Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සෙත් කවි කී හිමියන්, ජනපති ළඟ සිටි ගිහියෙක් ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-29
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වස් කවි පෙළක් සමාජයේ පුළුල්ව පැතිර යමින් ඇති අවධියක, “ජනවරමේ පුරවැසියෝ” නම් සංවිධානයක් විසින් රජයේ දූෂණ විරෝධී හා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට සහාය පළ කරමින් මහනුවර පැවැත් වූ විරෝධතාවයක දී, භික්ෂුවක් විසින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් සෙත

    වස් කවි පෙළක් සමාජයේ පුළුල්ව පැතිර යමින් ඇති අවධියක, “ජනවරමේ පුරවැසියෝ” නම් සංවිධානයක් විසින් රජයේ දූෂණ විරෝධී හා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට සහාය පළ කරමින් මහනුවර පැවැත් වූ විරෝධතාවයක දී, භික්ෂුවක් විසින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් සෙත් කවි ගායනා කළ අවස්ථාව ගැන සමාජයේ කතාබහක් ඇති වී තිබුණි.

    එහි සිටින්නේ ජනපති අනුර කුමාරගේ අසල සිටින සාමාන්‍ය පුද්ගලයෙකු බව ත්, ඔහු එහි සිවුරක් පොරවාගෙන මෙම කටයුත්ත සිදු කළ බව ත්, හඟවමින් එම භික්ෂුව ගිහි ඇඳුමකින් සැරසී සිටින අයෙකු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය විය. මේ ඒ පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Hiru Hunters නමැති Facebook පිටුවේ පළ කළ, භික්ෂුවක් වෙස් ගත් ගිහියෙකු යැයි කියන ඡායාරූපයේ තිර රුවක්
    මංජුල පෙරේරා නමැති Facebook ගිණුමේ පළ කළ, භික්ෂුවක් වෙස් ගත් ගිහියෙකු යැයි කියන ඡායාරූපයේ තිර රුවක්

    Facebook | Archived Link Facebook | Archived Link

    කෙටි වීඩියෝ ලෙස ද මෙම ඡායාරූපය සංසන්දනය වයිරල් වී තිබුණේ මෙලෙසින්.

    සෙත් කවි කී ගිහියෙක් ගැන කියන වීඩියෝ සටහනක තිර රුවක්, ඡායාරූප දෙකක් සහ ලකුණු කළ මුහුණක් සහිතව

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : ඡායාරූපයක ජනපති අසලින් සිටින පුද්ගලයෙකු, මහනුවර පැවති විරෝධතාවේදී භික්ෂුවක් ලෙස සිවුරු පැළඳ, ජනපතිට සෙත් කවි ගායනා කළා ද යන්න.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ජනවරමේ පුරවැසියෝ සංවිධානය විසින් “නීතියට උස්මිටිකම් එපා – නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරමු”, “හොරුන්ට, දූෂිතයන්ට සහ කුඩු ජාවාරම්කාරයන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්‍රණය පරදවමු” යන තේමාවන් යටතේ විරෝධතාවක් 2026.10.22 දින මහනුවරදී පැවැතිණි.

    එම විරෝධතාවය අතරතුර එම අවස්ථාවට පැමිණි භික්ෂුවක් විසින් ජනපති අනුරට සෙත් කවියක් ගායනා කරනු ලැබීය. Facebook | Archived Link

    මෙහි දැක්වෙන භික්ෂුව, සැබෑ භික්ෂුවක් නොව, ජනතාව මුලා කිරීමට ජනපති සමගින් සිටින පුද්ගලයෙකු සිවුරක් අන්දවා සෙත් කවි ගායනා කළ බවට ඉහත සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ අඟවා තිබුණි.

    භික්ෂුව ලෙසට අඟවා තිබුණේ සංස්කරණය කරන ලද ඡායාරූපයක්

    ජනපති අනුර කුමාර අසල සිටින පුද්ගලයා කවුද යන්න පරීක්ෂා කිරීමට අප එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබීය.

    එහිදී නිරීක්ෂණය වූයේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ භික්ෂුව ලෙසට දැක් වූ පුද්ගලයා සහ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා වල පළ වී තිබූ එම ඡායාරූපයේ ම ජනපති අසලින් සිටින පුද්ගලයා වෙනත් කෙනෙකු බවයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සහ සත්‍ය ඡායාරූපය අතර සංසන්දනය

    සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය සහ මුල් ඡායාරූපය සංසන්දනය කරන රූපයක්
    වයිරල් ඡායාරූපයේ සංස්කරණය කළ මුහුණ සහ 2024 මුල් ඡායාරූපයේ මුහුණ සංසන්දනය කරන රූපයක්

    ඒ අනුව මෙම සත්‍ය ඡායාරූපයේ සිටින පුද්ගලයා භික්ෂුව බවට පෙන්වීමට සත්‍ය ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වෙනස් කර ඇත්ද යන්න පිළිබඳ AI හඳුනා ගැනීමේ මෙවලමකට යොමු කොට අප පරීක්ෂා කළ අතර එහිදී ද, තහවුරු වුණේ මෙය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වෙනස් කරමින් ජනනය කරන ලද බවට ඉහළ සම්භාවිතාවක් ඇති බවයි.

    AI හඳුනාගැනීමේ මෙවලමකින් ඡායාරූපය පරීක්ෂා කළ ප්‍රතිඵලයේ තිර රුවක්

    ඉහත ඡායාරූපයේ සත්‍ය අවස්ථාව කුමක්ද?

    ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබූ ඉහත සත්‍ය අවස්ථාව වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2024 ඔක්තෝබර් 06 වන දින මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ගොස් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හමු වූ අවස්ථාවේ ඡායාරූපයක් වේ. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා වල ද, මෙම සත්‍ය ඡායාරූපය දක්නට ලැබෙන්නේ මෙලෙසින් සහ මෙලෙසින්.

    ජනාධිපති ආරක්ෂක නිලධාරියා සහ ජනාධිපතිවරයා සිටින මුල් ඡායාරූපය පළ වූ පුවත් වෙබ් අඩවියක තිර රුවක්

    newsfirst.lk| Archived Link

    සත්‍ය ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කවුද?

    මෙලෙසින් සංස්කරණය කර තිබුණේ, අදාළ භික්ෂුව නොව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමීපතම ආරක්ෂක නිලධාරියෙකු වේ. ජනපති සමගින් ඔහු නිතර ගමන් කරන අයුරු මාධ්‍ය විසින් පළ කරන ලද වාර්තා වලද, වීඩියෝ වල ද, දැක ගන්නට ලැබේ.

    ජනාධිපතිවරයා සහ ආරක්ෂක නිලධාරීන් පිරිසක් එක්ව සිටින ඡායාරූපයක්
    ජනාධිපතිවරයා සහ ආරක්ෂක නිලධාරීන් පිරිසක් වීථියක ඇවිදින ඡායාරූපයක්
    ජනාධිපතිවරයා සහ ආරක්ෂක නිලධාරීන් පිරිසක් එක්ව ඇවිදින ඡායාරූපයක්

    Link 1, Link 2, Link 3, Link 4, Link 5

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද මෙහි සිටින පුද්ගලයා, ජනාධිපති ආරක්ෂක නිලධාරියෙකු බව අපට තහවුරු කරනු ලැබීය.

    එමෙන් ම බොහෝ පුද්ගලයන් මෙම ආරක්ෂකයා එස්. එෆ්. රත්නායක (SF Ratnayake) බවට ද, වැරදියට වටහාගෙන ඇති අතර මොහු එස්. එෆ්. රත්නායක නොවන අතර සැබෑ එස්. එෆ්. රත්නායක සම්බන්ධ තොරතුරු මෙතනින්.

    එසේම ජනපති අනුර කුමාර බලයට පත් වූ අවධියේ මෙන්ම ඉන්පසුව ද විවිධ අවස්ථාවල දී මෙසේ ජනපතිට පසෙකින් සිටින ආරක්ෂක නිලධාරියා ගැන විවිධ කතිකාවත් සමාජ මාධ්‍ය ඔස්සේ ද දැක ගන්නට ලැබෙන අතර එවැනි අවස්ථාවක් ගැන අප මීට වසරකට පෙර සිදු කළ කරුණු විමසුමක් මෙතනින්.

    සෙත් කවි ගායනා කරනු ලැබූ භික්ෂුව පූජ්‍ය උඩුගොඩ නන්දරතන හිමියන් වේ

    2026.10.22 දින රජයට, ජනපතිට පක්ෂව සෙත් කවියක් ගායනා කළ හිමියන් එදින පළ වූ පුවතක එම හිමියන් හඳුන්වා දී ඇත්තේ “පූජ්‍ය උඩුගොඩ නන්දරතන හිමියන්” ලෙසයි. එම වීඩියෝව මෙතනින්. එම වීඩියෝවේ කුඩ, මයික්‍රෆෝන සහ පසුබිමේ සිටින පිරිස වයිරල් ඡායාරූපයේ වම් පස රූපරාමුවට සමාන වේ.

    Archived Link

    ඒ අතරතුර, හිමියන්ගේ නම යොදා අප සිදු කළ මූල පද සෙවීම්වලදී, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි පර්යේෂකයන්ගේ ලැයිස්තුවේ 2024 වර්ෂය යටතේ, සිංහල මාධ්‍යයෙන් MPhil උපාධිය සඳහා පර්යේෂණ කරන භික්ෂුවක් ලෙස “පූජ්‍ය උඩුගොඩ නන්දරතන හිමි” යන නම සඳහන් වන බව නිරීක්ෂණ විය. එහි ඔහුගේ පර්යේෂණ මාතෘකාව නූතන ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳ වන අතර, පර්යේෂණ අධීක්ෂකයන් ලෙස මහාචාර්ය අසංග තිලකරත්න මහතා සහ ආචාර්ය රත්නසිරි රත්නායක මහතා නම් කර ඇත. එම ලැයිස්තුව මෙතනින්.

    වත්තේගම, උඩුගොඩ සුදර්මාරාමයේ පූජ්‍ය උඩුගොඩ නන්දරතන හිමියන්ගෙන් අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර උන්වහන්සේ සඳහන් කළේ තමන් මේ වන වන විට පැවිදි වී 53 වසරක් ගත වී ඇති බවයි. තමන් ගිහියෙකු ලෙසට හඳුන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අසත්‍ය සටහන් පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් අද(29) දින කළ බව ත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, මේ පිළිබඳ පැමිණිල්ලක් කරන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

    වස් කවි සහ සෙත් කවි ආන්දෝලනය

    වත්මන් පාලනාධිකාරිය ඉලක්ක කරගත් වස් කවිය පැතිර යෑමත් සමඟ, ජනාධිපතිවරයාට සෙත් පතන කවිද සමාජ මාධ්‍යයේ පළ විය. සෙත් කවි කී හිමියන් ඉලක්ක කරගත් මෙම සටහන් පැතිර ගියේ එවැනි පසුබිමක වේ.

    වස් කවිය සම්බන්ධයෙන් තරුණයෙකුගෙන් ප්‍රශ්න කළ බවට පළ වූ සමාජ මාධ්‍ය වාර්තාවක් දෙමටගොඩ පොලිසිය ප්‍රතික්ෂේප කර තිබුණි.

    භික්ෂූන් වහන්සේ නමක් රජයට පක්ෂව හෝ විපක්ෂව ප්‍රසිද්ධියේ කවි කීම සුදුසුද යන්න සමාජයේ මතභේදයට ලක්ව ඇති කාරණයකි. එවැනි විවේචනයක් කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇතත්, හිමියන් ගිහියෙකු බව පෙන්වීමට වෙනස් කළ ඡායාරූපයක් යොදා ගැනීම සත්‍යයෙන් තොර වේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහනුවරදී ජනපතිට සෙත් කවි කී භික්ෂුව, ජනපති සමග සිටින ගිහියෙකු නොවන බවයි. සෙත් කවි කී භික්ෂුව වන්නේ, වත්තේගම, උඩුගොඩ සුදර්මාරාමයේ පූජ්‍ය උඩුගොඩ නන්දරතන හිමියන් වේ. පූජ්‍ය උඩුගොඩ නන්දරතන හිමියන් සත්‍ය භික්ෂුවක් නොව භික්ෂු වේශයෙන් සිටි ජනපතිගේ සමීපතමයෙකු බවට පෙන්වා දීමට පළ කර තිබූ ඡායාරූපය ද, ජනපතිගේ ආරක්ෂකයෙකුගේ මුහුණ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වෙනස් කරමින් ජනනය කරන ලද ඡායාරූපයක් වේ. එම මුල් ඡායාරූපය 2024.10.06 දින සිට, එනම් වසර දෙකකට පමණ පෙර සිට, අන්තර්ජාලයේ පළ වී ඇති අතර, හිමියන් ගිහියෙකු බවට කිසිදු විශ්වසනීය සාක්ෂියක් නොමැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.