Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    SJB පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්වන බවට පැතිරෙන ප්‍රචාර සාවද්‍යයි.

    2024-09-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට, විශේෂයෙන්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (SJB) ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමඟ යවන පළ කිරීම් සහ වැරදි තොරතුරු ප්‍රචාරවල වැඩිවීමක් දක්නට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට, විශේෂයෙන්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (SJB) ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමඟ යවන පළ කිරීම් සහ වැරදි තොරතුරු ප්‍රචාරවල වැඩිවීමක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණ ව්‍යාපාරවල අරමුණ වන්නේ පක්ෂයේ විශ්වාසනීයත්වය පළුදු කිරීම සහ නොමඟ යවන අන්තර්ගතයන් හරහා ඡන්දදායකයින්ගේ මතයට  බලපෑම් කිරීමයි.

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී ඔහුගේ දේශපාලන කටයුතුවලට සහාය දෙන  බවට සමාජ මාධ්‍ය ජාලාවල බහුලව පැතිරෙන වීඩියෝවක් සමග පැතිරෙන සටහන් මගින් දැක්වෙයි.

    FB|Archived 

    කරුණු පරීක්ෂා කිරීම 

    මෙම සමාජ ජාලා සටහන්  නොමඟ යවන සුළුය. අදාළ වීඩියෝව මාස දෙකකට වඩා පැරණි එකක් වන අතර එය පටිගත කර ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකයි. එම වීඩියෝවේ එස් එම් මරික්කාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතාබහ කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම කතාබහ දේශපාලන ක්‍රියාමාර්ගයක් හෝ මරික්කාර් ජනාධිපතිවරයා සමඟ එක්වන බවට ඇඟවීමක් නොවේ.

    ITN ප්‍රවෘත්ති මගින් අවමංගල්‍ය ඉහත සදහන් අවමංගල්‍ය පිළිබද  වාර්තා කළ අතර මරික්කාර් දක්නට නොලැබුණත්  ප්‍රවෘත්ති දර්ශනවල ද සමාජ ජාලා වීඩියෝවේ ඇති පසුබිම දැකගත හැක .

    මරික්කාර් තමාට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් අත්සන් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අයුරු වීඩියෝවේ දැක්වේ.මෙම කතාබහ එම කරුණ සම්බන්ධයෙන් වන අතර පක්ෂ මාරුවක් හෝ එවන් දේශපාලනික කරුණක් නොවේ .

    එස් එම් මරික්කාර්ගේ දේශපාලන පක්ෂපාතිත්වයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බව ඔහුගේ මාධ්‍ය අංශය තහවුරු කර ඇති අතර ඔවුන් පවසන්නේ මෙම වීඩියෝව වැරදි අදහසක් ලබාදෙමින් සමාජ ජාලාවල පැතිරෙන බවයි.

    මරික්කාර් රනිල් සමග එක්වන බවට පැතිර යන කටකතා  SJB මාධ්‍ය අංශය ද ප්‍රතික්ෂේප කරයි. 

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය:

    SJB පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන ප්‍රකාශය අසත්‍යයක්. වීඩියෝව පැරණි වන අතර දේශපාලන සන්ධානයකට හෝ පියවරකට නොව එය වෙනත් කරුණක් සම්බන්ධ කතාබහක් . සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙවැනි නොමග යවන සුළු අන්තර්ගතයන් ගැන සැලකිලිමත් විය යුතුය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-09-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.