Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?

    2022-02-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුකේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  : ෆේ

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුකේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන්  :

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් සෙබලුන් පිරිසක් පැරිෂුට් ආධාරයෙන් ගොඩබිමට පිවිසෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. 

    “යුක්රේන කාර්කිව් ප්‍රදේශයට රුසියානු හමුදාව පැරශුට් මගින් ගොඩබසින ආකාරය”

    Facebook

    වේගයෙන් ව්‍යාප්ත වන සටහනක් නිසා මේ පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා .

    Also Read: 

    යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

    රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප විසින් මුලින්ම සොයා බැලුවේ මෙම වීඩියෝව කුමන කාලයක, කුමන අවස්ථාවක වීඩියෝ ගතකරන ලද්දක්ද යන කාරණයයි. 

    Yandex මගින් Reverse Image Search සිදු කළ අපට දැකගන්නට ලැබුණේ 2016 වසරේදීද ට්විටර් ගිණුමක් හරහා මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර තිබුණු ආකාරයයි.

    එය රුසියන් බසින් සකස් කරන ලද්දක් වන අතර එහි සඳහන් වන්නේ රුසියාවේ Rostov ප්‍රදේශයට ගුවන් භටයින් ගොඩබාන ආකාරයක්.

    https://twitter.com/BeloFFRus/status/772445426570125312

    Archived link

    ඒ සම්බන්ධ තවත් වීඩියෝවක් ෆේස්බුක් තුලින් අපට හමුවුණා. එහි සඳහන් වන්නේ මෙය රුසියානු සෙබලුන් 2000ක් පමණ පිරිසක් ෆැරෂුට් වලින් රුසියාවේ රොස්ටොව් ප්‍රදේශයට 2014 වසරේදී ගොඩබාන අවස්ථාවක් වන බවයි. 

    Military.com නම් වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ 2014 වසරේදී රුසියානු සෙබලුන් 15,000 ක් පමණ ,සිය උපකරණද සමග රුසියානු රොස්ටොව් ප්‍රදේශයට ගුවනින් ගොඩබසින අවස්ථාවක් මෙමගින් නිරූපණය වන බවයි. එම වෙබ් අඩවියට පිවිසිය හැකියි මෙතනින්

    මේ පිළිබඳව අප Factcrescendo කණ්ඩායමේ ඉංග්‍රීසි බසින් සිදුකල කරුණු විමර්ශනය මෙතනින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අපවිසින් සිදු කරන ලද ගවේෂණයේදී හෙළිවූයේ යුක්‍රේනයේ කාර්කිව් නගරයට රුසියානු භටයින් ගොඩබසින ආකාරය ලෙස සඳහන් වන වීඩියෝව වර්තමාන රුසියානු යුක්‍රේනියානු අර්බුදයට සම්බන්ධ නොමැති අතර රුසියානු ගුවන් භටයින් රුසියානු රොස්ටොව් ප්‍රදේශයට 2014 වසරේදී පැරෂුට් මගින් පිවිසීමක් පිළිබඳව සඳහන් වන වීඩියෝවක් වන බවයි.

    Also Read: 

    Old Video of V-day Parade Rehearsal Viral as Russia’s Fighter Jets Flying over Kyiv 

    Video Game Clip Shared As Real Missile Attack in Russia-Ukraine War

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.