
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
නිව්යෝක්හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ 78වන මහා මණ්ඩල සැසියේ දී ශ්රී ලංකාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් සිය දේශනය සිදු කරන අවස්ථාවේ දී සභා ගර්භයේ සිටියේ ඉතා සීමිත පිරිසක් බවත්, බොහෝ පිරිසක් ඉවත්ව ගොස් ඇති බවත් හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්ය සටහන් :
“ජන වරමක් නැති, බංකොලොත් රටක ආර්ථික ඝාතකයෙකුට සවන් දෙන්න තරම් කාලයක් නාස්ති කරන්න ඔවුන්ට ඕන නෑ. ඒ වෙලාව ද්වී පාර්ශ්වික සාකච්ඡා සඳහා යොදාගන්නවා.” යනුවෙන් සඳහන් කරමින් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සැසිය අමතන අයුරු බවට හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ ඡායාරූපයක් හුවමාරු වූයේ මෙලෙසින්.

මෙය සත්ය වශයෙන් ම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් සැසිය ඇමතූ අවස්ථාවක් බවට බොහෝදෙනා උපකල්පනය කර තිබුණේ මෙලෙසින්.

මෙම ඡායාරුපය යොදාගනිමින් තවත් සටහන් රැසක් ද නිර්මාණය වී තිබු අතර මෙහි නිරවද්යතාවය සෙවීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
පසුගිය සැප්තැම්බර් 21 වන දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ පැවති එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා සිය ප්රධාන දේශනය සිදු කරනු ලැබුවා.
එම අවස්ථාවේ ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ ඡායාරූපය වෙත අපගේ අවධානය යොමු කිරීමේදී එහි සිටින්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ හැඩරුවට සමාන නොවන වෙනත් පුද්ගලයෙකු බව පෙනී ගිය බැවින් අදාළ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ජර්මානු චන්සලර්වරයාගේ දේශනය අතරතුර දී ලබාගත් ඡායාරුපයක්!
අපට අනාවරණය වූයේ ඡායාරූපයේ දැක්වෙන්නේ ජර්මනියේ චාන්සලර්වරයා ලෙස කටයුතු කරන ජර්මානු දේශපාලනඥයෙක් වන Olaf Scholz විසින් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා සිදු කළ දේශනය අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි. එමෙන් ම ඔහුගේ දේශයනය සිදු කරන අවස්ථාවේ එම ශාලාවේ බොහෝ අසුන් හිස්ව පැවති බවට ද, ජර්මන් පුවත් වාර්තාවල ද, පළ කර තිබෙනු දක්නට ලැබුණා.

Michael Kappeler නම් ඡායාරූප ශිල්පියා විසින් කැමරාවට හසු කරගෙන තිබු එම ඡායාරුපය ජර්මනිය DW වෙබ් අඩවියේ ද පළව තිබුණා. තවත් පුවත් වාර්තාවක් මෙතනින්
එමෙන් ම X හි පළ වූ පණිවිඩයක ද, මෙම ඡායාරූපය පළ කරමින් සඳහන් කර තිබුණේ Olaf Scholz විසින් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අමතා දේශනය සිදු කළ අවස්ථාවේ අසුන් හිස් ව පැවති බවටයි.
German Chancellor Olaf Scholz spoke at the UN General Assembly yesterday to an almost empty hall
— NEXTA (@nexta_tv) September 21, 2023
Such a small number of listeners can be explained by the fact that the speakers addressed from 9 am and the Scholz's turn reached only by 9 pm.
The German Chancellor also left the… pic.twitter.com/ICVaNmNTz8
එසේම ජර්මානු Olaf Scholzගේ කතාව පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 19 වැනිදා සවස් භාගයේ වූ අතර, අඩු සහභාගිත්වයක් දැකීමට එය ද හේතුවක් ලෙස ඇතැමුන් දක්වා තිබුණා.
ජනාධිපති රනිල් වික්රමසිංහගේ දේශනය සිදුකළ අවස්ථාව
ඉන් අනතුරුව අප මෙරට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේදී කළ දේශනය වෙත අපගේ අවධානය යොමු වුණා.
එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිල YouTube නාලිකාව හරහා පළ කර තිබූ රනිල් වික්රමසිංහ මහතාගේ සම්පූර්ණ දේශනය සම්බන්ධ සම්පූර්ණ වීඩියෝව අප පරික්ෂා කළත්, රැස්ව සිටින සභාවේ රූප රාමුවක් දැක ගන්නට නොලැබුණි. එම දේශන අවස්ථාවේ වීඩියෝව මෙතනින්.
ඉන් අනතුරුව ජනාධිපති මාධ්ය අංශයේ X ගිණුම හරහා ඉහත අවස්ථාවේ ඡායාරූප පළ කර තිබූ අතර එම අවස්ථාවක සභාවේ පිටුපසින් සිට ලබා ගත් එක් ඡායාරූපයක් වෙත අපගේ අවධානය යොමු වුණා.
Expressing concern about big power tensions and their impact on international cooperation, including trade and ocean governance, he stressed the preservation of a rules-based multilateral trading system through the @wto. (7/8) pic.twitter.com/vYGmKKo0mn
— President's Media Division of Sri Lanka – PMD (@PMDNewsGov) September 22, 2023
එම අවස්ථාවේද, සභාවේ අසුන් යම් ප්රමාණයක් හිස් ව පැවති බවක් දක්නට ලැබෙන මුත් සැලකිය යුතු පිරිසක් වික්රමසිංහ ජනාධිපතිවරයාගේ කතාව ශ්රවණය කරන බවක් දක්නට ලැබෙනවා. එසේම ශ්රී ලංකාවේ ජනපතිවරයාගේ කතාව යෙදී තිබුනේ සැප්තැම්බර් 21 වනදා උදේ වරුවේයි. (නිවී යෝක් වේලාවෙන්)
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අතරතුරු ජනපති රනිල් වික්රමසිංහට පෙර සහ පසු ඇමතූ අනෙක් නායකයින්ගේ දේශන (ඩොමිනිකන් සහ කොන්ගෝ රාජ්යයන්හි) අවස්ථාවල සභාගර්භයේ සිටි පිරිස මෙන් ම, මෙරට ජනාධිපතිවරයා දේශනය සිදු කරන අවස්ථාවේ සභාගර්භයේ සිටි පිරිස දෙස ද අවධානය යොමු කිරීමේදී බොහෝ රාජ්ය නායකයන් සභාව අමතන අවස්ථාවලදී සභාගර්භයේ ආසන සියල්ල පිරි නොතිබූ බව සහ හිස් අසුන් පැවති බව ද, දක්නට ලැබුණා.
![]() | ![]() | ![]() |
| Dominica’s President Charles Savarin | Sri Lanka’s President Ranil Wickremesinghe | Congo’s President Denis Sassou Nguesso |
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා රනිල් වික්රමසිංහ මහතා සිය ප්රධාන දේශනය සිදු කරන අවස්ථාවේ සභා ගර්භයේ සිටි පිරිස ඉවත් ව ඇති බවට හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, රනිල් වික්රමසිංහ මහතා නොව ජර්මනියේ චාන්සලර්වරයා වන Olaf Scholz විසින් එම සැසියේදී දේශයනය සිදු කරන අවස්ථාවකි.






