Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Uber යෙදුමෙන් “Walking Buddy” නව විශේෂාංගයක්?

    2025-07-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Uber යෙදුමෙන් “Walking Buddy” නම් විශේෂාංගයක් හඳුන්වා දෙයි එය හුදෙක් විනෝදාස්වාදය සඳහා නිර්මාණය කර ඇති සටහන් වන අතර Uber සමාගම විසින් ද, තහවුරු කරන්නේ එය අසත්‍ය තොරතුරක් බවයි. 📌RESULT – M

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල Uber යෙදුමේ “Walking Buddy” නව විශේෂාංගයක් ඇතුළත් කර ඇති බවට දක්වමින් සටහන් සංසරණය වනවා. මෙම විශේෂාංගය සත්‍ය ද, නැද්ද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    බොහෝ ෆේස්බුක් පරිශීලකයින් විසින් Uber යෙදුමෙන් “Walking Buddy” නම් විශේෂාංගයක් හඳුන්වා දී ඇති බව ත්, එනම් යම්කිසි ගමනාන්තයක් සඳහා කැටුව යාමට පුද්ගලයෙකු ලබා ගැනීමේ නව විශේෂාංගයක් වෙනත් විදේශීය රටකට අයත් කලාපයකට(ශ්‍රී ලංකාව නොවේ) Uber වෙතින් හඳුන්වා ඇති බව ට දැක්වෙන ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    Uber යනු ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රවාහන සේවාවක් වන අතර එය ජංගම යෙදුමක් හරහා මගීන් රියදුරන් සමඟ සම්බන්ධ කරයි. සාම්ප්‍රදායික කුලී රථ වෙනුවට, පරිශීලකයින්ට තමන් රැගෙන යන  ස්ථානය සහ ගමනාන්තය ඇතුළත් කිරීමෙන් ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් පහසුවෙන් ගමනක් වෙන්කරවා ගත හැකිය. එක් එක් කලාපය අනුව, එහි මෝටර් රථ, ටුක්-ටුක් සහ යතුරුපැදි ප්‍රවාහන අවස්ථා සඳහා ලොරි, වෑන් වැනි විවිධ වාහන විකල්ප ඉදිරිපත් කරයි.

    කෙසේ වෙතත් ඉහත සඳහන් ලෙස නවාංගයක් හඳුන්වා දී ඇත් ද යන්න පිළිබඳ Uber වෙබ් අඩවිය මෙන් ම ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද,පරීක්ෂා කළ ත්, එවැනි විශේෂාංගයක් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වී නොතිබුණි.

    එමෙන් ම මෙරටට අයත් කලාපයේ Uber හරහා ද, එවැනි නව විශේෂාංගයක් ඇතුළත් වී ඇති බවට දැක ගන්නට නොලැබේ.

    Uber හි ප්‍රකාශක කොනර් ෆර්ගියුසන් රොයිටර් පුවත් සේවයට තහවුරු කර තිබුණේ, Uber හි “Walking Buddy” විකල්පයක් ලබා දී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් රොයිටර් හි පළ වූ ලිපියක් මෙතනින්.

    එමෙන් ම ඉහත සටහන් 2020 වසරේ සිට X හි සංසරණය වී ඇති මෙලෙසින් දැක ගන්නට ලැබේ.( Archived Link)

    මෙම සටහන් පිළිබඳ නිල Uber X ගිණුමෙන් ද, හාස්‍යජනක ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

    Read in English : Does Uber Really Have the “Walking Buddy” Feature?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Uber යෙදුමෙන් “Walking Buddy” නම් විශේෂාංගයක් හඳුන්වා දී ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා නිර්මාණය කර ඇති සටහන් වන අතර Uber සමාගම විසින් ද, තහවුරු කරන්නේ එය අසත්‍ය තොරතුරක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-07-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.