දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවකවදය නැවතත් ක්රියාත්මක වෙන බව පවසමින් වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ. අදාළ වීඩියෝව සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :



YouTube ඔස්සේ ද මෙම වීඩියෝ සංසරණය වී තිබුනේ මෙලෙසින්

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්රී ලංකාවේ විවිධ විශ්වවිද්යාලවල මීට පෙර ක්රියාත්මක වූ නවකවද සිදුවීම් වලට අදාලව ඒ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ වාර්තාකර තිබූ අතර, පේරාදෙණිය විශ්ව විද්යාලයේ මෑතකදී ක්රියාත්මක වූ නවක වධ සිදුවීමකට අදාල වීඩියෝවක් ලෙස හුවමාරු වන ඉහත වීඩියෝව, සැබෑ ලෙසම පේරාදෙණිය විශ්ව විද්යාලයේ මෑතකදී සිදුවූවක් නම් ඒ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ ද වාර්තා කර තිබීමේ සම්භාවිතාවක් ඇත.
ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ වාර්තාකර ඇත්ද යන පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වූයේ අදාළ වීඩියෝව හෝ මෑතක දී පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවකවද සිදුවීමක් ක්රියාත්මක වූ බවට කිසිදු ප්රධාන ධාරාවේ මාධ්යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්රයක් විසින් වාර්තා කර නොමැති බවයි.
පුද්ගලයන් කණ්ඩායමක් උඩුකය නිරාවරණය කරගෙන කිසියම් ක්රියාකාරකමක හෝ රංගනයක නිරත වන ආකාරය දැක්වෙන දර්ශනය 2025 වසරේ සිට සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ.
පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක වදය නැවතත් ක්රියාත්මක වන බව පවසමින් හුවමාරුවන අදාළ වීඩියෝවේ උඩුකය නිරුවත් පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙක් අත් ඉහළට ඔසවමින් කිසියම් ක්රියාකාරකමක නිරත වන ආකාරය දැකිය හැකි අතර ඔවුන්ගේ නිරුවත් උඩුකයෙහි ලිංගික අවයව වල දර්ශන සහ තවත් විවිධ සලකුණු ඇඳ ඇති ආකාරය දැකිය හැකිය.
අප විසින් Reverse Image යෙදුමක් ඔස්සේ සිදු කළ සොයා බැලීමේදී පැහැදිලි වූයේ අදාල වීඩියෝ කොටස, මීට වසරකට පෙරත්, එනම් 2025 ජූලියේ සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී ඇති බවයි.
විශ්ව විද්යාල තුළ ක්රියාත්මක වන නවක වදය වැළැක්වීමේ අරමුණින් නවක වදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා 2025 වසරේදී නිර්මාණය කර ඇති වීඩියෝවක ඉහත වීඩියෝවේ දැක්වෙන එම දර්ශනය අන්තර්ගතව තිබේ.

මීට වසරකට පෙර පළකර තිබු වීඩියෝවක් සඳහා යොදාගෙන තිබු එම වීඩියෝ කොටස පහතින්.
පේරාදෙණිය විශ්ව විද්යාලය
අප විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්යාලයේ ප්රධාන මහජන සම්බන්ධතා නිලධාරී මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කල අතර එහිදී ඔහු විසින් සඳහන් කළේ, හුවමාරු වන වීඩියෝව සම්පූර්ණයෙන් අසත්ය වීඩියෝවක් බවයි. අද දිනයේ එනම් 2026.09.07 දින උප කුලපතිවරයා විසින් මාධ්ය හමුවක් කැඳවමින් සහ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් මෙම සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එය සම්පූර්ණයෙන්ම අසත්ය සහ විශ්ව විද්යාලයේ කීර්ති නාමයට හානි කිරීම සඳහා සිදුකරන ලද්දක් බව ප්රකාශ කළ බවද ඔහු විසින් සඳහන් කළා. අදාල සිදුවීම පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිදුවීමක් නොවන බවත්, මෑතකදී පේරාදෙණිය විශ්ව විද්යාලය ඉලක්ක කර ගනිමින් මෙවැනි සිදුවීම් හඳුනාගෙන ඇති බවත් සිසුන් වැඩි වශයෙන් විශ්ව විද්යාල කරා ඒමේ ප්රවණතාවක් සහිත කාලවකවානුවකදී මෙවැනි සිදුවීම් සැලසුම් සහගතව සිදුවන ක්රියාවලියක් බව විශ්වාස කරන බවත් ඔහු විසින් සඳහන් කළා.
එසේම මේ සම්බන්ධයෙන් පෙරාදෙණිය විශ්ව විද්යාලය විසින් නිකුත් කරන ලද මාධ්ය නිවේදනයද ඔහු විසින් අප වෙත ඉදිරිපත් කළා.
පේරාදෙණිය විශ්වවිද්යාලය නිවේදනයක් නිකුත් කරමින් නවක වද සිදුවීමක් සම්බන්ධයෙන් හුවමාරු වන වීඩියෝ සහ සටහන් සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කර ඇත
පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිදුවූ නවක වද සිදුවීමක් බව හඟවමින් මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත එකක් බවත්, එහි දැක්වෙන පරිදි එවැනි කිසිදු සිදුවීමක් පේරාදෙණිය විශ්වවිද්යාලය තුළ සිදු වී නොමැති බවත් විශ්වවිද්යාලය ඉතා තරයේ ප්රකාශ කර සිටින බව එම නිවේදනය ඔස්සේ ප්රකාශ කර තිබේ. නොමඟ යවන සුළු මෙම සමාජ මාධ්ය වාර්තාවේ අන්තර්ගතය සහ ඉන් අඟවන කරුණු විශ්වවිද්යාලය දැඩි ලෙස ප්රතික්ෂේප කරන අතර, මෙවැනි දෑ බෙදාහැරීමට හෝ ප්රචාරය කිරීමට පෙර ඒවායේ සත්යතාවය තහවුරු කරගැනීමට නිසි අවධානයක් යොමු කරන ලෙස විශ්ව විද්යාලය මහජනතාවගෙන් සහ මාධ්යවලින් දැඩිව ඉල්ලා සිටියි.
පේරාදෙණිය විශ්වවිද්යාලය සියලුම සිසුන් සඳහා නවක වදය, බිය ගැන්වීම්, හිරිහැර කිරීම් සහ සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් තොර වූ, ආරක්ෂිත, සාමකාමී, සහයෝගී මෙන්ම ඉගෙනීමට හිතකර පරිසරයක් සැපයීමට නිරන්තරයෙන් කැපවී සිටින බවද එහි දක්වා තිබේ.

මහා ශිෂ්ය සංගමය – පේරාදෙණිය විශ්ව විද්යාලය
අපි විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහා ශිෂ්ය සංගමය සම්බන්ධ කරගනිමින්ද විමසීමක් සිදු කළ අතර එහිදී ශිෂ්ය සංගමය විසින්ද සඳහන් කළේ, සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන අදාළ වීඩියෝව සම්පූර්ණයෙන්ම අසත්ය වීඩියෝවක් බවයි. එය පේරාදෙණිය විශ්ව විද්යාලයේ කිසිදු ස්ථානයකදී ලබාගත් වීඩියෝවක් නොවන බවත්, අදාළ සිදුවීම පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිදුවීමක් නොවන බවත් එය නොමග යවන සුළු ලෙස පේරාදෙණිය විශ්ව විද්යාලයේ මෑතකදී සිදුවූවක් ලෙස දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන බවද ඔවුන් විසින් තහවුරු කළා.
පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිසුන්
අපි විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන සිසුන් සම්බන්ධ කරගනිමින්ද විමසීමක් සිදු කළ අතර, එහිදී ඔවුන් විසින්ද සඳහන් කළේ ඉහත සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව පේරාදෙණිය විශ්වවිද්යාලයේ නවකවද සිදුවීමකට සම්බන්ධ වීඩියෝවක් නොවන බවයි. එසේම එම වීඩියෝවේ දැක්වෙන ආකාරයේ නවක වධ සිදුවීම් පේරාදෙණිය විශ්වවිද්යාලය තුළ සිදු නොවන බවද ඔවුන් විසින් සඳහන් කළා.
ප්රාදේශීය මාධ්යවේදීන්
අප විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය සහ නුවර ප්රදේශයේ මාධ්යවේදීන් සම්බන්ධ කර ගනිමින්ද විමසීමක් සිදුකළ අතර, එහිදී ඔවුන් විසින් ද සඳහන් කළේ පේරාදෙණිය විශ්වවිද්යාලයේ නවක වධ සිදුවීමක් ලෙස හුවමාරු වන මෙම වීඩියෝව අසත්ය වීඩියෝවක් බවයි. මෑතකදී පේරාදෙණිය විශ්ව විද්යාලයේ මෙවැනි නවක වද සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවද ඔවුන් විසින් අප වෙත සඳහන් කළා. එසේම මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පේරාදෙණිය විශ්ව විද්යාලයේ උපකුලපතිවරයා විසින් මාධ්ය නිවේදනයක් ද නිකුත් කර ඇති බව ඔවුන් විසින් සඳහන් කළ අතර එම මාධ්යවේදීන් විසින්ද අප වෙත ඉහත මාධ්ය නිවේදනය යොමු කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, පේරාදෙණිය විශ්ව විද්යාලයේ මෑතක දී සිදු වූ නවක වද සිදුවීමකට අදාළ වීඩියෝවක් ලෙස දක්වමින් හුවමාරු වන වීඩියෝව නොමග යවන සුළු බවයි. අදාල වීඩියෝව පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිදුවීමකට අදාළ වීඩියෝවක් නොවන බවට සහ එවැනිි නවකවද සිදුවීම් සිදු නොවන බවට පේරාදෙණිය විශ්ව විද්යාලය විසින් තහවුරු කර ඇත. හුවමාරු වන වීඩියෝව මීට වසරකට පෙර ද සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ. ඒ අනුව අදාල වීඩියෝව මෑත කාලීන එකක් නොවන බවත් තහවුරු වේ.



