Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බැඩ්මින්ටන් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග තනිව තරගවදිමින් පහසුවෙන් ජයගන්නා රොබෝ ක්‍රීඩකයාගේ ඇත්ත කතාව!

    2024-01-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෑත කාලවලදී, AI සහ රොබෝ තාක්ෂණයන් යන දෙකෙහිම ශීඝ්‍ර වර්ධනයක් සිදු වී ඇති බැවින්, මානව හැකියාවන් අභිබවන රොබෝවරුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මිනිසුන්ට තර්ජනයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ද සමාජයේ  කතිකාවතක් පවතිනවා.  එවැනි පසුබිමක, රොබෝවෙකු  මිනිසුන් දෙදෙනෙකු ස

    මෑත කාලවලදී, AI සහ රොබෝ තාක්ෂණයන් යන දෙකෙහිම ශීඝ්‍ර වර්ධනයක් සිදු වී ඇති බැවින්, මානව හැකියාවන් අභිබවන රොබෝවරුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මිනිසුන්ට තර්ජනයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ද සමාජයේ  කතිකාවතක් පවතිනවා.  එවැනි පසුබිමක, රොබෝවෙකු  මිනිසුන් දෙදෙනෙකු සමඟ තනිව පහසුවෙන් තරග වදිමින් ජයගන්නා අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝවක් ලංකාවේ බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “තාක්ෂණයේ දියුණුවෙන් මිනිසාට කුමක් වෙයිද?” යනුවෙන් සඳහන් කරමින් මිනිස් ආකෘතියක් ගත් රොබෝවෙකු සමගින් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ වීඩියෝවක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived 

    මෙම වීඩියෝව සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    එම වීඩියෝවම හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් මෙතනින්

    මෙහි නිරවද්‍යතාව සොයා කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝවේ රොබෝ ක්‍රීඩකයෙකු ලෙසින් දැක්වෙන පුද්ගලයාගේ සෙවනැල්ල, එම රෝබෝවාගේ වඩා විශාල බවත්, ඒ ඔස්සේ මෙය සංස්කරණය කරන ලද වීඩියෝවක් විය හැකි බැවින්, මෙහි මුල් වීඩියෝව පිළිබඳ සොයැ බැලීමේ අරමුණින් ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

    එහිදී අපට දැක ගැනීමට හැකි වූයේ, සති දෙක තුනකට පෙර චීනයේ බැඩ්මින්ටන් සම්බන්ධ ෆේස්බුක් පිටුවක පළ කර ඇති මෙම වීඩියෝවේ රොබෝ මිනිසෙකු නොසිටින බවත්, සාමාන්‍ය ඇඳුමින් සැරසී බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන තරඟකරුවෙකු සිටින බවයි.

    මෙහි මුල් වීඩියෝව 2023 දෙසැම්බර් 13 වන දින Douyin (Chinese TikTok) වෙත උඩුගත කරන තිබුණා. මෙහි විශ්මිත චලනයන් පෙන්වන ක්‍රීඩකයා Zhang Tianyu, නමැති චීනයේ ජාතික බැඩ්මින්ටන් මලල ක්‍රීඩකයෙක්. මෙම ක්‍රීඩකයාගේ තවත් වීඩියෝ මෙතනින්.

    VFX (Visual Effects) ඇතුළත් කර සංස්කරණය කර ඇති වීඩියෝව සහ සත්‍ය වීඩියෝවේ සංසන්දනයක් පහතින්.

    VFX සංස්කරණයන් හඳුනා ගන්නේ කෙසේද ?

    නොගැලපෙන ආලෝකය සහ සෙවනැලි: වීඩියෝව පුරා ආලෝකය සහ සෙවනැලි නිරීක්ෂණය කරන්න. නොගැලපෙන ආලෝකකරණය හරහා VFX භාවිතය පෙන්නුම් කරයි.

    අස්වාභාවික චලනයන්: වීඩියෝවේ දැක්වෙන රූප වල චලනයන් කෙරෙහි අවධානය යොමු කරන්න. අස්වාභාවික හෝ භෞතික විද්‍යාවට පටහැනි චලනයන් තිබේ නම්, VFX ලෙස හඳුනාගත හැක.

    වීඩියෝවේ දැක්වෙන රූප වල පරාවර්තන සහ සෙවනැලි: එම රූප වල පරාවර්තන සහ සෙවනැලි පරීක්ෂා කරන්න.

    විෂමතා: සම්පූර්ණ වීඩියෝවේ VFX භාවිත කර ඇති කොටස සම්පූර්ණ වීඩියෝවට සාපෙක්ෂව වෙනස් වේ. එනම් VFX භාවිත කිරීම නිසා වීඩියෝවේ ඉතිරි කොටස් සමගින් නොගැලපීම් දක්නට ලැබේ.

    සන්දර්භ විශ්ලේෂණය: වීඩියෝවේ සන්දර්භය සලකා බලන්න. සැබෑ ලෝකයේ වීමට අපහසු දෙයක් නම් එය ප්‍රබන්ධ ආඛ්‍යානයක් නිර්මාණය කිරීම සඳහා VFX භාවිත කර ඇතිබවට ඉඟියක් විය හැකිය. මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතනින්.

    මීට පෙර ද මේ ආකාරයෙන්ම රොබෝවෙකු සමඟ පුද්ගලයන් බැඩ්මින්ටන් ක්‍රීඩා කරන බවට මේ ආකාරයේම සංස්කරණය කරන ලද වීඩියෝ හුවමාරු වුණා. එවැනි විමර්ෂණයක් පහතින්.

    Also Read: රොබෝවෙක් මිනිසෙකු සමඟ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන වීඩියෝව සත්‍යයක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    මිනිස් ආකෘතියක් ගත් රොබෝවෙකු සමගින් සමගින් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ වීඩියෝවක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව නොමග යවන සුළුයි. එහි සත්‍ය වීඩියෝවේ රොබෝ මිනිසෙකු නොසිටින අතර සත්‍ය පුද්ගලයෙකු ක්‍රීඩාවේ යෙදෙන අයුරු දැක ගන්නට ලැබෙන අතර ඉහත වීඩියෝව VFX භාවිත කොට සංස්කරණය කරන ලද වීඩියෝවකි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-01-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.