර සත්ව ලෝකයේ නොයෙකුත් අවස්ථාවල දී ගැටීම ඇතිවී තිබෙන අතර දෙපාර්ශවයම විවිධ අවස්ථාවල දී අනෙකා ගොදුර බවට පත්කරගෙන තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-09-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.