Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සීගිරි ගලෙන් ඇදගෙට වැටෙන චීන ජාතිකයෙක් ?

    2025-08-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ වීඩියෝ සත්‍ය වූවත්, ඒ සඳහා යොදන කෙටි පැහැදිලි කිරීම තුළින් වෙනත් අර්ථකථන ලබා දීම හේතුවෙන් ජනතාව නොමග යනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ වීඩියෝවක ඇත්ත සොයා අප සිද

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ වීඩියෝ සත්‍ය වූවත්, ඒ සඳහා යොදන කෙටි පැහැදිලි කිරීම තුළින් වෙනත් අර්ථකථන ලබා දීම හේතුවෙන් ජනතාව නොමග යනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ වීඩියෝවක ඇත්ත සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “සීගිරි ගලෙන් ඇදගෙට වැටෙන චීන ජාතිකයෙක්. පේනවනේ නොදැන්න තැන් වල ගියාම වෙන දේ හැමෝම පරිස්සමින්”  යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. 

    Facebook

    මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත සඳහන් ලෙස සීගිර ගලෙන් පුද්ගලයෙකු ඇද වැටී මිය ගියේ නම් එය අනිවර්යානේ ම ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබිය යුතු බැවින් අප මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් අපට ඒ ආකාරයෙන් පුවතක් මෑතකදී වාර්තා වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    අවසන් වරට එවැනි පුවතක් වාර්තා වී තිබුණේ, 2020 සහ 2021 වසරේ පුවතක් වන අතර නමුත් එම වාර්තා කිරීමට මුල් වී තිබුණේ, එවකට වසර 45කට පමණ පෙර වූ කතාවක් බව එහි දක්වා තිබුණේ මෙලෙසින් හා මෙලෙසින්. Archived Link

    කෙසේ වෙතත් එලෙසින් ඇදවැටුණු දැරිය ජීවිතක්ෂයට පත් වී නොතිබුණි.

    අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සීගිරියේ පොලීසිය මෙන් ම, සීගිරිය ප්‍රදේශයේ මාධ්‍ය වාර්තාකරුවන්ගෙන් ද, සීගිරිය මාර්ගෝපදේශකයන්ගෙන් ද, විමසීම් කළ අතර ඔවුන් පවසා සිටියේ සීගිරි ගලෙන් මෑතකදී කිසිවෙකු වැටුණු බවට තොරතුරක් නොමැති බවයි.

    ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එය විදේශිකයන් අතර සමාජ මාධ්‍ය වල සංසරණය වී ඇති දැක ගන්නට ලැබෙනවා.

    මෙම වීඩියෝව ආකාරයෙන් තව ත් වීඩියෝ කිහිපයක් Youtube හි පළ කර තිබුණේ මේ අයුරින්.

    මෙම කඳු වැටිය චීනයේ ගුවන්ඩොං පළාතේ Danxia කඳුවැටිය ආකාරය දැක ගන්නට ලැබෙනවා.

    තව ත් වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

    Instagram හි ගිණුමක මෙම වීඩියෝව ම දක්වමින් චීනයේ ත්‍රාසජනක ලෙස කඳු තරණය කරන අවස්ථාවක් ලෙසට  දක්වා තිබුණා. 

    View this post on Instagram

    A post shared by Girlwith3jobs Funny Memes (@girlwith3jobs)

    කෙසේ වෙතත් මේ කඳු තරණය කිරීම සඳහා පැමිණෙන සංචාරකයින් ආරක්ෂක උපකරණ සමගින් මෙන් ම කිසිදු ආරක්ෂාවක් නොමැතිව කඳු තරණය කරන ආකාරයක් දැක ගන්නට ලැබෙනවා. චීනයේ මෙවැනි ආකාරයේ ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීම සඳහා තරණය කරනු ලබන Huashan කඳු වැටිය පිළිබඳ වීඩියෝවක් මෙතනින්.

    ඇතැම් පිරිස් ඉහත දක්වා ඇති වීඩියෝව කැමරා කෝණය වෙනස් කර එම වීඩියෝ නැවත උඩුගත කර ඇති බවට පවසා තිබුණත් මෙහි නිසි ලෙස දිශානතිය වෙනස් කර මෙම වීඩියෝවේ පසුබිම සමග සැසඳීම කළත්, එහි වෙනසක් ඇති බව දැක ගන්නට ලැබේ. එලෙස කෝණය වෙනස් කිරීමෙන් පසු (angle to the horizon) දක්නට ලැබෙන ආකාරය.

    ඒ අනුව මින් පැහැදිලි වන්නේ, පටිගත කරන පුද්ගලයා පටිගත කිරීමේදී කැමරා කෝණය සුළු වශයෙන් වෙනස් වීමකට ලක් වී ඇති නමුත් මෙය කැමරා කෝණය සිරස් තිරස් ලෙස මාරු කර උඩුගත කර නොමැති බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සීගිරි ගලෙන් ඇදගෙට වැටෙන චීන ජාතිකයෙක් ලෙසට සඳහන් කරමින් පෙන්වා දෙන්නේ, මෙරට වීඩියෝවක් නොව චීනයේ පිහිටි කඳු වැටියකින් වැටෙන්නට යන කාන්තාවකගේ වීඩියෝවකි. එමෙන් ම සීගිරියේ මෑත වකවාණුවකදී කිසිදු පුද්ගලයෙක් වැටුණු බවට සිදුවීමක් වාර්තා නොවේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-08-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.