Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නේවාසිකාගාරයක් තුළදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවන අමානුෂික පහර දීමක් දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

    2025-12-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දරුවන් සම්බන්ධ කාරණාවලදී දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ද ඉතා ඉක්මනින් සංවේදී වන නිසාම එවැනි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමේදී වඩාත් බුද්ධිමත්ව ක්‍රියා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දරුවන් සම්බන්ධ කාරණාවලදී දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ද ඉතා ඉක්මනින් සංවේදී වන නිසාම එවැනි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමේදී වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වේ. එහෙත් එලෙස නිසි කරුණු පරීක්ෂාවකින් තොරව සමාජය නොමගයන සුළු ආකාරයෙන් පළ කරන ලද දර්ශන පෙළක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ‘මේ කවුද? පෞද්ගලික පාසලක් කියන්නේ මොකක්ද? පොඩි ළමයින් දිහා බලන්නේ නැතුව පොලුවලින් පහර දෙන තරම් කුරිරු සිසුන් ඉන්නකොට පාසල් පරිපාලනය මොකද කරන්නේ?  අහින්සක දරුවන්ට මෙහෙම කරන මේ අයව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන’ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍යට මුදා හැර ඇති මෙම වීඩියෝවට අනුව සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් පිරිසකට ඉතා කෘර ලෙස බෙල්ට්, පිති වැනි දේ භාවිත කරමින් සහ අතින් පයින් ද පහර දෙන අයුරු දැකගත හැකියි. 

    මෙම කෙටි වීඩියෝව ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසලක නේවාසිකාගාරයක් තුළදී සිදුව ඇති පහරදීමක් බව සැලකිය යුතු පිරිසක් උපකල්පනය කර තිබු අතර අදාළ දර්ශන පෙළට සම්බන්ධ සිදුවීම කවදා, කොතැනකදී වාර්තාවූවක් ද යන්න පිළිබඳ පැහැදිලි විස්තරයක් එහි සඳහන් ව නොමැත.  

    Facebook 

    සැලකිය යුතු නැරඹුම් වාර ගණනක් සහ විශාල ලෙස අදහස් ඉදිරිපත්වී තිබූ මෙම වීඩියෝව සත්‍ය ලෙසම ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීමක් යැයි සිතා බෙහෝ පිරිසක් මෙලෙස සිය අදහස් පළ කර තිබෙන ආකාරයක් ද දැකගත හැකි වුණා. එම වීඩියෝ ව හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් මෙතනින්.

    ඒ අනුව මෙහි නිර්වද්‍යතාව විමසා ලද පාඨක ඉල්ලීම් ද මුල්කර ගනිමින් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙරට පෞද්ගලික හෝ රජයේ පාසල් නේවාසිකාගාරයක් තුළදී සමාජ මාධ්‍යයේ සංසරණය වන  ආකාරයෙන්  සිසුන් පිරිසක් විසින්  තවත් සිසුන් පිරිසකට පහරදෙන සිදුවීමක්   පිළිබඳව කිසිදු මාධ්‍යයක් විසින් මෑතකදී හෝ ඉකුත් මාස කිහිපය තුළදී හෝ වාර්තා කර නොමැත. 

    මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයෙන් නේවාසිකාගාරයක් තුළදී සිදුවූ මෙවැනි පහරදීමක් පිළිබඳ වාර්තා වී තිබුණේ දැයි අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළ අතර ඔහුගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරෙත්තු වන්නෙමු. 

    ඉන්දියාවේ කොල්හපූර්හි පාසලක පිරිමි නේවාසිකාගරයක  සිදුවීමක් 

    මෙම වීඩියෝව පිළිබඳව කරුණු තහවුරු කර දැනගැනීම සඳහා අප මෙහි රූප රාමු Reverse Image සෙවුමක් වෙත යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගත්තා. එම පරීක්ෂාවේදී අනාවරණය වූයේ, මෙම සිදුවීම මීට මාස දෙකකට ඉහතදී ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පාසල් නේවාසිකාගාරයක සිදුවූ පහරදීමකට අදාළව, පසුගිය ඔක්තෝබර් 11 වැනිදා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති දර්ශන පෙළක් බවයි. 

    මහාරාෂ්ට ප්‍රාන්තයේ කොල්හපූර් දිස්ත්‍රික්කයේ, හට්කනංගලේ තාලුකා ප්‍රදේශයෙහි පාසලක, පිරිමි නේවාසිකාගරයක සිටි සිසුන් පිරිසක් තවත් සිසුන් පිරිසකට බෙල්ට්, බැට් සහ අතින් පයින් පහර දෙන දර්ශන පෙළක් බවත්, අදාළ සිදුවීම ඔක්තෝබර් 6 වැනිදා අලුයම 5ට පමණ සිදුව ඇති බවත්  සඳහන් ය. යූ ටියුබ් ඔස්සේ ද ඉහත වීඩියෝව ඔක්තෝබර් 10 වැනිදා මෙලෙස  මුදා හැර තිබුණා. 

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම වීඩියෝ දර්ශනයේ ඡායාරූප ද යොදා ගනිමින් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් ද මෙම සිදුවීම වාර්තා කර තිබූ අතර Guwahatiplus වාර්තාවේ දැක්වුණේ, හට්කනංගලේ තාලුකා හි ෂම්රාඕ පටිල් ශික්ෂාන් සංස්ථා නේවාසිකාගාරයෙන් මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි. ඔක්තෝබර් 6 වැනිදා අලුයම සිදුව ඇති මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එක් සිසුවෙක් රෝහල්ගත කර ඇති බවත් එහි සඳහන් ය. 

    පසුව මේ සම්බන්ධ පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර සිද්ධිය සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා අධ්‍යාපන බලධාරීන් පිරිසක් ද අදාළ නේවාසිකාගාරය වෙත ගොස් තිබේ. 

    නේවාසිකාගාර පරිපාලකයිනුත් සිසුන්ට පහරදීලා  

    සිදුවීම සම්බන්ධව සොයා බැලීම සඳහා නේවාසිකාගාරය වෙත ගිය අධ්‍යාපන බලධාරීන්ට, තවත් ශිෂ්‍ය පහරදීමක් පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇත. එනම් ඊට පෙර නේවාසිකාගාර පරිපාලකයින් දෙදෙනකු ද විසින් පොලු සහ පයිප්ප බටවලින්  සිසුන් 16 දෙනෙකුට පහරදීමක් සිදු කර ඇති බවයි. 

     ඒඅනුව ක්‍රියාත්මක වූ අධ්‍යාපන බලධාරීන් අදාළ පරිපාලකයින් දෙදෙනාගේ සේවා අත්හිටුවමින් ඔවුන්ට නඩු පැවරීමට ද පියවර ගෙන ඇත. මේ අතර කොල්හාපූර් පොලිස් අධිකාරීවරයා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, වින්දිතයින් සහ පහර දුන් සිසුන් යන දෙපාර්ශවයම බාලවයස්කරුවන් වන බවත් මෙය නවක වධයක් ලෙස නොසලකන බවත් ය. කෘර ලෙස සිදුවන මෙම පහරදීම නවක වද සිදුවීමක් බව පවසමින් තවත් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබණ.    

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, පාසල් නේවාසිකාගාරයක සිසුන් පිරිසක් තවත් සිසුන් පිරිසකට බෙල්ට්, පිති ආදීය මෙන්ම අතින්, පයින් පහර දෙන අයුරු දැක්වෙන දර්ශන පෙළ මෙරට රජයේ හෝ පෞද්ගලික පාසල් නේවාසිකාරයකින් වාර්තා වන සිදුවීමක් නොව, මීට මාස දෙකකට පෙර, ඉන්දියාවේ පිරිමි නේවාසිකාගාරයක සිදුවූ පහරදීමක් බවයි. 

    කරුණු නිසි පරිදි සැපයිමකින් තොරව මෙවැනි සංවේදී දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමේ දී , ඒවා කාලීන සිදුවීම් සහ දේශීය සිදුවීම් ලෙස බොහෝ පිරිසක් උපකල්පනය කරන බැවින්, නිසි කරුණු සහ පසුබිම සමඟ වාර්තා කිරීම ඉතා වැදගත් වේ. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-12-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.