Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : ඉන්දියාවේ හත්‍රාස් ප්‍රදෙශයේ සමූහ දුෂණයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ දැරියගේ ඡායාරුපයක් නොවේ..

    2020-10-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහිහි පිහිටි හත්‍රාස් නම් ග්‍රාමයෙහි පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු වූ සමූහ දූශන සිදුවීමක් ඉන්දීයාවේ මෙන්ම ලෝව පුරා බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වූ සිදුවීමක් බවට පත් උනා.ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධව දැඩි කම්පනයට ලක්ව ත

    ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහිහි පිහිටි හත්‍රාස් නම් ග්‍රාමයෙහි පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු වූ සමූහ දූශන සිදුවීමක් ඉන්දීයාවේ මෙන්ම ලෝව පුරා බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වූ සිදුවීමක් බවට පත් උනා.ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධව දැඩි කම්පනයට ලක්ව තිබුනා.පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ගවයන්ට අවශ්‍ය කෑම ලබා ගැනීමට ගොවිපල වෙත යන අතරේ උසස් කුලයේ යයි සැලකෙන පවුල් වල සිව් දෙනෙකු විසින් මෙම වයස අවුරුදු 19ක දැරියව සමුහ දුෂණයට ලක්කළ ඛේදනීය පුවත වාර්තා වුණා. ලක් කර තිබුනා.මෙම සිදුවීමෙන් අසාද්‍ය තත්වයේ සිටි දැරිය දින කිහිපයකට පසු රෝහල් ගතව සිටියදී මරණයට පත් උනා.

    මෙම සිදුවීම සිදුව දවස් දහයක් යන තුරුත් මේ හා සම්බන්ධ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක වීමක් නොවු හෙයින් ඇයගේ නෑදැයන් සහ ගම්වාසීන් දැක්වූ විරෝධය ඉන්දියාව පුරාවටම ව්‍යාප්ත වන බවක්ද දකින්නට ලැබුනා.මෙරට සමාජ මාධ්‍ය තුලද මේ පුවත සංසරනය වන බවක් අපට දැකගන්නට ලැබුනු අතර මෙම සිදුවීමට ලක්වුනු දැරියගේ යයි දක්වමින් අසත්‍ය ඡායාරුපයක් ද හුවමාරු වන බවක් අපට නිරීක්ශනය උනා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන්:

    Signature – අත්සන නමින් යුත් ෆේස්බුක් පි‍ටුවක් විසින් මෙම සිදුවීම දිගු විස්තරයක් ද සහිත සටහනකින් එම දැරියගේ යයි පැවසෙන පින්තූර පෙළක් ද සහිතව හුවමාරු කරගෙන තිබුනා. මෙම සටහනම CHatHUrikA JEewaNtHi නම් අයෙකු හුවමාරු කර තුබුනේ පහත අයුරින්.

    FacebookArchive
    FacebookArchive

    මෙම සිදුවීම යූ‍ටුබ් වලද වීඩියෝ පටයක් ලෙස සකස් කර තිබුනු අතර එහිද මෙම දැරියගේ යයි පවසමින් රෝස පැහැ ඇඳුමකින් සැරසී සිටින අයෙකුගේ පින්තූරයක් එම වීඩියෝවට එකතු කර තිබෙනු අපට දැකගන්නට හැකි වුනා. “මේ කෙල්ලව අතවර කර මරා දමා, ඇයගේ අවසාන කටයුතුවත් කරන්ඩ ඉඩ නොදුන් කෘර මිනිසුන්” දීර්ඝ විස්තරයක් සහිතව එම වීඩියෝවේ පෙන්වා දී තිබුනා.

    YouTubeArchive

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහපයක් පවා මෙම වැරදි ඡායාරුපය යොදාගනිමින් එම පුවත මෙසේ වාර්තා කර තිබු අයුරු ද අපට දැකගනන්ට ලැබුණා

    මෙම සටහන් වල ප්‍රධාන ඡායාරූපය ලෙස යොදාගෙන ඇති ඡායාරුපය සැබැවින්ම මෙසේ දූශනයට ලක්ව මියගිය දැරියගේද යන්න පිලිබඳව කරුනු සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට ඉන්දියාවේ මේ සිදුවීමට සම්බන්ධව පළවූ සටහන් සහ වාර්තා පරීක්ෂාවට ලක් කළා.මෙහිදී   Ajay Jeetu Yadav නම් අයකු විසින් ෆේස්බුක් වෙත එක්කර තිබූ සටහනකින් කිය වුනේ මෙම ඡායාරූපයේ සිටින්නේ ඔහුගේ සහෝදරිය බවත් ඇය 2018 වසරේ චන්දිගාර්හි රෝහලක දී මියගිය බවත්ය. හත්‍රාස් හි සිදුවීමට එම ඡායාරූපයේ කිසිඳු සබඳතාවයක් නොමැති බවත් මෙම ඡායාරුපය සහිත පෝස්ට් හුවමාරු කිරීමෙන් වලකින ලෙසත් යාදෙව් ඉල්ලා තිබුනා. එම පුවත පහතින්.

    FacebookArchived

    මෙම සටහනේ සිංහල පරිවර්තනය පහත පරිදියි

    “හත්‍රාස් නඩුව සමඟ ඔබ හුවමාරු කර ගන්නා මෙම ඡායාරූපය 2018 දී චන්දිගාර් රෝහලේදී මියගිය මගේ සහෝදරියගේ ය. වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පොලිසිය ඒ වන විට එෆ්.අයි.ආර් ලියා නොතිබූ අතර පසුව අපි මෙම ඡායාරූපය පළ කර උද්ගෝශන මෙහෙයවන ලදී.

    මෙම නඩුව චන්දිගාර්හි සිදුවෙමින් පවතී. කරුණාකර මෙම ඡායාරූපය හත්රාස් නඩුව සමඟ හුවමාරු අකර ගැනීම නවත්වන්න.”

    අජේ ජීතු යාදව් විසින් 2018 ජූලි 24 වන දින සිය සහෝදරියගේ අවසන් චාරිත්‍ර වාරිත්‍ර වලින් ලබාගත් ඡායාරූප කිහිපයක් මුහුනුපොතට එකතු කර ඇති බවක්ද අපට දැකගන්නට ලැබුනා. එම පින්තූර සමූහයේ එක් පින්තූරයක් ලෙසට රෝස පැහැ ඇඳුමකින් සැරසී සිටින මෙම හත්‍රාස් සිදුවීමට අදාලව වැරදි ලෙස හුවමාරු වන පින්තූරය ද පහත පරිදි දැකගන්නට පුලුවන්.

    FacebookArchived

    සමුහ දුෂණයට ලක්ව දැරිය මරණයට පත්වූ සමයේ මෙම වැරදි ඡායාරුපය යොදාගනිමින් සටහන් බොහොමයක් ඉන්දියාවේද හුවමාරු වී තිබු අතර මේ පිලිබඳ ඉංග්‍රීසි බසින් අප සහෝදර ආයතනය විසින් සිදුකල විමර්ශනයක් මෙලෙසින්

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ හත්‍රාස් සමූහ දුෂණ සිදුවීමට ලක්වූ දැරිය යයි රෝස පැහැ ඇඳුමකින් සැරසී සිටින කුඩා දැරියගේ ඡායාරුපය මෙම සිදුවීමට අදාලා නොවන බවයි.එය 2018 වසරේ ඉන්දියාවේ චන්දිහාර් ප්‍රාන්තයේ ජීවිතක්ශයට පත් වු දැරියකගේ සේයාරුවකි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඉන්දියාවේ හත්‍රාස් ප්‍රදෙශයේ සමූහ දුෂණයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ දැරියගේ ඡායාරුපයක් නොවේ..

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.