Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෑතකදී තුර්කියේ සිදු වූ භූ කම්පන අවස්ථා ලෙස හඟවමින් පළ වූ නොමග යවන සුළු වීඩියෝ පෙළක්!

    2023-02-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය 06 වන දා තුර්කියට සහ සිරියාවට බල පෑ ප්‍රබල භූ කම්පනයේ අවස්ථාවන් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු වීඩියෝ කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. පළමු වීඩියෝ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පසුගිය 06 වන දා තුර්කියට සහ සිරියාවට බල පෑ ප්‍රබල භූ කම්පනයේ අවස්ථාවන් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු වීඩියෝ කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්.

    පළමු වීඩියෝව:

    1. “භූමිකම්පාවෙන් අනතුරුව තුර්කි මුහුදේ පැනනගින උස් රළ , සුනාමි අවධානමක් දැනට පැනනැගී නොමැත.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

    Facebook

    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, පසුගිය දා තුර්කියේ සිදුවූ භූ කම්පනයේ අවස්ථාවක් ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.

    Fact Check :

    ඉහත වීඩියෝව අප Invid තාක්ෂණය ඔස්සේ රූප රාමු කිහිපයක් ලබා ගැනීමෙන් අනතුරුව එම ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී ඉහත වීඩියෝවට සමාන වූ මීට වසර 5 කට පෙර Connect News SA නම් යූ ටියුබ් නාලිකාවක පළ කරන ලද යූ ටියුබ් වීඩියෝවක් වෙත අපගේ අවධානය යොමු වුණා.

    එහි සිරස්තලයෙන් ඇඟවෙන්නේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් ප්‍රදේශයේ ඇති වූ සුළු සුනාමි තත්ත්වයක් බවයි.

    මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ බවට අප කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණා. ඒ අනුව, 2017 මාර්තු 14 වන දින The Telegraph හි පළ වූ වාර්තාවකින් හෙළි වූයේ, ඩර්බන් හි උතුරු වෙරළේ අනපේක්ෂිත ලෙස ඇතිවූ මෙම සුනාමි තත්ත්වය පුද්ගලයින් 3 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බවයි. මැඩගස්කරයේ වෙරළට ඔබ්බෙන් වූ සුළි කුණාටු කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස සුළු සුනාමි තත්ත්වයක් ඇති වී ඇති බව එම විදෙස් වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

    The Citizen සහ Mirror UK වැනි තවත් බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඩර්බන් සුළු සුනාමිය පිළිබඳ පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    දෙවන වීඩියෝව

    “තුර්කි – සිරියා දේශසීමා ආසන්නයේ සිදු වූ ඛේදවාචකය” යනුවෙන් සඳහන් කරමින් පසුගිය දා තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනයෙ තුර්කි දේශසීමාවේ ඇති වූ වීඩියෝවක් ලෙස සඳහන් කරමින් තව ත් වීඩියෝවක් මෙලෙසින් සංසරණය වූවා.

    Facebook 

    Fact Check :

    මෙම වීඩියෝව,සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, 2020 ඔක්තෝම්බර් මස 31 වන දා මෙම වීඩියෝව ට්විටර් ඔස්සේ පළ කර තිබූ වීඩියෝවක් බවයි.

    එමෙන්ම මෙම භූ කම්පනය තුර්කියේ, Izmir නගරයේ බවට ට එහි දක්වා තිබුණේ මෙලෙසින්.

    Archived Link

    ඉරානය පදනම් කරගත් Mehr පුවත් ඒජන්සිය 2020 ඔක්තෝබර් 31 දින එම පුවත් වෙබ් අඩවියේ ද, මෙම වීඩියෝව පළ කර තිබුණේ මේ අයුරින්. Archived Link

    2020 ඔක්තෝබර් 30 වන දින රිච්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාවක් තුර්කියේ බටහිර ඒජියන් වෙරළ තීරයට සහ ග්‍රීක දූපතක් වන සැමෝස් වෙත බලපා ඇති අතර ඉන් තුර්කියේ 117 දෙනෙකු සහ ග්‍රීසියේ දෙදෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    පසුගිය 06 වන දා තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය බවට සඳහන් කරමින් නොමග යන සුළු වීඩියෝ ඇත්නම් එම වීඩියෝ මෙම ලිපය මගින් ඉදිරියටත් යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාව කියවීම මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.