Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දිට්වා නිසා ඇතිවූ මහ වැස්සෙන් මුහුදට ගසා ගෙන ගිය අලි දෙන්නෙක් බේරා ගත් දර්ශනද? 

    2025-12-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනයෙන්  මිනිස් ජීවිත රැසක් රටට අහිමිවූ අතර පීඩාවට පත්වූ සහ අවතැන්වූ පිරිස ද අතිවිශාලය. මෙම ව්‍යසනය හමුවේ ගෘහාශ්‍රිත සතුන් ඇතුළු වන සතුන් ද පීඩාවට පත් වූ අතර හැක

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනයෙන්  මිනිස් ජීවිත රැසක් රටට අහිමිවූ අතර පීඩාවට පත්වූ සහ අවතැන්වූ පිරිස ද අතිවිශාලය. මෙම ව්‍යසනය හමුවේ ගෘහාශ්‍රිත සතුන් ඇතුළු වන සතුන් ද පීඩාවට පත් වූ අතර හැකි පමණින් අනතුරුවලට මුහුණ දී සිටි සතුන්ගේ  දිවි රැක දීමට ජනතාව ක්‍රියා කළ ආකාරයක් ද දැකගත හැකි විය. මේ එලෙස අනතුරට පතවූ වන අලින් දෙදෙනෙකු පිළිබඳ සංසරණය වන දර්ශන පෙළක් පිළිබඳ විමසා බැලීමක්. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    මහ වැස්සෙන් මුහුදට ගසාගෙන ගිය අලි දෙන්නෙක්, අපේ නාවිකයන් විසින් බේරාගත් මෙහෙයුම! යන තේමාවෙන් පසුගිය නොවැම්බර් 29 වනදා පහත දර්ශන පෙළ ෆේස්බුක් වෙත මුදා හැර තිබූණේ, මෑතකදී සිදුවූ ගංවතුර තත්ත්වයත් සමග වාර්තා වූ සිදුවීමක් ලෙස හුවාදක්වමිනි.  එහි දර්ශනවලට අනුව නාවික හමුදාව විසින් මුහුදට ගසාගෙන විත් සිටි වන අලින් දෙදෙනකු බේරා ගැනීමට උත්සාහ දරන ආකාරයක් දැකගත හැකියි. 

    Facebook |Facebook 

    එය මෑතක වාර්තා වූ ගංවතුර හමුවේ වාර්තා වූ සිදුවීමක් ලෙස හුවා දක්වමින් YouTube  වෙත ද ඉහත දර්ශන  මුදාහැර තිබූ ආකාරය මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින් 

    Instagram ඔස්සේ ද එම දර්ශන පෙළ මෙලෙස  පළ වී තිබුණා. 

    ඒ අනුව මෙම දර්ශන පෙළ සැබෑ මෑතකාලීන ආපදාතත්ත්වය හමුවේ වන අලින් බේරා ගත් සිදුවීමක දර්ශන පෙළක් ද යන්න පිළිබඳව සොයා බැලීමට අප මෙලෙස පියවර ගත්තා. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පසුගිය මාසයේ අවසන් සතියේ රට මුහුණ දුන් ආපදා තත්ත්වයට අදාළව මෙරට රූපවාහීනි නාලිකා  පීඩාවට පත් ජනතාව මුදා ගැනීම ඇතුළු සියලුම තොරතුරු වාර්තාකරණය අඛණ්ඩව සිදු කළේ ය. විශේෂයෙන් ත්‍රිවිද හමුදාව මුදාගැනීම් සහ බේරාගැනීමේ මෙහෙයුම් සඳහා දායක වූ ආකාරය දර්ශන සහිතව සෑම නාලිකාවක්ම වාර්තා කර තිබිණ. ගංවතුර තත්ත්වය හමුවේ වන අලින්ට පීඩාවට පත් වූ ආකාරය දැක්වෙන සංවේදී දර්ශන ද මාධ්‍යවේදීන් අවස්ථා කිහිපයකදී සිය කැමරා කාචයන්ට හසුකර ගෙන තිබූ ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා. 

    ජල පහරට හසුව වන අලි රංචුවක් ගසාගෙන අයුරු  සහ ගංවතුරට හසු වූ වනඅලි ගම්වැදී සිටින අයුරු දැක්වෙන සහ ගංවතුර හමුවේ සෝමාවතිය චෛත්‍යයේ පේසා වළල්ලට නැග දිවි බේරා ගත් හස්තියකුගේ දර්ශන මෙලෙස වාර්තා කර තිබුණා.  නමුත් නාවික හමුදාව එම දින කිහිපයේ  සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයෙන් මුහුදට ගසා ගෙන ගිය වන අලින් දෙදෙනකු බේරා ගන්නා දර්ශන පෙළක් වාර්තා කර  නොතිබිණ.

    ඒ අනුව  තවදුරටත් අප මේ පිළිබඳ කරුණු පරීක්ෂා කර බැලූ අතර එහිදී පැහැදිලි වුයේ, මෙය මෑත කාලීනව වාර්තා වූ සිදුවීමක් නොව 2017 වසරේ නාවික හමුදාව වන අලින් දෙදෙනකු බේරාගත් මෙහෙයුමක දර්ශන පෙළක් බවයි. බීබිසී පුවත් වාර්තා කර තිබුණේ, 2017 වසරේ ජූලි 23 වැනිදා ත්‍රිකුණාමලය අසල මුහුදේ අනතුරට ලක්ව සිටි වනඅලි දෙදෙනෙකු මෙලෙස නාවික හමුදාව විසින් බේරා ගෙන ඇති බවයි. එකී පුවත් වාර්තාවට අනුව ජූලි 12 වැනිදාද කෝකිලායි – කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී තිබුණා.

    ශ්‍රී ලංකාවේ අලි නිතිපතා කලපු සහ වෙරළබඩ ජල මාර්ග හරහා ගමන් කරන අතර මෙම අවස්ථාව එවැනි අවස්ථාවක් මිස වැස්සට අලීන් මුහුදට ගසා ගිය අවස්ථාවක් නොවේ.

    තවුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාවේ YouTube නාලිකාවේ පරීක්ෂාවට ලක් කළ අතර මේ දිනවල සාමාජ මාධ්‍ය වේදිකාවල පළකර ඇති දර්ශන  පෙළ 2017 වසරේ ජුලි 23 වැනිදා මුහුදේ ගසාගෙන ගිය අලි දෙදෙනකු බේරා ගන්නා අයුරු දැක්වෙන දර්ශන පෙළක් බව තවදුරටත් තහවුර විය.    

    මේ අතර  වනඅලින් දෙදෙනා බේරාගැනීමේ සිදුවීම 2017 වසරේදී විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින් 

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක 

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අප  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය අපදා තත්ත්වයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව 2017 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව අලින් දෙදෙනකු බේරා ගත් මෙහෙයුමක දර්ශන පෙළක් බවයි. ඉන් පසු මේ දක්වා නාවික හමුදාව එවැනි බේරාගැනීමේ මෙහෙයුමක් සිදුකර නොමැති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළා. මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2017 වසරේදී නාවික හමුදාව මුහුදේ ගසාගෙන ගිය අලින් දෙදෙනකු බේරාගැනීමේ මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කළ බවයි.  ඉන් එකක් මෙහෙයුමකදී මුලතිව්වලට ආසන්නව නයාරු මුහුදේදී  එක් අලියෙකු බේරාගත් බවත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අලි දෙදෙනකු බේරා ගන්නා දර්ශන පෙළ ත්‍රිකුණාමල වරායට ඔබ්බෙන් මුහුදේදී සිදු කළ  මෙහෙයුමකට අදාළ දර්ශන පෙළක් බවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව තහවුරු වන්නේ, නාවික හමුදාව විසින් මහ මුහුදේ ගසා ගෙන යමින් සිටියදී වන අලින් දෙදෙනකු බේරා ගන්නා ආකාරය දැක්වෙන දර්ශන පෙළ පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේ ඇති වූ ගංවතුරත් සමග මුහුදට ගසා ගෙන ගිය අලි දෙදෙනකු බේරාගන්න දර්ශන පෙළක් නොවන බවයි. එම දර්ශන පෙළ මුහුදේ ගසාගෙන යමින් සිටි වන අලින් දෙදෙනකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව මීට වසර කිහිපයකට ඉහතදී එනම් 2017 වසරේදී දියත් කළ මෙහෙයුමක දර්ශන පෙළක් බවයි.   

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-12-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.