Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

    2022-02-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමා

    ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියයි.” යනුවෙන් පුවත් පතක පළ වූ ලිපියක් බවට හඟවමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link Facebook | Archived

    මෙම පුවත් ලිපියේ ශීර්ෂ පාඨය එසේ සඳහන් වුණද, එහි සඳහන් සම්පූර්ණ ලිපිය අපහැදිලි ලෙස බොඳ කර දක්වා තිබුණා. මේ හේතුවෙන් මෙම ලිපිය සත්‍ය වශයෙන් පළ වූ ලිපියක්ද යන්න විමසා බැලීමක් කිරීමට අප තීරණය කරනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    පුවත් පතක පළ වූ ලිපියක් ලෙස ඉහත ඡායාරූපය දක්වා තිබූ හෙයින් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත්පත් වල මෙන්ම අනෙකුත් මාධ්‍ය ධාරාවල මෙම ශීර්ෂ පාඨය රැගත් පුවතක් මෑතකදී පළ වී ඇත්දැයි අප නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් අපට එවැනි පුවත් ලිපියක් පිළිබඳ දැක ගන්නට නොලැබුණු අතර පසුගිය දින කිහිපයේ විජිත හේරත් මන්ත්‍රීවරයා සහභාගී වූ සාකච්ඡාමය වැඩසටහන්වල ද එවැනි ප්‍රකාශයක් සිදුකෙරෙනු දැක ගන්නට ලැබුනේ නැහැ.

    අප කළ වැඩිදුර විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක් බව දක්වමින් පළවූ ලිපියක ආකෘතිය සහ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනේ දැක්වෙන ලිපියේ ආකෘතිය සමාන බවකි. 

    එම පුවත් පතේ ශීර්ෂ පාඨයේ සඳහන් කර තිබුණේ, 

    “දෙදහස් විස්සේදී එජාප ශ්‍රීලනිප රජයේ පළු ගැලවෙද්දී ජවිපෙ ජනතා රජයක් හදනවා යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියයි” යනුවෙනි.

    මෙහි දක්වා ඇති පරිදි ලංකාදීප පුවත්පතේ 2017 වසරේ සත්‍ය වශයෙන්ම මෙම සිරස්තලය සහිතව ලිපියක් පළවුණේ දැයි අප ලංකාදීප පුවත්පතෙන් විමසු අතර ඒම තොරතුරු සත්‍යාපනය කරගැනීමෙන් පසුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    කෙසේනමුත් මෙම ලිපි කොටස පසුගිය වසර කිහිපයේදී , 2020 -21 කාලයේ දී, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු අයුරක් ද අපට දැක ගන්නට ලැබුණි.

    එසේ පසුගිය වසර කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත් ලිපිය යොදාගනිමින් මේ දිනවල හුවමාරු වන ලිපිය සංස්කරණය කර තිබෙන බව එම ලිපි දෙකෙ සංසන්දනාත්මක පරීක්ෂා කිරීමේදී මෙසේ පෙනී යයි.

    අප මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහු සඳහන් කළේද, “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා” යනුවෙන් තමන් සඳහන් කළ බවට දැක්වෙන්නේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවත් ජවිපෙ විසින් රජයක් සෑදීමට බැරි නම් දේශපාලනයෙන් සමුගන්නා බවට නොපැවසූ බවද ඒ මහතා සඳහන් කළා. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු අනාවරණයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියයි” යනුවෙන් පුවත් පතක පළ වූ බවට දක්වා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබු පැරණි පුවත්පත් ලිපියක ආකෘතියක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකර තිබු නිර්මාණයක් බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද තමා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදුනොකළ බවට කරුණු දක්වා සිටියා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.