Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දෙහිවල අධි-වේගී මාරක යතුරුපැදි අනතුරක් ලෙස හුවමාරු වන්නේ ලංකාවේ සිදුවීමක් ද ?

    2024-02-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව පුරා දිනපතා රිය අනතුරු වාර්තා වෙන අතර, ඇතැම්ද අවස්රුථාවල දී දරුණු රිය අනතුරුවල සහ මහ මඟ සිදුවන අපරාධවල CCTV දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙනවා. එසේම, ලංකාවේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාව පුරා දිනපතා රිය අනතුරු වාර්තා වෙන අතර, ඇතැම්ද අවස්රුථාවල දී දරුණු රිය අනතුරුවල සහ මහ මඟ සිදුවන අපරාධවල CCTV දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙනවා. එසේම, ලංකාවේ සිදුවීම් ලෙස පෙන්වා දෙමින්, විදෙස් රටවල සිදුවූ අනතුරුවල දර්ශන ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක්ද මේ වන විට ඇති වී තිබෙනවා. මීට ආසන්නතම සිදුවීම පසුගිය දිනක වාර්තා වුණා.

    සමාජ මාධ්‍ය සටහන්

    කෙටි වීඩියෝ පටයකින් දැක්වෙන දරුණු අනතුරක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණේ එම වීඩියෝවෙන් දැක්වෙන්නේ පසුගිය දිනක ශ්‍රී ලංකාවේ දෙහිවල ප්‍රදේශයේ හිල් ස්ට්‍රීට් හිදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරක් බව පෙන්වා දෙමිනුයි.

    Facebook | Archived 

    WhatsApp ඔස්සේද මෙම වීඩියෝව විශාල වශයෙන් මිනිසුන් අතර ව්‍යාප්තව තිබුණා.

    මෙම වීඩියෝවේ දැක්වෙන රාත්‍රී කාලයේ දී යතුරුපැදි ධාවන තරඟයක අතරතුර සිදුවන අනතුරක් ලෙස බැලු බැල්මට ද පෙනීයනවා. කෙසේනමුත්, මෙය ඇත්තටම ලංකාවේ සිදුවීමක් ද සහ එහි මුල් තොරතුරු සොයා අප විමර්ශනයක් ආරම්භ කලේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

    සත්‍යාපන මෙවලම් හරහා වීඩියෝවේ මූලාශ්‍රය තහවුරු කිරීම: Invid-We-Verify යෙදවුම භාවිතයෙන්, වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් වෙත යොමුකරමින්, අපට අනාවරණය වුයේ, මෙම මාරක අනතුර සිදුවී ඇති දිනය වන්නේ, ලංකාවේ සමාජ මාධ්‍ය සටහන්හි පෙන්වා දෙන දිනය නොව, ඊට පෙර දිනයක් වන පසුගිය මස ජනවාරි 29වන දින බවයි. මෙම දරුණු මෝටර් බයිසිකල් අනතුර කිසිදු ලෙසකත් ශ්‍රී ලංකාව හා සම්බන්ධ නොවන අතර, සැබෑ ලෙසම සිදුවී ඇත්තේ ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි, බොගොර් රීජන්සි නැමැති ස්ථානයේයි.

    නීතිවිරෝධී වීදි යතුරු පැදි ධාවන තරඟයක් අතරතුර සිදුවූ මෙම සිදුවීම පිළිබඳව වෙබ් අඩවි කිහිපයකම මෙලෙස සහ මෙලෙස වාර්තාකර තිබුණා.

    ඉන්දුනීසියානු මාධ්‍ය වෙතින් තහවුරු කරගැනීම: ඉන්දුනීසියානු මාධ්‍ය විමසා බැලීම ඔස්සේ මෙම රිය අනතුර පිළිබඳව වැඩිදුර සොයා බැලීමට අපට හැකිවුණා. ඒ අනුව, සිදුවීම පිළිබඳව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තාවක් මෙතනින්. මෙම අවාසනාවන්ත අනතුර සම්බන්ධව ඉන්දුනීසියානු මාධ්‍ය ඉදිරිපත් කළ වීඩියෝ වාර්තාවක් මෙතනින්.

    මෙම වාර්තාවලට අනුව මියගිය අය අතුරින් එක් අයෙක් වන්නේ, 34 හැවිරිදි  Gunawan නමැති පුද්ගලයෙක්. තව සතියකින් විවාහ වීමටද නියමිතව සිටි මෙම පුද්ගලයා, අවාසනාවන්සිත අනතුරට මුහුණ දුන්නේ, තම රැකියා කටයුතු අවසන් වී, සිය යතුරුපැදියෙන් තම නිවස කරා ගමන් කරමින් සිටි අවස්ථාවකයි.

    මෙම අනතුරට මුල්වූ නීතිවිරෝධී යතුරුපැදි ධාවන තරඟ පිළිබඳව ඉන්දුනීසියානු බලධාරීන් වැඩිදුරටත් විමසා බලමින් පවතිනවා.

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පිළිබඳව විමසා බැලීම: මින් පසුව අප අවධානය යොමු කළේ මේ හා සමාන සිදුවීමක් පිළිබඳව යම් ලෙසකින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණාද යන්නයි. නමුත් දෙහිවල ප්‍රදේශයේ දරුණු යතුරුපැදි ගැටීමක් නිසා සිදුවූ අනතුරක් පිළිබඳව කිසිඳු වාර්තාවක් පසුගිය දින කිහිපයේ දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

    දෙහිවල පොලිසියට ද මෙවැනි අනතුරක් මෑතක දී වර්තා වී නැහැ: දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් ද දෙහිවල හිල් ස්ට්‍රීට් ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරුක් ලෙස පෙන්වා දෙමින් හුවමාරු වන සටහන් ප්‍රතික්ෂේප කළා. ඔවුන් තහවුරු කළේ අදාල ප්‍රදේශයේ පසුගිය දිනක රාත්‍රියේ මෙවැනි අනතුරක් සිදුවී නොමැති බවයි.

    මේ පිළිබඳව අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ශනය මෙතනින්.

    තවත් මෙවැනි නවතම කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එකතුවන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය):

    ඉහත විමර්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ දෙහිවල හිල් ස්ට්‍රිට් හි සිදුවූ අනතුරක් ලෙස පෙන්වා දෙමින්, ලංකාවේ පාඨකයින් අතර බහුලව ප්‍රචාරය වූ දරුණු යතුරුපැදි අනතුර දැක්වෙන වීඩියෝව, පසුගිය ජනවාරි 29වනදා ඉන්දුනීසියාවේ, බටහිර ජාවාහි, බොගොර් රීජන්සි නම් ප්‍රදේශයේ සිදුවූ අධිවේගී මාරක අනතුරක දර්ශනයක් බව තහවුරු වුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-02-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.