Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

    2019-11-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැ

    මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ කොමිසම විසින් කිහිපවිටක් ම දන්වා තිබුණා.

    මේ පසුබිම මත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ආරම්භවීමත් සමගම නිල ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපද යොදා ගනිමින් බොහෝ ආකාරයෙන් නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් හුවමාරු නොවුවද තරමක් දුරට ප්‍රචාරයක් ලැබී තිබෙනු දැකගැනීමට හැකිවිය.

    1. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන සිදු කරන ලද ප්‍රකාශ

    මේ හා සමාන සටහන් කිහිපයක්ම ෆේස්බුක් හරහා විවිධාකාරයෙන් නිර්මාණය වී තිබෙනු අපට දැක ගැනීමට හැකි වුණා. එහි සඳහන් කර තිබෙන්නේ ඡන්ද පත්‍රිකාවේ යට සිට 6 වෙනි ස්ථානයේ පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ලකුණු කොට ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවමු යනුවෙනි.

    Facebook LinkArchived Link

    Fact Check : මේ පිළිබඳව විස්තර මැතිවරණ කාර්යාලයෙන් විමසා සිටිය දී ඔවුන් දන්වා දන්වා සිටියේ මැතිවරණයට පෙර ඡන්ද පත්‍රිකා පිළිබඳ අනුරුවක් හෝ ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බවයි.  කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා මෙවර පෙනී සිටින  අපේක්ෂකයින්ගේ නම් සහ අදාල ලකුණ සමග වීඩියෝවක් මැතිවරණ කාර්යාලයෙන් පසුගියදා නිකුත් කර තිබුණා.  එහි අපේක්ෂකයින් පිළිබඳ විස්තර සදහන් කර තිබුණේ ඡන්ද පත්‍රිකාවේ තිබෙන අනු පිළිවෙලටම බවද අපට දැනගැනීමට හැකිවුනා.

    මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සලකුණ වන පොහොට්ටුව තිබෙන්නේ මුල සිට විසි පස්වන ස්ථානයේ බවයි.  ඉහත ප්‍රකාශය පරිදි කියතොත් පොහොට්ටුව තිබෙන්නේ අග සිට එකොළොස් වන ස්ථානයේය.

    ඉහත විස්තර කිරීමම ෆේස්බුක් පරිශීලකයෙකු විසින් පහත පරිදි ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් අනුසාරයෙන් කර ඇති අයුරු ද අපට දැක ගැනීමට හැකි වුණා.

    Facebook LinkArchived Link

    ඉහත ප්‍රකාශයේ දක්වා ඇති ඡන්ද පත්‍රිකාවේ අගසිට හයවන ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය නියෝජනය කරමින්, බැලුනය ලකුණ යටතේ තරග වදින ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියයි. පරිසරවේදීනීයක වන  ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිගෙන් පසු, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා (අවුරුදු 20 කින්) ඉදිරිපත් වන ප්‍රථම කාන්තාව ලෙසද ඉතිහාසගත වේ.

    එබැවින් ඉහත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ජනතාව මුළා කරවන ප්‍රකාශයකි

    2. සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන සිදු කරන ලද ප්‍රකාශ

    ඡන්ද ලකුණ ඇහැට හුරු කරමු යනුවෙන් පෙන්වා දී තිබූ මෙබඳු ප්‍රකාශවල සඳහන් වූයේ ඡන්ද පත්‍රිකාවේ අලියා ලකුණු ඉදිරියෙන් කතිරය ලකුණු කර සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණයට පත් කර ගනිමු යනුවෙනි

    Facebook LinkArchived Link

    Fact Check: සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය (UNP – අලියා ලකුණ) මූලික කොටගෙන පක්ෂ කිහිපයකින් සැදුම්ලත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේය.  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඡන්ද ලකුණ අලියා නොව හංසයාය. 2015 ජනාධිපතිවරණයේදී ද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරග වැදුණේ ද හංසයා ලකුණ යටතේය. 

    මෙවර සජිත් ප්‍රේමදාස මහතා තරඟ කරන හංසයා ලකුණ තිබෙන්නේ ඡන්ද පත්‍රිකාවේ ඉහළ සිට දහ නව වන ස්ථානයේ ද ඡන්ද පත්‍රිකාවේ පහල සිට බලනවානම් දාහත් වැනි ස්ථානයේද බව පැහැදිලිය. මේ අනුව ඡන්ද පත්‍රිකාවේ නොමැති අලියා ලකුණට ඡන්දය දී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරගමු යනුවෙන් දක්වා ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශ වේ.

    සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ තවත් එක් සටහනක දක්වා තිබුණේ හංසයා ලකුණට ඉදිරියෙන් ඉලක්කම “3” භාවිතා කිරීම මඟින් ඡන්ද තුනක් ලබාදිය හැකි බවයි. නමුත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැහැදිලිවම ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී එක් අපේක්ෂකයෙකු වෙත ලබාදිය හැක්කේ උපරිම වශයෙන් එක් ඡන්දයක් පමණි. අපේක්ෂකයින් තුන්දෙනෙක් වෙත මනාප ඡන්ද ලබා දෙන්නේ නම් 1,2,3 වශයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුතුය. මේ පිළිබඳව විස්තර කිරීමක් නිවැරදිව ඡන්දය ලබා දිය යුත්තේ කෙසේද යන අංශය යටතේ මෙම ලිපියේ අවසානයේ දැක්වේ.

    3. නාමල් රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන සිදු කරන ලද ප්‍රකාශ

    වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා පෙනී සිටින කණ්නාඩි කුට්ටම ලකුණට ඡන්දය ලබාදෙන ලෙස සටහන් කිහිපයක් ද සමාජ මාධ්‍ය වල ඔස්සේ හුවමාරු වී තිබුණි

    Facebook LinkArchived Link

    Fact Check : පසුගිය වර ජනාධිපතිවරණයේ මෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ද නාමල් රාජපක්ෂ යන අයෙකු ජාතික සමගි පෙරමුණ යටතේ කණ්ණාඩි කුට්ටම යන ලකුණු ඔස්සේ තරඟ කරයි. නාමල් රාජපක්ෂ නැමැත්තා 2015 ජනාධිපතිවරණය සඳහා ද මෙලෙසම තරඟ වැදුණු අතර එහිදී මුළු ඡන්ද 15,726 ක් ලබා ගැනීමට සමත් වී තිබුණි.

    2015 Presidential Election Results – Election Commission

    මෙසේ ඡන්දයට ඉදිරිපත් වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා නොවන අතර තවත් සමහර සටහන් මගින් දක්වා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා යන දෙදෙනාටම මනාපය දැක්වීම සඳහා ඡන්ද පත්‍රිකාවේ එක ළඟ තිබෙන කන්නාඩි කුට්ටම සහ පොහොට්ටුව ඉදිරියෙන් කතිර සළකුණු කරන ලෙසයි. මෙලෙසින් ඡන්ද පත්‍රිකාවේ කතිර දෙකක් සලකුණු කිරීමෙන් ඡන්දය සම්පූර්ණයෙන්ම අවලංගු ඡන්දයක් බවට පත්වේ.මේ පිළිබඳ ව වැඩි විස්තරයක් මෙම ලිපිය අවසානයේ නිවැරදිව ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳ කොටසේ දැක්වේ.

    මෙලෙසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති නාමල් රාජපක්ෂ, ජනතාව මුළා කිරීම සඳහා යොදා ගන්නා ලද අයෙකු බව කීපදෙනෙක් මගින්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් තබමින් පළකර තිබුණේ මෙලෙසිනි

    Facebook LinkArchived Link

    එබැවින් ඉහත ප්‍රකාශිත කන්නාඩි කුට්ටම ඉදිරියේ කතිරය ලකුණු කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙමු යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ජනතාව මුළා කරවන ප්‍රකාශයකි

    මෙම දිනවල ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පලවන සාවද්‍ය පුවත් වලට සාපේක්ෂව මෙම සටහන් හුවමාරු වී තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහොමයක් දෙනා මෙබඳු සටහන් ව්‍යාජ නොමඟ යවන සුළු සටහන් වශයෙන් හඳුනාගෙන ඇති බව එමගින් පැහැදිලි ය.

    ජනාධිපතිවරණ ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් 

    මැතිවරණ කොමිසමේ නිල යුටියුබ් චැනලය මගින් පළ කළ වීඩියෝවක මෙවර ජනාධිපතිවරණය සඳහා සහභාගීවන සියලුම අපේක්ෂකයින්ගේ ලැයිස්තුව අදාල සලකුණත් සමගම සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් පළකර තිබුණේ ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන අනුපිළිවෙලට දක්වා තිබුනේ මෙලෙසිනි.

    එහි පෙන්වා දී ඇති පරිදි ප්‍රධාන අපේක්ෂකයින් තිදෙදෙනාගේ නම්, පක්ෂය හා ලකුණු ඡන්ද පත්‍රිකාවේ තිබෙන අනුපිලිවෙලට පහත පරිදි දැක්විය හැක.

    අනුර කුමාර දිසානායක මහතා: මාලිමාව ලකුණ – ඡන්ද පත්‍රිකාවේ ඉහළ සිට 12 වන ස්ථානය

    සජිත් ප්‍රේමදාස මහතා : හංසයා ලකුණ  – ඡන්ද පත්‍රිකාවේ ඉහළ සිට 19 වන ස්ථානයේ ද ඡන්ද පත්‍රිකාවේ පහල සිට බලනවානම් 17 වැනි ස්ථානයේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා : පොහොට්ටුව ලකුණ  – ඡන්ද පත්‍රිකාවේ ඉහළ සිට 25 වන ස්ථානයේ ද ඡන්ද පත්‍රිකාවේ පහල සිට බලනවානම් 11 වැනි ස්ථානයේ.

    මීට අමතරව මෙවර ජනාධිපතිවරණ මැතිවරණයේදී ජනතාව වෙත හරි හැටි ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකළ යුත්තේ කෙසේද යන්න පැහැදිලි කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්දදේශප්‍රිය මහතා පහත ලෙස කරුණු දක්වා සිටියා.

    News.lk ArticlesArchived Link

    නිවැරදිව ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරු

    • ඡන්දය ලබාදෙන්නේ එක් අපේක්ෂකයෙකුට පමණක් නම් අදාල අපේක්ෂකයාගේ නම හා ලකුණු ඉදිරියෙන් “1” ලකුණ හෝ “X” ලකුණු කිරීම මඟින් වලංගු ඡන්දයක් ලබාදිය හැක.
    • අපේක්ෂකයින් තිදෙනෙක් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවද පවතින අතර එසේ ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් අදාළ අපේක්ෂකයින්ගේ නම සහ සලකුණ ඉදිරියෙන් 1,2,3 වශයෙන් සටහන් කිරීම ද වලංගු ඡන්දයකි.

    තවදුරටත් කරුණු දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ පහත අවස්ථාවන් වලංගු නොවන ඡන්ද ලෙස සැලකෙන බවයි.

    • ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණු එකකට වැඩියෙන් සටහන් කර තිබීම
    • ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණ සටහන් කර දෙවන තුන්වන මනාප සඳහා ඉලක්කම් යොදා ගැනීම 
    • ඡන්ද පත්‍රිකාවේ පළමු අපේක්ෂකයාට “1” ලකුණ සදහන් කර අනෙකුත් අපේක්ෂකයින් සඳහා කතිර ලකුණු හෝ වෙනත් කිසියම් සලකුණු භාවිතා කිරීම 

    මෙය හා සම්බන්ධ වීඩියෝ දර්ශනය පහතින්

    මැතිවරණ කොමිසම විසින් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ද ඉහත ප්‍රකාශය ලබා දී තිබුණු අතර එම වීඩියෝ පහතින්

    Tamil Video English Video

    ඉහත විස්තරයම රජයේ නිල ප්‍රවෘත්ති අඩවියේ රූප රාමු සහිතව පැහැදිලි කර තිබුණේ පහත අයුරිනි

    News.lk – Voting procedure for presidential pollArchived Link

    නිවැරදිව ඡන්දය ලකුණු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සහ ඡන්දය ගණන් කිරීමේ පසුව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියා පිලිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පහත වීඩියෝවෙන්

    තවද පසුගිය දින කිහිපයේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අණ ලද ව්‍යාජ ලෙස සකස් කරන ලද හා කිහිපයක්ම හුවමාරු වී තිබෙනු අපට දැක ගැනීමට හැකි වුනේ පහත පරිද්දෙනි

    Facebook LinkArchived Link

    අවසාන නිගමනය

    මේ අනුව අපි විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා, ප්‍රේමදාස මහතා සහ නාමල් රාජපක්ෂ මහතා යන අය සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ දක්වා ඇති සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

    Fact Check By: Sahan Perera 

    Result: False

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.