Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දුර්ලභ සත්ත්වයෙක් ට්‍රෙඩ්මිල් උපකරණයේ සිටින අවස්ථාවක් ?

    2024-07-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් පළ වන ඇතැම් සමාජ මාධ්‍ය සටහන් නව තාක්ෂණය ඔස්සේ බිහිවන නිර්මාණයන් වේ. නමුත් මෙවැනි සටහන් නව තාක්ෂණය පිළිබඳ දැනුවත් භාවයක් නොමැති පුද්ගලයන් අතර මේවා සත්‍ය බවට විශ්වාස කිර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    උපහාසාත්මක කෝණයෙන් පළ වන ඇතැම් සමාජ මාධ්‍ය සටහන් නව තාක්ෂණය ඔස්සේ බිහිවන නිර්මාණයන් වේ. නමුත් මෙවැනි සටහන් නව තාක්ෂණය පිළිබඳ දැනුවත් භාවයක් නොමැති පුද්ගලයන් අතර මේවා සත්‍ය බවට විශ්වාස කිරීම නොමග යෑමට තුඩු දී තිබේ. එලෙසින් නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව පිළිබඳ සඳහන් කරමින් අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘දැං දැං ගෙවල් වල ඇති කරන්නෙත් මහා අමුතු සත්තු’ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එහි දක්වා තිබුණේ, දුර්ලභ සත්ත්වයෙකු ට්‍රෙඩ්මිල් ව්‍යායාම උපකරණයේ යන අයුරුයි.

    Facebook 

    මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

    මෙම වීඩියෝවේ රූප රාමු අප ප්‍රථමයෙන් ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ghost3dee නම් Tiktok ගිණුමේ මෙහි සත්‍ය වීඩියෝව පළ වී තිබූ අතර එය දෘශ්‍ය ප්‍රයෝග (VFX) භාවිත කරමින් නිර්මාණ සිදු කරන කටාර් හි කලා කරුවෙකු විසින් පවත්වා යන ගිණුමක් ලෙස දක්වා තිබුණා.

    @ghost3dee

    Andromedan spidersnail seahorse called Lord Ooleetk doing cardio #ghost3dee #houdinifx #cgcreature #cgrender #doha #qatar Sound by @audioflag

    ♬ original sound – Alex Z

    එමෙන් හ එම ගිණුම පුරා පළ කර තිබූ වීඩියෝ සියල්ල දෘශ්‍ය ප්‍රයෝග වලින් භාවිත කර සිදු කළ නිර්මාණයන් බවට දැක ගන්නට ලැබේ.

    පසුගිය වකවාණුවේ නිවසක ජනේලයක එල්ලී වහලට නැගීමට උත්සාහ කරන සත්වයකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ අතර ඒ ඔස්සේ මෙම වීඩියෝවට ද, නිවෙස් වල ඇති කරන සත්වයෙකු ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

    ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්.

    සමාජ ජාලාවල නොමගයවනසුලු ආකාරයට හුවමාරුවන හොතබුවාගේ වීඩියෝව !!

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දුර්ලභ සත්ත්වයෙකු නිවසක ට්‍රෙඩ්මිල් ව්‍යායාම උපකරණයේ යන අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝව දෘශ්‍ය ප්‍රයෝග (VFX) භාවිත කරමින් සිදු කරන ලද නිර්මාණයක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-07-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.