ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔක්තෝබර් 10 වැනිදා මහනුවර දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ වූ පාගමනට සහ ඉන් අනතුරුව කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැති සත්‍යග්‍රහයට පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ නායකත්වය දුන්හ. එම සත්‍යග්‍රහය ඔක්තෝබර් 25 වැනිදා තාවකාලිකව අත්හිටුවන බව උන්වහන්සේ ප්‍රකාශ කළ බව වාර්තා වූයේ මෙලෙසින්.
මේ අතර, හිටපු ජනපති රනිල්ව බැලීමට ගිය උලපනේ හිමියන්ව “රනිල්ගේ ගෝලයෝ උලපනේ සුමංගල හිමි පන්නා දමයි” යන සිරස්තලය සහිත වීඩියෝවක් ඔක්තෝබර් 25 වැනිදා සිට සමාජ මාධ්‍යයේ බහුලව බෙදා හැරෙන්නට විය. අප එම දර්ශනය මුලින්ම පළ වූයේ කවදා ද, කොතැනක ද යන්න පරීක්ෂා කළෙමු.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
වැඩිම ලෙස බෙදා හැරුණු ඔක්තෝබර් 25 පළවී තිබු කෙටි වීඩියෝවේ එකේ “හිරිකිතයි, සිවුරට ලැජ්ජයි, තිරිසන්නු, ශාසනේ කන්න එපා” සහ “රනිල්ගේ ගෝලයෝ උලපනේ සුමංගල හිමි පන්නා දමයි” යන පාඨ ඇතුළත් වන අතර, එය 4,300 කට වැඩි වාර ගණනක් බෙදා හැර තිබිණි. සිද්ධියේ දිනයක් හෝ ස්ථානයක් එහි සඳහන් නොවේ.
එක් සටහනක් එය “බුදු සසුනට වින කරන උන්ට දින 7න් ප්‍රතිඵල” ලෙස ද “වස් කවි මේ තරම් ප්‍රභලයි කියල හිතුවෙ නෑ හැබැයි” යනාදී පාඨ සමඟ මෙය මෑත සිදුවීම් සමඟ සම්බන්ධ කරමින් පළවූ අයුරු පහතින්.


Facebook 2 | Facebook 3 | Facebook 4 | Facebook 5 | Facebook 6
විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :
ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ විරෝධතා අතරතුර, මෑතකදී රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පන්නා දැමූ බව.
Fact Check (කරුණු පරීක්ෂාව) :
මෙම දර්ශන 2022 ජූලි 10 වැනිදා පළ වූ ඒවාය
අප සිදු කළ මූල පද සෙවීමේදී, මෙම දර්ශනම 2022 ජූලි 10 වැනිදා “Live at Sri Lanka” පිටුවේ “රනිල්ගේ ගිනිගත් ගෙදර බලන්න ගිය උලපනේ හිමිට විරෝධයක්” යන සිරස්තලය සහිතව පළ වී තිබූ බව අපට හමු විය. එදිනම තවත් පිටු කිහිපයක් එම සිද්ධිය ගැන සටහන් පළ කර තිබිණි.
2022 ජූලි 10 වැනිදා පළවූ වාර්තාවල දැක්වෙන්නේ, පෙර දින විරෝධතාවේදී ගිනි තැබීමට ලක්වූ, එවකට අගමැතිවරයාගේ කොළඹ පෞද්ගලික නිවස බැලීමට උලපනේ සුමංගල හිමියෝ එදින උදෑසන පැමිණි බවත්, එහිදී අගමැතිවරයාගේ හිතවාදීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, උන්වහන්සේට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු වූ බවයි.
2022 ජූලි 9 වැනිදා රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමගේ පෞද්ගලික නිවසට විරෝධතාකරුවන් ඇතුළු වී ගිනි තැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙලෙසින්.
ඉහත සටහන්වල භාවිත කර ඇති දර්ශනය, 2022 මුල් වීඩියෝවයි සැසඳූ විට එකම පුද්ගලයන්, එකම කහ පැහැති බාධකය (“C/6” සලකුණ සහිතව) සහ එකම බිත්තිය දිස් වේ.

මුල් වීඩියෝව (2022 ජූලි 10):
එය සිරිකොතදී සිදු වූවක් නොවේ
ඇතැම් සමාජ මාධ්‍ය සටහන් මෙය “සිරිකොත ඇතුළේ” සිදු වූවක් ලෙස පැවසුව ද, 2022 මුල් සටහන් සහ ඉහත පුවත් වාර්තාව අනුව එය සිදු වූයේ ගිනි තැබූ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසලදී බව පැහැදිලිය. වීඩියෝවේ දිස්වන පසුබිම සමඟ අප කොළඹ, 5 වන පටුමගේ, 115 අංකයේ ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළුවන පරීශ්‍රයේ පසුබිම පරික්ෂා කළ අතර එහිදී ඒ දෙක එකම ස්ථානයක් බව පැහැදිලි විය. Google Maps හි 2022 මාර්තු මස, දිස්වූ අයුරු පහතින්.

ඒ අනුව එම ස්ථානය සිරිකොත ලෙස දැක්වීම වැරදි අර්ථකතනයකි.
2026 ඔක්තෝබරයේ සිදු වූ දේ එම ප්‍රකාශයට පටහැනිය
ඔක්තෝබර් 10 වැනිදා දළදා මාළිගා පරිශ්‍රයෙන් පාගමන ආරම්භ කරමින් උලපනේ සුමංගල හිමියෝ අදහස් දැක්වූ ආකාරය මෙතනින්. ඔක්තෝබර් 16 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය උන්වහන්සේ ඇතුළු පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටීම වළක්වමින් නියෝගයක් නිකුත් කළේය (මෙතනින්).
එම පාගමනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය, සමගි ජන බලවේගය සමඟ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝද සහභාගී වූ බව වාර්තා විය (මෙතනින්). ඔක්තෝබර් 26 වැනිදා එක්සත් ජාතික පක්ෂය ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාව ලබා දෙන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටියේය (මෙතනින්).
ඒ අනුව, මෙම සටනේදී රනිල් වික්‍රමසිංහගේ පක්ෂය උලපනේ හිමියන්ගේ ඉල්ලීමට පක්ෂව සිටි අතර, 2026 ඔක්තෝබරයේ උන්වහන්සේව රනිල්ගේ ආධාරකරුවන් පන්නා දැමූ බවට කිසිදු පුවත් වාර්තාවක් අපට හමු නොවීය.
මේ පැරණි වීඩියෝව දැන් යළි බෙදා හැරුණේ ඇයි
ඔක්තෝබර් 17 වැනිදා බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය පහර දුන් බවට උලපනේ හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔක්තෝබර් 19 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේගෙන් පැය හතරක පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. පහරදීමේ චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කළ බවද එහි සඳහන් වේ (මෙතනින්).
ඔක්තෝබර් 25 වැනිදා ත්‍රෛනිකායික මහානායක හිමිවරු නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ විනය සහ සංඝ ගෞරවය රැකීමේ අවශ්‍යතාව අවධාරණය කළහ (මෙතනින්). එදිනම කස්සප හිමියන් තරු පහේ හෝටලයක රැඳී සිටි වීඩියෝවක් ගැන වූ විවේචනවලට උන්වහන්සේ ප්‍රතිචාර දැක්වූහ (මෙතනින්). මෙම 2022 වීඩියෝව යළි බෙදා හැරීම ආරම්භ වූයේද මේ කාලයේදීය.
එසේ වුවද, වීඩියෝවේ දැක්වෙන සිදුවීම සත්‍යයකි. 2022 ජූලි 10 වැනිදා අගමැතිවරයාගේ හිතවාදීන්ගේ විරෝධය හමුවේ උන්වහන්සේට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු වූ බව එදා වාර්තා විය. නොමඟ යවන කොටස නම්, වසර හතරකට පෙර සිදුවීමක් දිනයක් හෝ පසුබිමක් නොමැතිව, ඥානසාර හිමියන් වෙනුවෙන් වූ සටනේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කිරීමයි.
එක්සත් ජාතික පක්ෂය
අප මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේද, මෙය පැරණි වීඩියෝවක් බව ත්, උලපනේ හිමියන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද, හමුවීමට නොපැමිණි බවයි.
උලපනේ සුමංගල හිමි සහ රනිල් කඳවුර අතර ගැටුම අලුත් නොවේ
2013දී එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික සංවිධායක ලෙස උලපනේ සුමංගල හිමියෝ එජාප නායකත්ව මණ්ඩලය පිළිබඳව රනිල් වික්‍රමසිංහ විවේචනය කළහ (මෙතනින්, මෙතනින්). 2018දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජපාන සංචාරයේ නිල දූත පිරිසට ඇතුළත් වූ එකම භික්ෂුව උන්වහන්සේ බව එවකට වාර්තා විය (මෙතනින්).
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion) :
මෑතකදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීමට ගිය උලපනේ හිමියන්ව,”රනිල්ගේ ගෝලයෝ උලපනේ සුමංගල හිමි පන්නා දමයි” ලෙස බෙදා හැරෙන වීඩියෝව 2022 ජූලි 10 වැනිදා, ගිනි තැබූ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස බැලීමට ගිය උලපනේ හිමියන්ට විරෝධය එල්ල වූ අවස්ථාවේ දර්ශනයි. එය සිරිකොතදී හෝ 2026 ඔක්තෝබරයේ සිදු වූවක් නොවේ.
2026 ඔක්තෝබරයේ ඥානසාර හිමියන් වෙනුවෙන් වූ සටන අතරතුර උන්වහන්සේව රනිල්ගේ ආධාරකරුවන් පන්නා දැමූ බවට කිසිදු වාර්තාවක් අපට හමු නොවූ අතර, එම කාලයේ එක්සත් ජාතික පක්ෂය ඥානසාර හිමියන්ට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එබැවින් මෙම සටහන් වසර හතරකට පෙර සිදු වූ සිද්ධියක් පසුබිම නොමැතිව ඉදිරිපත් කරයි.


