Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වයස පිළිබඳව නව වර්ගීකරණයක් සිදු කර නැහැ!

    2021-07-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එකසත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු නොයෙකුත් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කළ බවට දැක්වෙන සටහන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමු වෙනවා.  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විට අලුතින් පුද්ගලයන්ගේ වයස් වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇති බවට පළවූ සටහනක

    එකසත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු නොයෙකුත් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කළ බවට දැක්වෙන සටහන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමු වෙනවා. 

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විට අලුතින් පුද්ගලයන්ගේ වයස් වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇති බවට පළවූ සටහනක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    ඉඳුනිල් කිමේ කොරියාව නම් ෆේස්බුක් පි‍ටුවක් පසුගිය වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ලාංඡනය යටතේ ඡායාරූප සටහනක් සහිතව පළකර තිබු සටහනකින් දැක්වුණේ එම නව වයස් වර්ගීකරණය බවට පැවසෙන තොරතුරුයි.

    මෙම පුවතට අනුව

     0-17 = බාලවයස්කාර

    18-65 =යෞවනය

    66-79= මැදිවිය

    80-90= වැඩිහිටි 

    100 – මහළු….

    ලෙසින් නවතම ආකාරයට වයස් වර්ගීකරනය ඇති බව එම සටහනෙන් දක්වා තිබෙනවා.

    Facebook | Archived

    මෙම සටහන මේ දිනවල ද බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුනා. එමෙන්ම තවත් බොහෝ ෆේස්බුක් පි‍ටු මෙම සටහන ඔවුන්ගේ ෆේස්බුක් පි‍ටු තුළ පල කර තිබුනේ පහත අයුරින්.

    Facebook | Archived  Facebook | Archived

    බැලූ බැල්මටම මෙම කරුණ සත්‍ය බවට පෙනෙන්නට නැති බැවින් අප මෙම පුවත පිළිබඳව වැඩි දුරටත් විමසා බැලීමට තීරණය කළා.

    Also Read : FACT CHECK: සිංහරාජයේ වන විනාශය ගැන යුනෙස්කෝව ප්‍රකාශයක් සිදු කළා ද?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවිය පරීක්ශා කර බැලුවා. එහි කිසිම තැනක වයස් සීමා සඳහා නව වර්ගීකරණයක් සිදුකළ බවක් දක්වා ඇති කොටසක් අපට සොයා ගැනීමට හැකි වුනේ නැහැ.

    මේ පිළිබඳව අප මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදුකළා. එහිදී අපට ඔවුන් තහවුරු කර සිටියේ ද ඉහත ආකාරයේ වර්ගීකරණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදී නැති බව පවසමින් දැනට ක්‍රියාත්මක වන හැඳින්වීම් පිළිබඳ පැහැදිලි කිරීමක් ද ලබා දුන්නා. ඒ පිළිබඳ පැහැදිලි කිරීම පහතින්.

    වයස අවුරුදු 14 දක්වා වයස් ඛාණ්ඩය ළමා (Children) ලෙස හඳුන්වනවා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 1 වන වගන්තිය මගින් ‘ළමයින්’ වයස අවුරුදු 18 දක්වා වූ පුද්ගලයන් ලෙස අර්ථ දැක්වෙනවා. මෙය හිතාමතාම සිදු කර ඇති බවත් එහිදී අපේක්ෂා කර තිබෙන්නේ හැකි තරම් වැඩි වයස් කාණ්ඩයකට ආරක්ෂාව සහ අයිතිවාසිකම් ලබා දීම බවත් ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය පැහැදිලි කළා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ නිතර අසනු ලබන පැනයන්ට පිළිතුරු වශයෙන්ද ඉහත තොරතුරු සපයා දී තිබෙනවා. එහිදී වැඩිදුරටත් දක්වා තිබෙන්නේ යෞවනයන් ලෙස සාමාන්‍යයෙන් පිළිගනු ලබන්නේ වයස අවුරුදු 15ත් අවුරුදු 24ත් අතර අය බවයි.

    Un.org | Archived

    යෞවනයන් ලෙස පිළිගන්නා වයස් සීමාව පිළිබඳව 2013 වසරේදී එක්සත් ජාතීන් විසින් තොරතුරු සටහනක් ද නිකුත් කර තිබෙනවා.එහි ද වයස අවුරුදු 15 ත් 24ත් අතර අය යෞවනයන් ලෙස පිළිගන්නා බව දක්වා තිබෙනවා.

    Un.org | Archived

    එබැවින් අවුරුදු 18-65 ත් අතර වයස් සීමාව යෞවනයන් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිලිගන්නා බවට පල කර ඇති ෆේස්බුක් සටහන අසත්‍යක් බව පෙනී යනවා.

    එසේම වයස අවුරුදු 25 සිට 59 දක්වා වැඩිහිටියන් (adult) ලෙස ද සැලකෙනවා

    UNstats.un.org

    එමෙන්ම එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳව තොරතුරු දක්වන වෙබ් අඩවියේ වැඩිහිටියන් පිළිබඳව ද ඔවුන් සලකන්නේ කුමන වයස් වලද යන්න පැහැදිලිව දක්වා ඇති අයුරු අපට දැකගන්නට ලැබුණා 

    Unhcr.org | Archived

    එම වර්ගීකරණයට අනුව සාමාන්‍යයෙන් වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන් වැඩිහිටියන් ලෙස වර්ගීකරණය කෙරෙන බව දක්වා තිබුණා.

    එසේම ලංකාවේ මෙසේ හුවමාරු වන සටහන් මීට පෙර කොරියාවේ බොහෝ දුරට මුල් වරට හුවමාරු වූ බවක් පෙනී යන අතර ඒ සම්බන්ධයෙන් AFP කොරියානු කණ්ඩායම ඉංග්‍රීසි බසින් සිදුකර තිබු කරුණු විමර්ෂණය මෙතනින්.

    Also Read : Truth Behind The Viral UNICEF Message About Coronavirus!

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෑත කාලයේ වයස් වර්ගීකරනයක් සිදු කර ඇති බවට පල කර ඇති ෆේස්බුක් සටහන් අසත්‍ය බව අපට තහවුරු කල හැකියි. 

    වයස අවුරුදු 14 ට අඩු අවධිය ළමා (Children) ලෙසත්, අවු. 15-24 දක්වා යොවුන් (youth) අවධිය ලෙසත්, අවුරුදු 25 සිට 59 දක්වා වැඩිහිටියන් (adult) ලෙසත්, අවුරුදු 60 ට වැඩි අවධිය වයස්ගත (older person) ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාන්‍යයෙන් සඳහන් කරනු ලබනවා.

    Also Read: FACT CHECK : IDH රෝහලෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කොරෝනා වෛරසයේ PH අගය ගැන නිවේදනයක් නිකුත් කලේ නැත!

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.