Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    3I/ATLAS යනු පිටසක්වල යානාවක් ද ?

    2025-11-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 3I/ATLAS යනු පිටසක්වල යානයක් බවට සඳහන් කරමින් එහි දර්ශනයක් බවට හඟවන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.  සමාජ මාධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    3I/ATLAS යනු පිටසක්වල යානයක් බවට සඳහන් කරමින් එහි දර්ශනයක් බවට හඟවන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “3I/ATLAS අභිරහස් හමුවීමක් සිදු වෙන්නද යන්නේ” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමග, අදාල ආකාශ වස්තුවේ බවට හඟවන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

    Post Link | Archived Link

    මෙම තේමාවෙන් පළ වූ තවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    සත්‍ය වශයෙන්ම 3I/ATLAS යනු පිටසක්වල යානාවක්ද යන්න සහ ඊට අදාළව හුවමාරුවන වීඩියෝ පටය සැබෑ ලෙසම අදාළ ආකාශ වස්තුවේද යන්න පිළිබඳ කරුණු පරීක්‍ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    3I/ATLAS අන්තර් තාරකා වල්ගා තරුව සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති වෙනත් තාරුකාවක් ආශ්‍රිතව නිර්මාණය වූ වල්ගා තරුවක් බව දැන ගන්නට ලැබෙනවා. 2025 වසරේ ජූලි මාසයේදී මුල්වරට හඳුනාගත් මෙම සුවිශේෂී ආකාශ වස්තුව නොවැම්බර් මාසයේදී පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බවට නාසා ආයතනය අනාවරණය කර තිබෙනවා.

    Nasa.gov | Archived

    හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් 31/ATLAS අන්තර් තාරකා වල්ගා තරුවේ තියුණු දර්ශනයක් ලබා ගෙන තිබෙනවා.

    Nasa.gov | Archived

    2025 ජූලි 01 වන දින මුල් වරට 3I/ATLAS වල්ගා තරුව සොයාගන්නා විට එය දිස් වූ ආකාරය සහ ජූලි සහ අගෝස්තු මාසවලදී වල්ගා තරුව දිස් වූ ආකාරය නාසා ආයතනයේ වෙබ් පිටුවේ පල කර තිබෙනවා.

    Nasa.gov | Archived

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝවේ දැක්වෙන ලෙස 3I/ATLAS වල්ගා තරුවේ වීඩියෝවක් නාසා වෙබ් අඩවියේ දැක ගන්නට නොලැබේ.

    මේ අතර මාධ්‍ය වාර්තා සහ අනෙක් වෙබ් ලිපි මගින්ද පෙන්වා දෙන්නේ, පෘථිවිය පිහිටි සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන මෙම තාරකා වස්තුව වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක සිට පැමිණි තුන්වැනි තාරකා වස්තුවක් වන අතර මීට පෙර 2017, 2019 යන වසර වලදීද එවැනි දුර්ලභ වස්තූන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙන බවයි.එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    සමාජ මාධ්‍යයෙහි පළ වූ වීඩියෝ පටයට මූලාශ්‍ර නැහැ. 

    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ කුමක්ද යන්න පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්ක්‍රිප්ස් සාගර විද්‍යා ආයතනයේ මහාචාර්ය ජැක් ඒ ගිල්බට් විසින් ඒ බව Lead Stories වෙත පවසා ඇත්තේ, 3I/ATLAS වල්ගා තරුවේ බවට සඳහන්ව හුවමාරු වන වීඩියෝ පටය නොමග යවන සුළු එකක් වන අතර එය අන්වීක්ෂයකින් ලබාගත් ඒක සෛලික ජීවියෙකුගේ දර්ශනයක් විය හැකි බවයි.

    එමෙන් ම මෙම වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇත්දැයි යන්න පිළිබඳව ද, අප පරීක්ෂා කළ අතර එහි ලැබූ ප්‍රතිඵල වලින් තහවුරු වූයේ ද, මෙම කෘතිමු බද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.

    ඒ අනුව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන 3I/ATLAS වල්ගා තරුවේ යැයි සැලකෙන වීඩියෝ පටය හෝ එය පිටසක්වල යානාවක් බව දක්වමින් හුවමාරු වන සටහන් නාසා ආයතනය හෝ කිසිදු තාරකා විද්‍යා පර්යේෂණ ආයතනයක් මගින් පල කරන ලද හෝ තහවුරු කරන ලද ඒවා නොවන බව පැහැදිලි වේ.

    Conclusion (නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ 3I/ATLAS යනු පිටසක්වල යානාවක් යනුවෙන් හඳුන්වමින් ඊට අදාළව හුවමාරු වන වීඩියෝ පටය නොමඟ යවන සුළු එකක් බවයි. 2025 ජූලි මාසයේ මුල්වරට හඳුනාගත් අන්තර් තාරකා වල්ගා තරුවක් වන 3I/ATLAS හි හබල් අභ්‍යවකාශ දුරෙක්ෂය මගින් ගන්නා ලද සැබෑ දර්ශන නාසා ආයතනය විසින් පළ කර තිබේ. නමුත් ඒවා අතර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව දැක ගන්නට නොලැබේ. එමෙන් ම සත්‍ය වීඩියෝ හා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව හා සැසඳීමේදී දථ ඒවා සමාන නොවන බවට දැක ගනන්ට නොලැබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-11-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.