Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සත්‍ය කතාව!

    2022-02-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්ලාස්ටික් සහල් වෙළඳපොළේ දක්නට ලැබෙන බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇතැම් වීඩියෝ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාල වකවාණුවේදී සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අවස්ථාවක් බවට දක්වමින් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කළ කරුණු අනාව

    ප්ලාස්ටික් සහල් වෙළඳපොළේ දක්නට ලැබෙන බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇතැම් වීඩියෝ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාල වකවාණුවේදී සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අවස්ථාවක් බවට දක්වමින් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කළ කරුණු අනාවරණයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් : 

    Claim 1 :

    “ප්ලාස්ටික් හාල් කෑවට හදන විදිහ දැකලා තිබේබේ නෑ නේද” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කිරීම ට පියවර ගත්තා.

    Fact Check :

    අප මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ප්ලාස්ට්ක් ප්‍රතිචක්‍රීකරණය අවස්ථාවක් බවයි.

    Facebook| Archived Link

    තව ත් වීඩියෝවක් මෙතනින් | Archived Link

    Claim 2 :

    “නොදුටු ලොව සහල්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තව ත් වීඩියෝවක දක්වා තිබුණේ ප්ලාස්ටික සහල් නිෂ්පාදනය කරන අයුරු යනුවෙනි. එමෙන්ම ඔබ සහල් මිලදී ගැනීමට පෙර ඒ ගැන සැලකිලිමත් වන ලෙස ද එම වීඩියෝවේ දක්වා තිබුණු අයුරුයි මේ.

    Facebook

    මෙම වීඩියෝව සංසරණය වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින්.

    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය වශයෙන්ම ප්ලාස්ටික් සහල් නිපදවන අයුරුද යන්න අප විමසා බැලීමට කටයුතු කළේ මෙලෙසිනි.

    Fact Check :

    අප ප්‍රථමයෙන්ම මෙම වීඩියෝවේ රූප රාමූ Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව නම් චීන පුවත් වෙබ් අඩවියක පළ වූ මෙම වීඩියෝව සම්බන්ධයෙන් වාර්තාවක් අපට හමු වුණා.

    එම වෙබ් අඩවිය වාර්තා කළේ ප්ලාස්ටික් නිෂ්පාදන සමාගමක් විසින් ප්ලාස්ටික් කැට සැකසීමේ ක්‍රියාවලියක් එම වීඩියෝවේ දැක්වෙන බවයි. එවැනි නිෂ්පාදන සමාගම් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී බිඳෙන සුළු වස්තු කුෂන් කිරීමට භාවිතා කරන ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් භාවිතයෙන් එම කැට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බව එම වෙබ් අඩවිය පෙන්වා දුන්නා. එම වාර්තාව මෙතනින්.

    2017 වර්ෂයේදී YouTube වෙත යොමු කළ ඉහත වීඩියෝවේ වඩාත් පැහැදිලි දර්ශන පෙනෙන වීඩියෝවක් වෙත අපගේ අවධානය යොමු වුන අතර එහිදී එම වීඩියෝවේ දැක්වෙන “EVA” ලියා සඳහන් කර ඇති ප්ලාස්ටික් කැට අඩංගු වන බෑගයක් දැක ගැනීමට හැකි විය.(0.48) එම වීඩියෝව මෙතනින්.

    EVA යනු, (Ethylene Vinyl Acetate (EVA)) ප්ලාස්ටික් කර්මාන්ත විසින් නිෂ්පාදනය කරන ලද මෘදු රබර් වැනි කුඩා ප්ලාස්ටික් කැට ලෙස මේ පිළිබඳව අප කළ විමර්ශනය කිරීමේදී තහවුරු විය.

    indiamart

    එමෙන්ම අප මෙම අමද්‍රව්‍ය සම්බන්ධයෙන් කළ වැඩිදුර නිරීක්ෂණයේදී ඉහත බෑගය සහිත ප්ලාස්ටික් කැටි විකිණීම සඳහා වානිජමය වෙබ් අඩවියක් දක්වා ඇති අයුරු අපට දැකගන්නට ලැබුණා.

    tuifa.cn| Archived Link

    මෙම ප්ලාස්ටික් කැට බෑගය නිරීක්ෂණය කළ අපට  Hanwha Total Petrochemical Company Limited සමාගමේ ලාංඡනය දැකගත හැකි විය. එමෙන්ම වානිජමය වෙබ් අඩවියේ විකිණීමට ඇති ප්ලාස්ටික් කැට බෑගය සහ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දක්නට ලැබුණු බෑගය එක සමාන මෙන්ම ඉහත සමාගමට අයත් බවටද තහවුරු විය.

    එම ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    Hanwha Total Petrochemical Co. Ltd යනු දකුණු කොරියාවේ පිහිටා ඇති රසායනික සමාගමකි. ඔවුන්ගේ වෙබ් අඩවියේ EVA ප්ලාස්ටික් කැට නිෂ්පාදනය පිළිබඳ විස්තර මෙසේ දක්වා තිබුණා.

    ඒ අනුව පැහැදිලි වන්නේ ඉහත සමාගම යනු සහල් නිෂ්පාදන ආයතනයක් නොව රසායනික සමාගමක් බවයි.

    ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරමින් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් කැට යන්ත්‍රාණුසාරයෙන් නිෂ්පාදනය කරන අයුරු මෙතනින් සහ මෙතනින්.

    Fact Crescendo අප ඉංග්‍රීසි බසින් මේ පිළිබඳව කළ කරුණු විමර්ශනය මෙතනින්.

    එමෙන්ම සහල් බෝල කිරීමට හැකිවීම සහ ඒවා පොළොවට අතහැරි විට පොළා පැනීම  (Bouncing) පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පිළිබඳ සත්‍ය කරුණු හෙළි කළ Fact Crescendo අප විමර්ශනයක් මෙතනින්.

    Also Read : ප්ලාස්ටික් මිශ්‍ර සහල් හදන වීඩියෝවක්ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    Fact Crescendo අප කරුණු අනාවරණය කරනු ලැබුවේ, ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ, Hanwha Total Petrochemical Co. Ltd නමැති දකුණු කොරියාවේ පිහිටා ඇති ප්ලාස්ටික් නිෂ්පාදන සමාගමක් විසින් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී බිඳෙන සුළු වස්තු කුෂන් කිරීමට භාවිතා කරන ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් භාවිතයෙන් ප්ලාස්ටික් කැට(EVA) නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බවත් එම සැකසීමේ ක්‍රියාවලියක වීඩියෝවක් මෙලෙස අසත්‍ය පතුරවමින් සංසරණය වී ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.