Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දිලිත් ජයවීර ඇතුළු පිරිස, නල්ලුර් කෝවිල අසල මඩේ ඇවිදින බවට සිදුකළ ව්‍යාජ සංස්කරණයක්!

    2024-08-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් වන දිලිත් ජයවීර, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනපති සටහනට ඉදිරිපත් වෙනවා. මැතිවරණය ළං වීමත් සමඟ, ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් වන දිලිත් ජයවීර, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනපති සටහනට ඉදිරිපත් වෙනවා. මැතිවරණය ළං වීමත් සමඟ, ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ යවන සහ අසත්‍ය තොරතුරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

    සමාජ මාධ්‍ය පළ කිරීම්:

    සර්වජන බලයේ ජනාධිපති අපේක්‍ෂක දිලිත් ජයවීර සමඟ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ඔහුගේ සගයන් කොට කලිසමකින් සහ සිරුරේ ඉහළ කොටසේ ඇඳුමකින් තොරව, මඩ බිමක් මතින් ඇවිද යන ආකාරය දැක්වෙන බවට සමාජ මාධ්‍ය ජාලාවල බහුලව පැතිරෙන  ඡායාරූපයක් මගින් දැක්වේ 

    FB|Archived 

    අපි මේ ගැන කරුණු විමසා බැලීමක්  කරන්න තීරණය කළා.

    කරුණු පරීක්ෂා කිරීම

    මෙම සමාජ ජාලා සටහන් පිළිබඳ අප මුලින්ම Reverse Image සෙවුමක් සිදුකළ අතර, එම රූප රාමුවලට සමාන දර්ශනයක් නිරූපණය කරන වීඩියෝවක් අපට දැක ගැනීමට හැකිවුණා. දිලිත් ජයවීර සමගින් උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පිරිසක්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හින්දු කෝවිලක් වන නල්ලූර් කෝවිලට පැමිණෙන අයුරු වීඩියෝවේ දැක්වේ. මෙම සංචාරය මාධ්‍ය ආයතන විසින් ආවරණය කරන ලද එකක් .

    (තත්පර 14 කින් නරඹන්න)

    සමාජ ජාලාවල බහුලව පැතිරුණු ඡායාරූපයේ විශ්ලේෂණය

    මුල් වීඩියෝ පටයේ, ජයවීර සහ ඔහුගේ සගයන් සාම්ප්‍රදායික සරම් වලින් සැරසී, කෝවිලේ  සිරිත් විරිත් වලට අනුගතව , උඩුකය නිරුවත්ව සිටින ආකාරය දක්නට ලැබේ .

    පහත දැක්වෙන්නේ සමාජ ජාලාවල බහුල රූපය සහ සත්‍ය රූපය අතර සැසදීමකි

    ව්‍යාජ ලෙස සිදුකළ සංස්කරණය: ජයවීර සහ ඔහුගේ සගයන් සරම් වෙනුවට කොට කලිසම් ඇඳගෙන මඩේ ඇවිදිනවා සේ පෙනෙන පරිදි සමාජ ජාලාවල බහුලව පැතිරෙන රූපය ඩිජිටල් තාක්ෂනය මගින් සංස්කරණ කර තිබෙනවා. මෙම වෙනස් කිරීම හේතුවෙන් මුල් සිදුවීමේ සන්දර්භය විකෘති කරමින්, මෙහි සම්බන්ධ පුද්ගලයින් ගැන වැරදි නිරූපණයක් පෙන්වා තිබෙනවා.

    සංස්කෘතික සන්දර්භය: නල්ලූර් කෝවිල ඇතුළු ඇතැම් හින්දු කෝවිල්වලට පැමිණෙන විට පිරිමි බැතිමතුන්ට උඩුකය නිරුවත්ව සිටීම  සිරිතකි. ඔවුන් මඩේ ඇවිදිමින් සිටි බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර එය නරඹන්නන් නොමඟ යැවීමේ අරමුණින් කරන ලද ප්‍රබන්ධයක් බව පෙනේ.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය

    දිලිත් ජයවීර සහ ඔහුගේ සගයන් කලිසම්වලින් වලින් සැරසී මඩෙහි ඇවිද යන අයුරු දැක්වෙන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායරූපය සංස්කරණය කරන ලද්දකි. රූපය ලබාගත් මුල් වීඩියෝ පටයේ දැක්වෙන්නේ, එම පිරිස කෝවිල ආශ්‍රිත සංස්කෘතික චාරිත්‍ර අනුගමනය කරමින් සම්ප්‍රදායික ලෙස සරම්වලින් සැරසී ,උඩුකය නිරුවත්ව යාපනයේ නල්ලූර් කෝවිලට පැමිණෙන ආකාරයයි. සමාජ ජාලාවල දැක්වෙන සේයාරුව ඩිජිටල් තාක්ෂණය යොදා සංස්කරණය කරන ලද එකකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.