Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විකට ශිල්පියෙකු ටිනර් බී සිය දිවි හානි කරගත් බවට වයිරල් වූ වීඩියෝවේ ඇත්ත කතාව!

    2025-07-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විකට ශිල්පියෙකු ලෙස රංගනයක් සිදුකළ එක්තරා තරුණයෙකු, සිය පෙම්වතියකුගේ අනියම් ඇසුරක් නිසාවෙන් සිය දිවි හානිකර ගැනීමේ පුවතක් සමාජ මාධ්‍ය තුළින් බහුලව හුවමාරු වන අයුරු දැක ගන්නට ලැබුණ අතර ම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විකට ශිල්පියෙකු ලෙස රංගනයක් සිදුකළ එක්තරා තරුණයෙකු, සිය පෙම්වතියකුගේ අනියම් ඇසුරක් නිසාවෙන් සිය දිවි හානිකර ගැනීමේ පුවතක් සමාජ මාධ්‍ය තුළින් බහුලව හුවමාරු වන අයුරු දැක ගන්නට ලැබුණ අතර මෙහි නිවැරදි තොරතුරු පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    විකටයෙකුගේ චරිතයක් රඟ දක්වමින් සිටින තරුණයෙකුට අත්වූ වූ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් ලෙස විස්තර කරමින් හුවමාරු වන සටහන දක්වා තිබුනේ, අදාළ තරුණයා රඟපාමින් සිටි හොල්මන් මන්දිරය ඔහුගේ පෙම්වතිය වෙනත් පෙම්වතෙකු සමග නැරඹීමට පැමිණි තිබු බවත්, එය දුටු විකට චරිතය රඟපාමින් සිටි තරුණයා ටිනර් බෝතලයක් පානය කර මිය ගොස් ඇති බවක්.

     

    Facebook

    මෙම සිදුවීම සම්බන්ධ තරුණයා ටිනර් බී ජීවිතක්ෂයට පත් වීමට පෙර ලබා ගත් වීඩියෝ බවට හැඟවෙන තවත් වීඩියෝවක් TikTok මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ පහත අයුරෙනි.

    TikTok

    මෙම සිදුවීම සම්බන්ධ තරුණයාගේ අවසන් අවස්ථාවට පෙර ගත් තවත් වීඩියෝවක් ලෙසට සඳහන් වූ වීඩියෝ පළ කර තිබුණේ මෙලෙසින්.

    TikTok

    මෙම වීඩියෝව YOUTUBE ඔස්සේද  සංසරණය වී තිබුනේ මෙලෙසිනි.

    මෙම සටහන් සඳහා සමාජ මාධ්‍ය පරිශීලකයින් දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මොහු මියගිය නොගි බවයි.

    තව ද මෙම සිදුවීමේ මුහුණ දුන් තරුණයා බවට දක්වමින් තවත් තරුණයෙකුගේ ඡායාරූපයක් යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබුණා.

    Facebook

    සංදර්ශනයක විකට චරිතයක් රඟ දක්වමින් සිටි තරුණයකු සිය පෙම්වතියගේ ගැටලුවක් මත ටිනර් බෝතලයක් පානය කර සියදිවි හානි කර ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විදියෝවල සුලමුල අප සොයා බැලුවේ මෙලෙසින්

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මේ සම්බන්ධව තොරතුරු විමර්ශනය කිරීමේදී මෙම වීඩියෝව මුලින්ම සමාජගත කර ඇති නවීන් වෙල්ගමගේ (NAVEEN WELGAMGE) තරුණයාගේ  ටික්ටෝක් සමාජ මාධ්‍ය ගිණුම අපිට හමුවිය.

    එහිදී එම තරුණයා සම්බන්ධයෙන් ටිනර් පානය කළ බවට වීඩියෝ සමාජගත කර තිබූ ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. තවදුරටත් එම ගිණුම විමර්ශනය කිරීමේදී සියදිවි හානි කර ගත් බවට සඳහන් කරනු ලැබූ තරුණයා සමග නවීන් වෙල්ගමගේ නමැති පුද්ගලයා වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ මෙම තරුණයා මියගොස් නොමැති බවත් එය අසත්‍ය ප්‍රචාරයක් බවත් යැයි සඳහන් කරමිනි. එම වීඩියෝව පහත සඳහන් වේ.

    @naveenwelagamageok ස්වබාවදර්මය එයා වෙනුවෙන් හිටගත්තා එයා ජීවතුන් අතර ඉන්නවා කියලා රටටම පෙන්නුවා 🥹🇱🇰#naveenwelagamage #viralvideo #tiktok ♬ original sound – _whotfcaresxoxo

    TikTok

    මෙම සිදුවීමට සම්බන්ධ තරුණයා රවිදු මදුසංක වන අතර ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් පහත අයුරින් මේ සම්බන්ධ තමාගේ අදහස සටහන් කර තිබුණි. 

    රවිදු සඳහන් කර තිබුණේ, තමන්ගේ වීඩියෝව උපයෝගී කර ගනිමින් තවන් ටිනර් පානය කළ බවට ත්, තමා ජීවිතක්ෂයට පත් වූ බවටත් අසත්‍ය තොරතුරක් සමාජ ගත කිරීමට ඇතැම් පේජ් ඇඩ්මින්වරුන් උත්සහ දරා ඇති බවයි.

    Archived Link

    ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ මෙම පුද්ගලයාගේ මළගෙදර අවස්ථාව බවට දක්වා තිබූ වීඩියෝව ද, ඒ අනුව මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් නොව වෙනත් පුද්ගලයෙකුගේ බවට පැහැදිලි වේ.

    තවත් තරුණයෙකුගේ ඡායාරූපයක් යොදා ගනිමින් පළ වී තිබූ ෆේස්බුක් සටහන පිළිබඳ කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, එම තරුණයා හඳුනන අයෙක් විසින් ඔහුගේ ඡායාරූපයක් විනෝදාස්වාදය සඳහා ඉහත මිය ගිය බවට කලින් සඳහන් තරුණයාගේ වීඩියෝව සමගින් පළ කර ඇති බවයි.

    ඊට හේතුවන වන්නේ මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා බවට පැවසිය හැකි ෆේස්බුක් ගිණුමකින් ද, මෙම වීඩියෝ සඳහා ප්‍රතිචාර දක්වා තිබෙනු දැක ගන්නට ලැබේ. කෙසේවෙතත් Chehan Laksitha නමැති එම ගිණුම පරීක්ෂා කිරීමේදී එම ගිණුමේ සිටින පුද්ගලයා මෙම වීඩියෝවේ දක්වා ඇති පුද්ගලයාගේ ඡායාරූපය සමාන බව දැක ගන්නට ලැබේ.

    Facebook

    මෙම සිදුවීම සඳහා භාජනය වී ඇති රවිඳු මධුසංක සහ චෙහාන්  ලක්ෂිත නැමැති තරුණයන් දෙදෙනා අප විසින් දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහයන් අසාර්ථක විය.

    නමුත් අපට පැහැදිලි වූයේ මෙම සිදුවීම සම්බන්ධව චෙහාන් ලක්ෂිත නමැත්තා කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් රවිදු මධුසංක නමැති තරුණයා මෙම චරිතය රඟ දැක්වුවද සියදිවි හානි කරගෙන නොමැති බව ත් ය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Avatar

    Title:විකට ශිල්පියෙකු ලෙස රඟපෑ තරුණයෙකු, පෙම්වතිය වෙනත් පෙම්වතෙකු සමගින් පැමිණි අයුරු දැක සිය දිවි හානි කරගත්තා ද?

    Fact Check By: Fact Crescendo Team 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-07-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.