Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බසවක්කුලම වැව් බැම්මේ තිබූ මාර ගස් ගලවා ඉවත්කිරීම සම්බන්ධව කරුණු විමසා බැලීමක් !

    2023-01-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අනුරාධපුර, බසවක්කුලම වැව් බැම්මේ තිබුණු මාර ගස් ගලවා ඉවත් කිරීම හා සම්බන්ධව වන සටහන් සමාජ ජාලා ඔස්සේ සංසරණය වන්නට වූ අතර ඒ සම්බන්ධයෙන්  සමහර අය දැඩි විවේචන එල්ලකර තිබුණු අතර තවත් සමහරුන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    අනුරාධපුර, බසවක්කුලම වැව් බැම්මේ තිබුණු මාර ගස් ගලවා ඉවත් කිරීම හා සම්බන්ධව වන සටහන් සමාජ ජාලා ඔස්සේ සංසරණය වන්නට වූ අතර ඒ සම්බන්ධයෙන්  සමහර අය දැඩි විවේචන එල්ලකර තිබුණු අතර තවත් සමහරුන් පවසා තිබුණේ එම ගස් දිරා ඉවත්කර ඇත්තේ සාධාරණ හේතු සහිතව බවයි.මේ සම්බන්ධව විවිධ පීරිස් දැක්වූ අදහස් කැටි කොට අප විසින් සැකසු ලිපියකි මේ .

    සමාජ ජාලා සටහන් 

    බසවක්කුලම වැව් බැම්ම අසල බොහෝ පිරිසක් සේයාරූ ලබාගැනීම සදහා යොදාගත් ස්ථානයක කාලයක් තිස්සේ පැවති විශාල මාර ගස් කපා ඉවත්කර ඇති බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින්.

    මේ ඒ සම්බන්ධයෙන් සමාජ ජාලාවල බොහෝ සේ හුවමාරුවූ ගස් කපා ඇති බවක් දැක්වෙන සේයාරුව ලබාගත් තරුණිය එම සේයාරුව ෆේස්බුක් වෙත එක්කරමින් තැබූ සටහනයි.

    Facebook | Archived

    සමහර අය මෙම ගස් ඉවත්කිරීම පිලිබදව කම්පාවෙමින්  අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

    මේ සමහරක් අය එම ගස් කපා ඉවත් කිරීම  විවේචනය කර තිබූ අයුරුයි.

    එහෙත් තවත් සමහර පීරිස් පවසා තිබුණේ මෙම ගස් ඉවත් කිරීම සාධාරණ හේතු මත සිදුවිය හැකි සිදුවීමක් බවයි.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    කරුණු විමසා බැලීම:

    දැනට දින කිහිපයකට පෙර බසවක්කුලම වැව් බැම්ම ආසන්නයේ  තිබූ මාර ගස් දහයක් පමණ මීට දින කිහිපයකට පෙර කපා ඉවත් කර තිබුණා.ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ විවිධ ප්‍රචාර පැතිරුණා.ඒ සම්බන්ධයෙන් මෙම සිදුවීම හා සම්බන්ධ පිරිස් අප හා සමග අදහස් පලකලේ මෙලෙසින්.

    මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය ලේකම් R.M.G. සේනාරත්න 

    මෙම ප්‍රදේශය අයත් අනුරාධපුර- මධ්‍යම නුවර ගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ලේකම් වරයා ලෙස කටයුතු කරන R.M.G. සේනාරත්න  අප සමග පැවසුවේ මෙය සම්පුර්ණ නීත්‍යානුකූල පසුබිමක් ඔස්සේ සිදුකල ගස් ඉවත් කිරීමක් බවයි.වැව් බැම්ම ආසන්නයේ තවදුරටත් මෙම ගස් පැවතීම බැම්මේ ආරක්ෂාවට තර්ජනයක් බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මගින් දැනුම් දීම නිසා තමන් ඒ පිලිබදව දැව සංස්ථාවට දැනුම්දී මෙම ගස් ඉවත් කිරීම සිදු කල බවයි ඔහු පැවසුවේ.මේවායෙහි ඇති දැව හිමිවනු ඇත්තේ දැව සංස්ථාවට බවත් ඔහු පැවසුවා .මෙහි කිසිදු ආකාරයේ තෙවැනි පාර්ශ්වයක වාණිජ අරමුණු සහිත  මැදිහත්වීමක් නොමැති බව සදහන් කල ප්‍රාදේශීය ලේකම්වරයා සියලු කටයුතු සිදුවුවේ රජයේ පාර්ශ්වයන් වන ප්‍රාදේශීය ලේකම්වරයා ,වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සහ රජයේ දැව සංස්ථාව අතර නිසා මෙහි සැගවුණු අරමුණු නොමැති බවත් ඔහු පැවසුවා.එමෙන්ම ඔහු තවදුරටත් අවධාරණය කලේ මෙම කපන ලද ගස් දිරාපත්ව තිබුණු අතර මේවා අතරින් ගමන් කිරීමද අවදානම් සහගත බවයි.

    නියෝජ්‍ය කළමනාකාර- දැව සංස්ථාව -අනුරාධපුර කාර්යාලය- මහින්ද අබේසිංහ 

    ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ දැව සංස්ථාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ නියෝජ්‍ය කළමණාකාරවරයා වන මහින්ද අබේසිංහ පැවසුවේ මෙම ගස් කපා ඉවත් කරේ සිය කාර්යාලයේ සේවකයන් මගින් බවයි.මේවා දැව සංස්ථාව බාරයට ගන්නා බවත් ඔහු පැවසුවා.ඔහු තවදුරටත් පැවසුවේ මෙම මාර ගස් පැරණි සහ දිරීමට ලක්ව ඇති ගස් බවයි.ග්‍රාමසේවා නිලධාරියෙක් මෙම ගස් සහ ඒවා යටින් ඇති ඇවිදින මන්තිරුවේ ගමන්කරන අයට  මෙමගින්(දිරච්ච අතු කඩා වැටීම මගින් )  ඇතිවිය හැකි අන්තරාදායක තත්ත්වයන් පිලිබදව ප්‍රදේශීය ලේකම්වරයාව දැනුවත් කර ඇති බවත්, ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ලබාදුන් ලිපියක්ද සැලකිල්ලට ගනිමින් මෙම ගස් කපා ඉවත්කරන ලෙස දැව සංස්ථාවට දන්වා ඇති බවයි.ඒ අනුව දැව සංස්ථාව ක්‍රියාත්මකවූ බවත් ඔහු පැවසුවා.

    උද්භිද  විද්‍යා ගවේෂක ( Flora Ecologist ) – දිලුප් චන්ද්‍රනිමල 

    උද්භිද විද්‍යා පර්යේෂක දිලුප් චන්ද්‍රනිමල අප සමග පැවසුවේ ලංකාවේ බොහෝ මාර ගස් යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සිටවන ලද ඒවා වන බවයි.එම ශාක මේ වන විට දිරාපත්ව ඇති බවත් ඔහු පැවසුවා.ගස් තව බොහෝ කලක් පැවතිය හැකි වුවත් ඒවායෙහි අතු ආදිය කඩා වැටීමේ අවදානමක් ඇති බවත් පැවසුනා.අරටුව ශක්තිමත් නොමැති නිසා ගුල්ලන් ආදී කෘමීන්ගේ ග්‍රහණයට මෙම ගස් පත්වීමේ හැකියාව වැඩි බවයි ඔහුගේ අදහස.කෙසේ වෙතත් බසවක්කුලම වැව ආසන්නයේ සිදුවීම සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ඔහු පැවසුවේ ,මෙහි වඩාත් සාධාරණ යයි සැලකිය හැකි හේතුව වන්නේ ගස් දිරාපත්වීම නිසා අතු ඇද  වැටීමෙන් ඇවිදින මන්තිරුවේ ගමන්කරන පුද්ගලයන්ට හානි සිදුවීමේ මතයට වඩා වැව් බැම්මට මෙම ගස් මගින් යම් හානිදායක තත්ත්වයක් ඇතිවීම බවයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ මතය සමග මෙම ලිපිය ඉදිරිකාලයේදී යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු . 

    පහතින් දැක්වෙන්නේ සිරස මාධ්‍ය මෙම පුවත වාර්තා කල ආකාරයයි.

    හිරු පුවත් එය වාර්තා කර තිබුණේ පහත අයුරින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.