Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉරානය ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල නිකුත් කළ අයුරු ?

    2020-01-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බලශක්ති නිපැයුමට අවශ්‍ය ඛනිජ තෙල් නිධි රැසක් ඇත්තේ මැද පෙරදිගය. එම නිසා ලොව කාර්මික අතින් සංවර්ධනය වූ රටවල් මෙන්ම ලෝක බලවතුන්ගේ ද උකුසු ඇස යොමුව තිබෙන්නේ මැද පෙරදිග වෙතය. මැදපෙරදිග ඇති බොහෝ රාජ්‍යයන් ආගමිකව සහ ගෝත්‍රික ව බෙදී ඇති නිසා ලෝක බලවතුන් සිය බලය

    බලශක්ති නිපැයුමට අවශ්‍ය ඛනිජ තෙල් නිධි රැසක් ඇත්තේ මැද පෙරදිගය. එම නිසා ලොව කාර්මික අතින් සංවර්ධනය වූ රටවල් මෙන්ම ලෝක බලවතුන්ගේ ද උකුසු ඇස යොමුව තිබෙන්නේ මැද පෙරදිග වෙතය. මැදපෙරදිග ඇති බොහෝ රාජ්‍යයන් ආගමිකව සහ ගෝත්‍රික ව බෙදී ඇති නිසා ලෝක බලවතුන් සිය බලය නතු කර ගැනීම සඳහා මෙම බෙදුම්වාදය උපයෝගී කර ගනී. මැදපෙරදිග ප්‍රාදේශීය බලවතෙකු ලෙස හැසිරීමට උත්සාහ කරන ඉරානයේ ව්‍යාප්තවීම ලෝක බලවතකු වන ඇමෙරිකාව නුරුස්සයි. එනිසා මෙම රටවල් දෙකම තෙවන පාර්ශවීය රටවල් තුළින් මැද පෙරදිග අස්ථාවර කිරීමට උත්සාහ ගනී.

    ඇමරිකානු ආක්‍රමණය නිසා ඉරාකය අස්ථාවර වීමත් සමඟම, ඉරානය ප්‍රාදේශීය බලවතෙකු වීමට මැදපෙරදිග සිය බලය පැතිරවීමේ ව්‍යාප්තවාදී වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා නිරීක්ෂණය විය. රාජ්‍ය නායකයා ආගමික නායකයකු වන ඉරානයේ අරමුණ වී ඇත්තේ මැදපෙරදිග ඇමරිකානු ග්‍රහණයෙන් මුදවා ගැනීමය. ඉරානයේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට රැගෙන ගියේ එම රටෙහි දෙවැනි බලවත් පුද්ගලයා වන, එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ නිහඬ තැනැත්තකු වන, ඉරාන විප්ලවකාරී බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් කසම් සොලෙයිමානිය. සංග්‍රාමික උපායමාර්ගික දක්ෂ, මෙම පරිණත නිලධාරියා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා, පසුගිය දිනක ඉරාකයේ බැග්ඩෑඩ් නුවර දී ජීවිතක්ෂයට පත්විය.

    මෙම ජනරාල්වරයාගේ මරණයත් සමගම මැදපෙරදිග නැවතත් උණුසුම් විය. ඔහුගේ මරණය පිළිබඳ පලිය ඉරානය ඇමරිකාවෙන් ගන්නා බවට ප්‍රකාශ කළේය. ඒ අනුව පසුගිය දිනක ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු යුද හමුදා කඳවුරු දෙකකට බොලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. මේ දිනවල විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍යජාලා වන්හි අවධානය යොමුව ඇත්තේ මැද පෙරදිග ඇතිවී තිබෙන මෙම උණුසුම්කාරී තත්ත්වයටය. ඉරානය විසින් ඇමරිකානු හමුදා කඳවුරට පහරදීම අළලා සමාජ මාධ්‍යය ජාලාවන්හි සටහන් ඉදිරිපත් වන්නට විය.

    මෙවන් පසුබිමක For you නැමැති ෆේස්බුක් පිටුවක, “ඉරානය ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල නිකුත් කළ ආකාරය” තේමාව යටතේ වීඩියෝ පටියක් ඇතුලත්කර සටහනක් ඉදිරිපත් කර තිබුණේය. ඉරානය ඇමරිකානු කඳවුරුවලට එල්ල කළේ මිසයිල් දහයකට ආසන්න ප්‍රමාණයක් වූවද, මෙම වීඩියෝ පටයේ විශාල මිසයිල සංඛ්‍යාවක් දක්නට ලැබෙන නිසා ඒ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Mister ජයරත්න නැමැති ෆේස්බුක් පිටුවකද මෙම වීඩියෝ පටය සහිතව මේ හා සමාන සටහනක් දක්නට ලැබුණේය.

    Link

    Fact Check (සත්‍යය කරුණු විමර්ශනය)

    YouTube චැනලයේ මිසයිල සහ රොකට් නිකුත් කිරීම පිළිබඳ ඇති වීඩියෝ පට පරීක්ෂා කළෙමු.  රාත්‍රී කාලයේ එල්ල වන රොකට් ප්‍රහාරයක් තේමාව යටතේ වූ වීඩියෝ පටය අපට නිරීක්ෂණය විය. මෙම වීඩියෝ පටය YouTubeචැනලයට නිකුත් කර තිබුණේ 2018 නොවැම්බර් මසය.

    LinkArchived Link

    2018 වසරේ දෙසැම්බර් මස YouTube නිකුත් කර තිබූ මෙම වීඩියෝ පටයම රුසියාව විසින් මිසයිල අත්හදා බැලීමක් ලෙස සඳහන් කර තිබුණි. එම කාරණය අපට සනාථ කර ගැනීමට නොහැකි වුවද, මෙම වීඩියෝ පටිය මෑතකාලයේදී ඉරානය විසින් ඇමෙරිකානු කඳවුරට එල්ල කළ ප්‍රහාරය දක්වන වීඩියෝ පටියක් නොවන බව තහවුරු විය.

    Link

    ඉරානය විසින් ඇමෙරිකානු කඳවුරුවලට පහරදීම සඳහා මිසයිල නිකුත් කරන අන්දම දැක්වෙන ඉරාන රාජ්‍යය රූපවාහිනි නාලිකාවේ විකාශය අඩංගු වීඩියෝ පටියක් YouTube චැනලයේ  අපට නිරීක්ෂණය විය.

    LinkArchived Link

    2020 ජනවාරි මස 7දින ඉරාන මිසයිල ඇමරිකානු කඳවුරට පහර දෙන බව තේමාව යටතේ මෙම වීඩියෝ පටිය අඩංගු ෆේස්බුක් පිටුවක සටහනක් පිළිබඳව කරුණු විමර්ශනයක් කළ ස්වාධීන විමර්ශකයකුගේ වාර්තාවක් අන්තර්ජාලයේ අපට නිරීක්ෂණය විය. ඔවුන්ද මෙම වීඩියෝ පටයේ අඩංගු සටහනක් අසත්‍ය ප්‍රවෘත්තියක් ලෙස නම් කර තිබුණි.

    Link

    අවසාන නිගමනය

    For you නැමැති ෆේස්බුක් පිටුවක, “ඉරානය ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල නිකුත් කළ ආකාරය” තේමාව යටතේ වීඩියෝ පටියක් ඇතුලත්කර ඉදිරිපත් කර තිබු සටහන, සම්පූර්ණයෙන් අසත්‍යය සාවද්‍ය ප්‍රවෘත්ති සටහනක් බව නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.