Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    එළැඹෙන මැතිවරණයක දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවට දැක්වෙන සමීක්ෂණයක් Verité Research විසින් සිදුකර නැහැ!

    2023-12-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ අපේක්ෂිත ඡන්ද ප්‍රතිශත සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වා ලැබූ ප්‍රතිඵල බවට දක්වමින් විවිධ සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. එවැනි සමීක්ෂණ, ලංකාව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ අපේක්ෂිත ඡන්ද ප්‍රතිශත සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වා ලැබූ ප්‍රතිඵල බවට දක්වමින් විවිධ සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. එවැනි සමීක්ෂණ, ලංකාවේ නමක් දරා සිටින පර්යේෂණ කණ්ඩායම් විසින් සිදුකර තිබු බව පෙන්වීමට ව්‍යාජ සටහන් ද මේ අතර පළවෙනවා. එවැනි අසත්‍ය සටහන් පෙළක් පිළිබඳව Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අප්‍රේල් මාසයේදි මැතිවරණය තිබ්බොත් මේ ප්‍රතිඵලය දින පහු වෙන්න පහු වෙන්න ජාතික ජන බලවේගයට වැඩි වැඩියෙන් මන්ත්‍රීවරු…රනිල්රාජෆක්ෂ මොකද කියන්නේ අඩුවෙන් අත පුච්චා ගන්න ඉක්මනින් චන්දෙකට යමුද” යනුවෙන් සදහන් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව එළැඹෙන මැතිවරණයේ ජාතික ජනබලවේගය 50%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා බවට මෙම සටහනින් දක්වා තිබුණා. එම සටහන පහතින්.

    Facebook | Archived 

    වෙරිටේ රිසර්ච් මඟින් දෙසැම්බර් මස සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ජාතික ජන බලවේගය 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවක් එහි දැක්වෙනවා. එසේම සමගි ජන බලවේගය 26%ක් ද එක්සත් ජාතික පක්ෂය 8%ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 5% ක් ද අනෙකුත් පක්ෂ 11% ක ඡන්ද ප්‍රතිශත ද පිළිවෙලින් ලබාගනු ඇති බවත් එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන බවක් සඳහන්.

    මෙම සටහන් සඳහා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබූ බවයි.

    ඒ අනුව මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    එළැඹෙන මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳ වෙරිටේ රිසර්ච් (Verité Research) විසින් සමීක්ෂණයක් සිදු කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද යන්න පරීක්ෂා කළත් එවැනි සමීක්ෂණයක් එම ආයතනය විසින් සිදු කර ඇති බවට කිසිදු වාර්තාවක් දක්නට නොලැබුණි. එමෙන් ම වෙනත් පිළිගත හැකි ආයතනයකින් හෝ එවැනි සමීක්ෂණයක් සිදු කර ඇති බවට ද, ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොතිබුණි. 

    අප මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසා බැලීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂාවක් සිදු කළේ, මැතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර තිබුණේ ද යන්නයි. නමුත් අපට එවැනි වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

    වෙරිටේ රිසර්ච් ආයතනය

    වෙරිටේ රිසර්ච් ආයතනයෙන් අප මේ පිළිබඳ විමසූ අතර ඔවුන් තහවුරු කළේ ද, එළැඹෙන ශ්‍රී ලංකා මහ මැතිවරණයේ ප්‍රක්ෂේපිත මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව ඔවුන් කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැති බවත් මීට පෙර හෝ කිසිදු මැතිවරණයකදී එවැනි ප්‍රක්ෂේපණයක් සිදු කර නොමැති බවත් ය.

    එසේම Verité Research ඔවුන්ගේ නිල FB පිටුවේ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් පළකරමින් සඳහන් කර සිටිනේ සිය ආයතනය විසින් සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ආකාරයේ කිසිදු සමීක්ෂණයක් සිදුකර නොමැති බවයි. 

    එවැනි සමීක්ෂණයක් සිදුකළා නම් අදාළ ආයතනයේ එම තොරතුරුවලට පරිශීලකයන්ව යොමු කෙරෙන සබැඳියක් හෝ තිබිය යුතු බවයි. එසේ නොමැති නම් එම තොරතුරු සැක සහිත බවත්, එවන් සැක සහිත තොරතුරු හුවමාරු කරගැනීමෙන් වැළකීමේ වැදගත්කමත් දක්වමින් Verité Research පළකර තිබූ ෆේස්බුක් සටහන පහතින්.

    වෙරිටේ රිසර්ච් ආයතනය විසින් වසර කිහිපයක සිට සමාජ-දේශපාලන, ආර්ථික දර්ශක ආදි මාතෘකා ඔස්සේ සිය පර්යේෂණ සහ විශ්ලේෂණ සිදු කරනු ලබනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    එළැඹෙන මැතිවරණයේදී 50%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවට කිසිඳු සමීක්ෂණයක් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කර නැහැ. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-12-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.