Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: උගන්ඩාවේ එකම ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වුනාද?

    2021-11-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලෝක බලවතෙක් වන චීනය ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් වලට ණය ලබාදෙන රටක් බවට අද වන විට චීනය පත්ව තිබෙනවා. කෙසේ වෙතත් චීනය විසින් මෙසේ ලබාදෙන ණය සම්බන්ධයෙන් විවිධ මතවාද සහ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඉන් ඇතැම් ප්‍රචාර ජනතාව නොමග යවන සුලුයි.මේ එවන් නොමග

    ලෝක බලවතෙක් වන චීනය ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් වලට ණය ලබාදෙන රටක් බවට අද වන විට චීනය පත්ව තිබෙනවා. කෙසේ වෙතත් චීනය විසින් මෙසේ ලබාදෙන ණය සම්බන්ධයෙන් විවිධ මතවාද සහ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඉන් ඇතැම් ප්‍රචාර ජනතාව නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවනසුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙම සටහනද සමගින්. 

    “උගන්ඩාවේ එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්නවේ .”. 

    Facebook | Archived 

    මේ හා සමාන සටහන් ෆේස්බුක් අවකාශය පුරා පැතිර තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන්වල නිරවද්‍යතාවය සොයා ගවේෂණයක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    අප මුලින්ම පිළිගත් ජාත්‍යන්තර මාධ්‍යන්හි මෙන්ම අප්‍රිකානු ජමනාධ්‍ය මේ පිළිබදව තබා ඇති සටහන් හා පුවත් කෙරෙහි අවධානය යොමු කළා. 

    උගන්ඩා රජයේ නියෝජිතයන් මෙන්ම චීන රජයද එන්ටැඹේ ගුවන්තොටුපොළ චීනයට සින්න වූවා යන පුවත ප්‍රතික්ෂේප කර තිබුණා .

    Voice of America මාධ්‍ය ජාලයට අදහස් දැක්වූ උගන්ඩානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශකයෙක් පවසා තිබුණේ එන්ටැඹේ (Entebbe) ගුවන් තොටුපොළ චීනයට සින්න වූවා බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවයි. 

    “මෙම ගුවන්තොටුපොළ සම්බන්ධව මෙවැනි පුවත් මීට පෙරත් පළව තිබෙනවා. මෙම ණය නොගෙවා සිටීමට උගන්ඩාවේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. අප තවම සිටින්නේ ණය සහන කාලය තුලයි. මේ කාලය තුළ ණය පොළී මුදල් දිගින් දිගටම ගෙවීමට අප කටයුතු කර තිබෙනවා.”, එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබුණේ මේ ආකාරයෙනුයි. 

    මේ සම්බන්ධයෙන්  වැඩිදුර තොරතුරු මෙතනින්. Archived.

    Twitter| Archived 

    චීනයද මෙම පුවත ප්‍රතික්ෂේප කර තිබෙනවා. ලංකාවේ චීන තානාපති කාර්යාලය ද ඉහත ට්විටර් පණිවුඩය හුවමාරු කරගනිමින් මෙය අසත්‍ය පුවතක් බව පවසා සිටියේ මෙලෙසින්.  ශ්‍රී ලංකාව තුළ ද නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන ලද බටහිර යටත්විජිතවාදයන් විසින් මෙම   “ණය උගුල”  වදන ඉදිරිපත් කෙරෙන බවත් එහි සඳහන්.

    උගන්ඩාවේ පවතින චීන තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙය චීනය සහ උගන්ඩාව අතර පවතින යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් පලුදු කිරීම සදහා පතුරුවා හරින ව්‍යාජ පුවතක් බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ වන තෙක් අප්‍රිකාවේ කිසිදු රාජ්‍යයක් සතු දේපළක් චීන ණය වලට හිලව්වක් ලෙස පවරා ගෙන නැති බවයි.

    Twitter | Archived 

    2015 දී අත්සන් කල ගිවිසුමකට අනුව වසරකට මිලියන 1.9 ක් පමණ ජනතාවක් භාවිතා කරන එන්ටැඹේ ගුවන්තොටුපොලේ සංවර්ධන කටයුතු සදහා උගන්ඩාව චීනයෙන් ගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 200ක් පමණ වන බව සඳහන්. මේ සඳහා වසර හතක පොලිය පමණක් ගෙවන සහන කාලයක් පවතින අතර වසර 20 ක් ඇතුලත ණය සහ පොලිය දෙකම ගෙවා අවසන් කල යුතුයි. 

    ණය ලබාගෙන ඇත්තේ චීන රාජ්‍ය බැංකුවක් වන Export:Import Bank (ExIm Bank) වෙතින්. තවමත් උගන්ඩාව පසුවන්නේ මෙහි වසර හතක සහන කාලය තුලයි.මේ පිළිබද වැඩි විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived.

    කෙසේ වෙතත් මෑත කාලයේදී මේ පිළිබදව උගන්ඩාව තුල සංවාදයක් ඇතිව ඇත්තේ 2015 දී අත්සන් කෙරුණු මෙම ගිවිසුමේ ඇතුලත් ඇතැම් කොන්දේසි පිළිබදව උගන්ඩා පාර්ලිමේන්තුවේ ඇතිව තිබූ සංවාදයක් නිසායි. මෙම ගිවිසුමේ ඇතුලත් කරුණු තවමත් උගන්ඩා ජනතාව වෙත නිරාවරණය කර නැහැ. මෙම ගිවිසුම අධ්‍යනය සම්බන්ධව පත් කර ඇති උගන්ඩානු පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා Joel Ssenyonyi රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත්තේ චීන බැංකුව සහ උගන්ඩාව රජය අතර අත්සන් තබා ඇති මෙම ගිවිසුම නිසා එන්ටැඹේ ගුවන්තොටුපොළේ සියලු වාර්ෂික අයවැය වාර්තාවන්ට පිවිසීමේ හැකියාව චීන බැංකුවට ඇති අතර යම් හෙයකින් උගන්ඩාව විසින් ණය නොගෙවා සිටියහොත් ගුවන්තොටුපොළේ අයිතිය චීනය සතුවන බවයි. එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධ සියලු නෛතික කටයුතු චීනය තුලදී පමණක් ,චීන නීතිය යටතේ සිදුකළ හැකි බවට ගිවිසුමේ සදහන්ව තිබෙන බවත් පවසමින් ඔහු පවසා ඇත්තේ මෙය එක් පාර්ශ්වයකට වඩාත්  වාසිදායක වන ගිවිසුමක් බවයි. මෙම ගිවිසුමේ ඉහත කොන්දේසි වෙනස් කිරීමට උගන්ඩාව විසින් මෙම වසරේදී කරන ලද ඉල්ලීම් චීන බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ පිළිබද වැඩි විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived Legit

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ  උගන්ඩාවේ එන්ටැඹේ (Entebbe)  ගුවන්තොටුපොළ චීනය විසින් පවරාගෙන ඇති බවට සමාජ ජාලාවල පළවන පුවත් නොමග යවන සුලු බවයි. චීනය විසින් උගන්ඩා ගුවන්තොටුපොලේ සංවර්ධන කටයුතු සදහා 2015 දී ඩොලර් මිලියන 200ක පමණ ණයක් ලබාදී තිබෙන අතර එම ණය නොගෙවා සිටියහොත් ගුවන්තොටුපොලේ අයිතිය චීනය සතු වන බවට එහි කොන්දේසි තිබෙන බව පසුගිය දා උගන්ඩාවේ පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් බවට පත්වීමත් සමඟ මේ පිලිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වී තිබුණා. කෙසේනමුත් තවමත් උගන්ඩාව සිටින්නේ ණය ගෙවීමේ වසර හතක සහන කාලය තුල (2022 වන තුරු) වන උගන්ඩා බලධාරීන් පවසන්නේ ඉදිරි වසර  වලදී ද ණය නොගෙවා සිටීමට තමන්ගේ කිසිදු සූදානමක් නොමැති බවයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-11-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.