Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කැන්ගරුවා තමා බේරාගත් ස්වෙච්ඡා සේවිකාව වැළඳ ගන්නා දසුනක්ද?

    2020-01-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සෑම වසරකම වාගේ ලැව් ගිනි සමග සටන් වදින ඕස්ට්‍රේලියානු වැසියන්ට එය අලුත් අත්දැකීමක් නොවේ. නමුත් මෑතදී ඇති වූ ගින්නෙන් මෑත ඉතිහාසයේ දී දක්නට නොලැබුණු පරිදි පුළුල් විනාශයක් සිදුවී ඇති අතර සමහර ඇස්තමේන්තු වලට අනුව අක්කර මිලියන ගණනක ඉඩම් හා සත්ව මරණ බිලියන භාග

    සෑම වසරකම වාගේ ලැව් ගිනි සමග සටන් වදින ඕස්ට්‍රේලියානු වැසියන්ට එය අලුත් අත්දැකීමක් නොවේ. නමුත් මෑතදී ඇති වූ ගින්නෙන් මෑත ඉතිහාසයේ දී දක්නට නොලැබුණු පරිදි පුළුල් විනාශයක් සිදුවී ඇති අතර සමහර ඇස්තමේන්තු වලට අනුව අක්කර මිලියන ගණනක ඉඩම් හා සත්ව මරණ බිලියන භාගයක් පමණ විනාශ වී ඇති අතර මේ වන විට පුද්ගලයින් 20 කට වැඩි පිරිසකට ජීවිතද අහිමි වී තිබේ. 

    විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා තුල මේ පිළිබඳව ප්‍රවෘත්ති රාශියක් පළ විය. සත්ව ජීවිතයන්ට තද බලපෑමක් ඇති කරමින් විශාල පරිසර හානියක් සිදුවන බවට ඡායාරූප ඇතුළත් සටහන් රැසක් පළ වීම ඇරඹි තිබිණි. තවද ගිනිදැල් නොතකා සතුන් බේරා ගැනීමට ඕස්ට්‍රේලියානු ජාතිකයන් ඉදිරිපත් වී තිබෙන විඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.

    Muditg M Induwara නැමැත්තෙකු “Rescued Kangaroo Can’t Stop Hugging The Volunteers Who Saved Her” “ස්වෙච්ඡා සේවයෙහි යෙදෙන කාන්තාව වැලඳගන්නා කැන්ගරුවා” යන තේමාව යටතේ වීඩියෝවක් තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුණේ පහත අයුරිනි

    Facebook Link 1Facebook Link 2Archived Video

    වීඩියෝ ඇතුලත් සටහන් කිහිපයක්ම සීඝ්‍ර වශයෙන් ෆේස්බුක් පරිශීලකයන් අතර හුවමාරු වී තිබෙනු අපට දැකගැනීමට හැකි වුණ අතර එම සටහන් වල සඳහන් පරිදි වනයේ ලැව්ගින්නට හසුවූ කැන්ගරුවෙක් ආගන්තුකයෙකු සමඟ මෙතරම් කුළුපග වීමට හැකි ද යන්න සැක සහිත වූ බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා මුලින්ම අප මෙම වීඩියෝව, රූපරාමු වලට වෙන් කරවා ගැනීමෙන් පසුව එම රූපරාමු google reverse image සෙවීමකට යොදාගැනීමින් එහිදී ලැබෙන ප්‍රතිඵල නිරීක්ෂණය කළෙමු.

    එසේ ලැබුණු ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේ දී වත්මන් ඕස්ට්‍රේලියාවේ තත්ත්වය හා සබැඳි සටහන් රැසක් දැක ගැනීමට හැකි විය. නමුත් එවැනි එක් සටහනක පවසා තිබුණේ මෙම වීඩියෝව කිසිදු ලැව් ගින්නකට සම්බන්ධ නැති අතර එය ඇලිස් ස්ප්‍රින්ග්ස් හි කැන්ගරු සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ලබාගත් දර්ශන ඇතුලත් වීඩියෝවක් බවයි.

    මෙම කැන්ගරු රක්ෂිතය 2005 වසරේදී ආරම්භ කරන ලද අතර එය මධ්‍යම ඕස්ට්‍ර්ලියාවේ පිහිටි උතුරු ප්‍රාන්තයේ ඇලිස් ස්ප්‍රින්ග්ස් හි පිහිටා ඇත. මෙම රක්ෂිතය මඟින් බේරාගත් කැන්ගරුවන්ගේ පින්තූර සහ වීඩියෝ, විශේෂයෙන් ම රොජර් නම් කැන්ගරුගේ පින්තූර සහ වීඩියෝ පළ කරන අතර ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයන් විශාල සංඛ්‍යාවක් සිටියි.

    ජනවාරි මස 2 වැනිදා ඇලිස් ස්ප්‍රින්ග්ස් හි කැන්ගරු රක්ෂිතයේ  The Kangaroo Sanctuary Alice Springs ඒ පිලිබඳව තැබූසටහන මෙලෙසිනි.

    https://www.facebook.com/thekangaroosanctuary/videos/467247493963355/?__xts__%5B0%5D=68.ARDQbammlm5bVWRiD_XoI7SaYJQf75B6njbM_KoRIVNNOh-0K7B62_nyZGsrXOwRIB-R8LH8OnOEuvhAcKbUP7ZRRuRwN15fWfSZzRoiP-3nTXxEJlKjdfqHLbHFyRY-fgEliyZnA0nTe8zDwew_B4ASy4myzxgBY4LT3hkRzpwDxM8uQ9HcT5BVcQOvlBq8q9mw1df8JJ4zLotd4PTChxiVLIH94YxIYfOQTKaiRADc0x_JLag0lsupt7-QFSYPmAAcKrJ4NvaVL328xiVGJ3LopRuDnQOl4NwfkysNBE8BjbjSaCNB4cNJW_WlU4NTL9Ie59xHcck8nczpaAluHufxtXfcqRW2S4oytQ&__tn__=-R
    Facebook LinkArchived Link

    එසේම එම සටහනේ තවදුරටත් දක්වා තිබුණේ මෙම වීඩියෝවේ පෙන්වා ඇති කැන්ගරුවා වැළඳ ගන්නා Laura Brown (@laurabrown99) නැමැත්තෙකු බවයි. මේ අනුව අප ඇයගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් පරික්ෂා කළ අතර එහිදී ඇය කැන්ගරු පැටවා සමඟ මිත්‍රශීලීව වැළඳ ගන්නා අවස්ථාව ඇතුලත් සටහන වැරදි අර්ථකථනයක් සහිතව සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වීම් පිළිබඳ මවිතය පළ කරමින් Instagram සටහනේ අනතුර තිබුණේ මෙලෙසිනි.

    ඇය විසින් තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ තමා විසින් මෙම කැන්ගරුවා මුදා ගත්තේ නැති බවත් එම ප්‍රදේශයේ ලැව්ගින්නක් තිබුනේ නැති බවත්ය.

    Instagram Link of Laura Brown

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි කරන්න වන්නේ “ස්වෙච්ඡා සේවයෙහි යෙදෙන කාන්තාව වැලඳගන්නා කැන්ගරුවා” යනුවෙන් ප්‍රකාශිත සටහන් පාඨකයා නොමඟ යවන සුළු බවයි. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ ලෝරා බ්‍රවුන් (Laura Brown) නැමැති කාන්තාව ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ ඇලිස් ස්ප්රින්ග්ස්හි තිබෙන පිහිටි කැන්ගරු රක්ෂිතයට පැමිණි අවස්ථාවේදී ඇය කැන්ගරුවකු වැළඳ ගන්නා අවස්ථාවක් ඇතුළත් දර්ශන පෙළකි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.