Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අම්පාරේදී සිංහල – මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-25
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අම්පාරේදී සිංහල-මුස්ලිම් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ලෙසට දක්වමින් එය “සිංහල-මුස්ලිම් ජාතිවාදයේ තවත් ලේ වැගිරීමකට පාරක්ද” යනුවෙන් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ සඳහනක් සමගින් වීඩියෝ සටහනක්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    අම්පාරේදී සිංහල-මුස්ලිම් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ලෙසට දක්වමින් එය “සිංහල-මුස්ලිම් ජාතිවාදයේ තවත් ලේ වැගිරීමකට පාරක්ද” යනුවෙන් ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ සඳහනක් සමගින් වීඩියෝ සටහනක් හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook

    එමෙන් ම මෙම වීඩියෝව දෙමළ ප්‍රජාව අතර ද, දෙමළ බසින් හුවමාරු වී තිබුණේ, මෙහි දැක්වෙන්නේ, බදුල්ල ප්‍රදේශයේ උත්සවයකදී මුස්ලිම් ජනතාවට සිංහල ජනතාව පන්න පන්නා පහර දෙන බව දක්වමින්. මුස්ලිම් ජනතාවගේ වාහන සහ වෙළෙඳසැල්වලට හානි සිදු කර තිබියදීත්, තවදුරටත් මුස්ලිම් ප්‍රජාවට සිංහල ජනතාව දැඩි ලෙස පහර දෙන බවට එහි සඳහන් කර තිබූ අතර, පැවැත් වූ උත්සවයේදී සිංහල භාෂාවට ප්‍රමුඛත්වය ලබා නොදුන් බව පවසමින් සිංහල ජනතාව කෝපයට පත්ව පහරදීමට පටන්ගෙන ඇති බව ත්, පොලිසිය එම ස්ථානයට පැමිණියද ගැටුම දිගටම පැවතුණ බව ත්, එහි වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

    Facebook | Archived Link

    දිස්ත්‍රික්ක දෙකක නම් මෙම ගැටුමට ඈදා තිබුණු බැවින් හා මෙම ගැටුම පිළිබඳ සත්‍ය තොරතුරු හෙළි කරන ලෙස අප වෙත ලැබුුණු පාඨක ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    අම්පාර හෝ බදුල්ල පමණක් නොව රටේ ඕනෑම ප්‍රදේශයක ජාතීන් දෙකක් අතර ගැටුමක් ඇති වූයේ නම්, ඒ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ වීමට ඉඩ තිබුණි. එහෙත් අප සිදු කළ විමර්ශනයේදී එවැනි කිසිදු සිදුවීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා හමු නොවීය. 

    අම්පාර, බදුල්ල පොලිස් ස්ථාන

    කෙසේ වෙතත් ඉහත සඳහන් කර ඇති දිස්ත්‍රික්කවල පොලිස් ස්ථානවලින් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, සිංහල-මුස්ලිම් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බවට වාර්තා නොවන බවයි.

    අම්පාර, බදුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    එවැනි සිදුවීමක් බදුල්ලේ සහ අම්පාරේ සිදුවී තිබේදැයි අපි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් විමසුවෙමු.

    එම ප්‍රදේශවල එවැනි උත්සවයක් සිදුව නොමැති බවත්, ඉහත පළ කිරීමේ සඳහන් ආකාරයට මුස්ලිම් ජනතාවට සිංහල ජනතාව පහර දුන් කිසිදු සිදුවීමක් සිදුව නොමැති බවත් ඔවුන් තහවුරු කළා.

    වීඩියෝවේ පසුබිම් පරික්ෂාව

    ඉහත සමාජ මාධ්‍ය වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී එහි “ASARD BHAI HOTEL” ලෙස සඳහන් කර ඇති අයුරු දැක ගන්නට ලැබේ.

    ඒ අනුව එම ආපන ශාලාව පිහිටි ස්ථානය අප අන්තරජාලය ඔස්සේ පරීක්ෂා කළ අතර ඒ අනුව එය හපුතලේ ස්ටේෂන් රෝඩ් හි  පිහිටි ආපන ශාලාවක් බවට තහවුරු වුණා.

    එබැවින් අපි එම අවන්හල සම්බන්ධ කර ගනිමින් මෙම සිදුවීම පිළිබඳව විමසීමක් කළා.

    එහිදී ඔවුන් සඳහන් කළේ “Misty Weekend Food Festival” නම් උත්සවයක් පසුගිය 21, 22 සහ 23 යන දිනවල හපුතලේදී පැවැති බවත්, එහි අවසන් දිනය වූ 23 වැනිදා රාත්‍රියේ DJ Night වැඩසටහනක් ද, පැවැති බවත්ය.

    එම DJ Night වැඩසටහන අවසන් වීමට ආසන්න අවස්ථාවේ උත්සවයට පැමිණ සිටි ඇතැම් බීමත්ව සිටි පුද්ගලයන් එසේ අවසන් කිරීමට යෑම පිළිබඳ කෝපයට පත්ව ඔවුන් අතර වාචික ආරවුලක් ඇති වී පසුව එය සුළු ගැටුමක් බවට පත්ව ඇති බව ඔවුහු සඳහන් කළා.

    කෙසේ වෙතත්, පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය ගැටලුව සමථයකට පත් කර ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ද, සඳහන් කළා.

    එහෙත් සමාජ මාධ්‍යවල හුවමාරු වන ආකාරයට මෙය සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ඇති වූ ගැටුමක් නොවන බවත්, සමාජය තුළ ගැටලු ඇති කිරීම සඳහා ඇතැමුන් මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවන බවත් ඔවුහු පෙන්වා දුන්නා.

    එමෙන්ම මෙම උත්සවයට සිංහල, මුස්ලිම්, හින්දු සහ ක්‍රිස්තියානි යන සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් සහභාගී වී සිටි බව ත්, මෙය පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇති වූ ගැටලුවක් මිස ජනවාර්ගික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් නොවන බවත් ඔවුහු තහවුරු කළා.

    හපුතලේ පොලිස් ස්ථානය

    ඉහත සිදුවීම පිලිබඳ තහවුරු කර ගැනීම සඳහා අපි හපුතලේ පොලිස් ස්ථානයෙන් ද, විමසීමක් කරනු ලැබුවා.

    සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝව සැබෑ වීඩියෝවක් වුව ද, එහි සඳහන් ආකාරයට එය සිංහල ජනතාව විසින් මුස්ලිම් ජනතාවට පහර දීමේ සිදුවීමක් නොවන බවයි පොලිසිය සඳහන් කළේ.

    හපුතලේ පැවැති Misty Weekend Food Festival අවසන් දිනය වූ පසුගිය 23 වැනිදා එම උත්සවයට පැමිණි ඇතැම් පුද්ගලයන් අතර ගැටුමක් ඇති වූ බව ත්, උත්සවයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් එම ගැටලුව සමථයකට පත් කර ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන් බවත් පොලිසිය සඳහන් කළා.

    තවද සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝවේ සඳහන් ආකාරයට මෙය සිංහල ජනතාව විසින් මුස්ලිම් ජනතාවට එල්ල කළ ප්‍රහාරයක් නොවන බව ත්, මුස්ලිම් ජනතාවගේ වාහන හෝ වෙළෙඳසැල්වලට හානි සිදු වූ බවට පළ වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් පොලිසිය පෙන්වා දුන්නා.

    එම ස්ථානයට පැමිණ සිටි පුද්ගලයන් සිංහල ද මුස්ලිම්ද යන්න පවා නිශ්චිතව පැවසිය නොහැකි බව ත්, ඒ වනවිටත් ගැටලුව විසඳා තිබූ බවත් ඔවුහු සඳහන් කළා.

    තවද මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව ත්, කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ත් පොලිසිය තවදුරටත් තහවුරු කරනු ලැබීය.

    හපුතලේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපි හපුතලේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් විමසීමක් කළා.

    ඔවුන් පවසා සිටියේ ද, එම ගැටුම මුස්ලිම් සහ සිංහල ජනතාව අතර ඇති වූ ගැටුමක් නොවන බව ත්, එය එම උත්සවයට පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇති වූ ගැටලුවක් පමණක් බවයි.

    අදාළ වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමේදී පුද්ගලයන් පන්නා පන්නා පහර දෙන දර්ශන දැකගත නොහැක. ඒ වෙනුවට පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇති වූ ගැටලුවක් සහ තවත් පිරිසක් පැමිණ එය සමථයකට පත් කිරීමට උත්සාහ කරන අතරතුර ඇති වූ සුළු ගැටුමක් බවට දැකගත හැකිය.

    එමෙන් ම මෙම ගැටුම කිසිදු වාර්ගික ගැටුමක් ලෙස නොදක්වමින් හපුතලේ ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් ලෙස නිසි තොරතුරු වාර්තා කළ සමාජ මාධ්‍ය සටහන් ද, ඇති බව හඳුනා ගැනීමට හැකි වුණා. එවැනි වීඩියෝ සටහනක් මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, සමාජ මාධ්‍ය ඔස්සේ අම්පාරේ සහ බදුල්ලේ සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට පහර දෙන බවට සඳහන් කරමින් දක්වා තිබූ වීඩියෝව නොමග යවන සුළු බවයි.

    එම සිදුවීම බදුල්ලේ හා අම්පාරේ වූ සිදුවීමක් නොවන අතර, එය පසුගිය 23 වැනිදා හපුතලේ පැවැති උත්සවයක් අතරතුර පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇති වූ ගැටුමකි. DJ Night වැඩසටහන අවසන් වීමට ආසන්න අවස්ථාවේ උත්සවයට පැමිණ සිටි ඇතැම් බීමත්ව සිටි පුද්ගලයන් එසේ අවසන් කිරීමට යෑම පිළිබඳ කෝපයට පත්ව ඔවුන් අතර වාචික ආරවුලක් ඇති වී පසුව එය සුළු ගැටුමක් බවට පත්ව ඇත. එය ජාතීන් අතර ඇතිවූ ගැටුමක් නොවන බව ට පොලීසිය මෙන් ම, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, එමෙන් ම එම ගැටුම ඇති වූ ස්ථානයේ ඇති අවන්හලක කාර්ය මණ්ඩලය විසින් ද, තහවුරු කරනු ලැබුවා.

    Result Stamp

    Title: අම්පාරේදී සිංහල – මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ද?

    Fact Check By: Pavithra Sandamali

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-08-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.