Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පෝලිම් යුගය පැය 24 න් අවසන් කළ හැකි බව විජිත හේරත්  පැවසුවා ද?

    2022-03-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාව වර්තමානයේ මුහුණපා තිබෙන ආර්ථිකම වශයෙන් අසීරු තත්වය හමුවේ දේශපාලන වේදිකාවේ ද නිරන්තරයෙන් ම ප්‍රකාශ පළවෙනු දක්නට ලැබෙනවා. මෙය එක් රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් කැපකිරීම් සිදුකරමින් ඉදිරියේ දී කටයුතු කිරීමට සිදුවන බව විපක්ෂ නායකයින් කිහිප දෙ

    ලංකාව වර්තමානයේ මුහුණපා තිබෙන ආර්ථිකම වශයෙන් අසීරු තත්වය හමුවේ දේශපාලන වේදිකාවේ ද නිරන්තරයෙන් ම ප්‍රකාශ පළවෙනු දක්නට ලැබෙනවා. මෙය එක් රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් කැපකිරීම් සිදුකරමින් ඉදිරියේ දී කටයුතු කිරීමට සිදුවන බව විපක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම පවසා තිබුණා. එවන් පසුබිමක, තම රජයක් යටතේ පෝලිම් යුගය පැය 24 ක් තුළ අවසන් කළ හැකි බවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසු බවට හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප විමසුමක් සිදුකළා.

    සමාජ ජාලා සටහන් 

    ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් විසින් පුවත්පතකට සිදු කරන ලද ප්‍රකාශයක් සේ හැගී යන පරිදි පළකර තිබු ෆේස්බුක් සටහනක සිරස්තලය දැක්වුණේ දැක්වුණේ , “අපි බලයට ආවහම සියලුම පෝලිම් පැය 24න් අවසන්” යනුවෙන්.

    Facebook | Archived 

    තවත් සටහන් කිහිපයක් පහතින්

    Read also: “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින්” හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් මෙම සටහනේ දැක්වෙන අනුරාධා හේරත් , මව්බිම පුවත්පතේ මාධ්‍යවේදිනියක් බැවින් ඇය විසින් ඉහත ආකාරයේ පුවතක් පළකරීම සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමේ දී අපට පෙනී ගියේ මෙම සටහන් සඳහා යොදාගෙන තිබුනේ මාර්තු මස 6 වන දින මව්බිම පුවත්පතේ මුල් පිටුවේ කොටසක සංස්කරණයක් බවයි. එම මුල් පිටුව පහතින්.

    මෙම මුල් පිටුවේ කොටසක් යොදාගනිමින් සංස්කරණය කරන ලද කොටස සහ සැබෑ පුවත්පත් කොටස අතර සැසදීමක් පහතින් .

    විජිත හේරත් මන්ත්‍රීවරයා මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇතිද යන කාරණය අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල සදහන් කරුණු ඔස්සේ විමසා බැලුවා.එවැනි යමක් අපට නිරීක්ෂණය වූයේ නැහැ. වත්මන් පෝලිම් තත්වය සම්බන්ධයෙන් විජිත හේරත් මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වා තිබු අවස්ථාවක් මෙතනින්

    ඉන් අනතුරුව අප මේ පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද විමසා බැලීමක් සිදු කළ අතර ඔවුන් පැවසුවේද විජිත හේරත් මන්ත්‍රීවරයා මෙවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. 

    එසේම මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම අනුරාධා හේරත් ගේ ලිපි සංස්කරණය කරමින් ව්‍යාජ සටහන් පලවී තිබුණා. ඒ පිලිබඳ අප සිදුකල විමර්ශන මෙතනින් සහ මෙතනින්

    Also Read: 2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ජවිපෙ බලයට පත්වුවහොත් පෝලිම් යුගය පැය 24 න් අවසන් කරන බවට, විජිත හේරත් විසින් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් පළ කර ඇති පුවත්පත් සටහන, මාර්තු 6 වැනිදා මව්බිම පුවත්පතේ මුල් පිටුවේ කොටසක් සංස්කරණයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.