Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ වුහාන් නගරයේ මාංශ වෙළඳපොළද?

    2020-02-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරොනා 2019-nCoV  නමැති   වෛරසය ආසාදනය වූ රෝගීන් මුලින්ම සොයාගනු ලැබුවේ මධ්‍යම මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන්ය. මේ වන විට චීනය පුරා මෙම වෛරසය හේතුවෙන් දෙසීයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රෝගී තත්වය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංව

    කොරොනා 2019-nCoV  නමැති   වෛරසය ආසාදනය වූ රෝගීන් මුලින්ම සොයාගනු ලැබුවේ මධ්‍යම මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන්ය. මේ වන විට චීනය පුරා මෙම වෛරසය හේතුවෙන් දෙසීයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රෝගී තත්වය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්ත්ව ලෙස පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.  මෙම රෝග කාරක වෛරසය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ඇතැම් චීන විශේෂඥ කණ්ඩායම් විසින් මෙය සත්ව විශේෂයක් තුළින් මිනිසාට ආසාදනය වූ වෛරසයකැයි මුලින්ම අනුමාන කළ අතර බොහෝදුරට වෛරසයේ මූලාරම්භය වුහාන්  නගරයේ වෙළඳපොලක් බවටද මත පළවී තිබුණි.

    මෙම අනුමාන ප්‍රකාශයත් සමගම වුහාන් නගරයේ මාංශ වෙළෙඳපොළ දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලා තුල සැරි සංසරණය වීමට ආරම්භ විය. පසුගිය ජනවාරි 26 වෙනි දින Anitya.org නැමැති ෆේස්බුක් පිටුවක Whuan market. China, the origin of the #Coronavirus… (කොරෝනා වෛරසය උපත ලද වුහාන් නගරයේ වෙළඳපල) යන තේමාව යටතේ වීඩියෝ පටයක් රැගත් සටහනක් නිරීක්ෂණය විය. ඉතා සුළු ඉතා කෙටි කාලයක් තුළදී 1000කට අධික ප්‍රතිචාර සමඟ මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනුද නිරීක්ෂණය විය. එදිනම A Writer’s Diary නැමැති ෆේස්බුක් පිටුවක මෙම වීඩියෝ පටිය සහිත සටහන ඉදිරිපත් වී තිබූ අතර එම සටහනට ද ප්‍රතිචාර රැසක් ලැබී තිබිණි. 

    Link1Link2
    Archived Link1Archived Link2

    මෙම ෆේස්බුක් සටහන් දෙකට ලැබී තිබු සමහර ප්‍රතිචාරයන් පවසා සිටියේ මෙම වීඩියෝ පටය අසත්‍ය ප්‍රවෘත්තියක් සහිත වීඩියෝ පටියක් බවයි. අප විසින් මීට පෙර කල කරුණු විමර්ශන තුළින් කොරෝනා වෛරසය පිළිබඳව පළවන බොහෝ වීඩියෝ පට සාවද්‍ය හෝ නොමඟ යවන සුළු වීඩියෝ පට බවට තහවුරු වීම නිසා මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    මෙම වීඩියෝ පටයේ රූපරාමු කීපයක් ගෙන සරල Yandex reverse image සෙවීමකට යොමු කළෙමු. එහිදී එම රූප රාමු සහිත සටහන් සහ වාර්තා රැසක් ඇති බව නිරීක්ෂණය විය. 

    LinkArchived Link

    වීඩියෝ පටයේ එක ස්ථානයකද Pasar EXTREME Langowan යනුවෙන් නාම පුවරුවක් තිබු හෙයින් Cuevana.com වෙබ් අඩවිය Pasar EXTREME Langowan ඉන්දුනීසියානු භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ වීඩියෝ පටය පිලිබඳ වාර්තාවට අපගේ අවධානය යොමු විය. ගූගල් පරිවර්තකය ආධාරයෙන් Pasar EXTREME Langowan ඉංග්‍රීසි අර්ථය විමසු විට එය Langowan EXTREME Market බව පෙන්වා දුන්නේය. එය පිළිබඳව තොරතුරු සොයා ගැනීමේ අරමුණෙන් ගූගල් සෙවීමක් කළෙමු. Langowan EXTREME Market පිළිබඳ සෙවීමේදි එම මාංශ වෙළඳපොළේ භයංකර දසුන් යන අරුත් ඇතිව පලව තිබු සටහන් සමඟ ඉහත දර්ශන වුහාන් වෙළඳපොලක යයි පවසා ඇති සටහන් සාවද්‍ය බව පෙන්වාදුන් සත්‍ය කරුණු විමර්ශන කිහිපයක්ද දක්නට ලැබුණි.

    LinkArchived Link

    (Sickening footage of dog slaughter at Indonesian markets released) සිංහල අර්ථය “ඉන්දුනීසියානු වෙළඳපළක ජුගුප්සාජනක අන්දමට සුනඛයින්  මරණයට පත්කිරීම පිළිබඳව වීඩියෝවක් නිකුත් වේ”   තේමාව යටතේ ඔස්ට්‍රේලියාවේ පලවන ප්‍රසිද්ධ පුවත්පතක් වන The Sydney Morning Herald පුවත්පතේ 2018 ජනවාරි මස පළ කළ වාර්තාවකට අපගේ අවධානය යොමු විය. ඉන්දුනීසියාවේ සත්ව හිංසනය පිටු දැකීම පිණිස Animal Friends Jogja, Change for Animals Foundation, Humane Society International and Jakarta Animal Aid Network සංවිධාන එකමුතුව ගොඩනැඟූ සන්ධානයක් වන Dog Meat Free Indonesia, විසින් මෙම හඬ අවදි කර තිබුණේය. ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ උතුරේ පිහිටි Langowan සහ Tomohon වෙළඳපොළේ මිනිස් පරිභෝජනය පිණිස සුනඛයින්, පූසන්, වවුලන්, මීයන් සහ උරගන් කෲර ලෙස මරණයට පත්කරන අන්දම පෙන්වා දී තිබිණි. සංචාරක විදෙස් සංචාරකයන් නැරඹිය යුතු ස්ථානයක් හැටියට මෙය විවිධ සංචාරක සංවිධාන සහ ආයතන නම් කර ඇති බැවින් ඉහත නම් කළ සත්වයින් ක්ෂණයකින් මරුමුවට පත්කර ආහාරය සඳහා පිළියෙල කරදෙන අන්දමද සවිස්තරාත්මකව දක්වා තිබුණේය. සංචාරක ආකර්ෂණයක් ලෙස නම් කර ඇති මෙම වෙළඳපළවල් වසා දමන ලෙස ඉන්දුනීසියානුරජයට බල කරන බවද ඔවුන් වාර්තා තිබුණි.

    LinkArchived Link

    අනතුරුව ගූගල් සෙවීමේ දී අපගේ අවධානය යොමුවූ YouTube චැනලයක තිබෙන වීඩියෝ පටය නැරඹුවෙමු. එහි වූයේ අප කරුණු විමර්ශනය කරන ෆේස්බුක් පිටුවල තිබූ වීඩියෝ පටය බව එයම බව තහවුරු විය.

    https://youtu.be/gFRFsUQumV8?t=3
    LinkArchived Link

    Anitya.org ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ වීඩියෝ පටිය සහ YouTube චැනලයේ තිබු වීඩියෝ පටයේ රූප රාමු කිහිපයක් සංසන්දනය කළ‍ෙමු. ඉන් වීඩියෝ පට  සමාන බව තහවුරු විය.

    එමෙන්ම මෙම වීඩියෝ පටිය දර්ශන ගත කළ ස්ථානය තහවුරු කර ගැනීම පිණිස එහි එක් රූපරාමුවක (තත්පර විස්සේදී)  වූ ඉන්දුනීසියානු භාෂාවෙන් තිබූ වැකිය ගූගල් පරිවර්තකය ආධාරයෙන් පරිවර්තනය කර ගතිමු. 

    Kantor Pasar Langowan සිංහල අර්ථය වන්නේ Langowan වෙළඳපලේ කාර්යාලය යන්නයි. එමගින්ද තහවුරු වූයේ මෙම ස්ථානය ඉන්දුනීසියාවේ සුලවෙසි ප්‍රාන්තයේ Langowan වෙළඳපොලේ බවයි.

    අවසාන නිගමනය

    කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ ෆේස්බුක් මාධ්‍ය ජාලයේ විවිධ පිටු වල ඉදිරිපත් වන වුහාන් නගරයේ වෙළෙඳපොළ යනුවෙන් දැක්වෙන වීඩියෝ පටය සහිත සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවත් එමඟින් පෙන්නුම් කරන්නේ ඉන්දුනීසියාවේ සුලවෙසි ප්‍රාන්තයේ Langowan වෙළඳපොලේ ලබාගත් දර්ශන පෙළක් බවත්ය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-02-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.