Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දුර්ලබ ‘රෝස ඩොල්ෆින්’ මත්ස්‍යයෙකුගේ ඡායාරූපයක් ද?

    2024-06-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයකුගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා තුළ බහුල වශයෙන් සංසරණය වෙමින් පසුගිය සමාජයේ අවධානයට ලක්වුණා. මෙම පින්තූරයේ ඇති ඩොල්ෆින්ගේ ඡායාරූපය සත්‍ය අවස්ථාවක ඡායාරූප පෙළක් ද, යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් :

    රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයකුගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා තුළ බහුල වශයෙන් සංසරණය වෙමින් පසුගිය සමාජයේ අවධානයට ලක්වුණා. මෙම පින්තූරයේ ඇති ඩොල්ෆින්ගේ ඡායාරූපය සත්‍ය අවස්ථාවක ඡායාරූප පෙළක් ද, යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ශාන්ත එන්සී වෙරල තීරයේ  දුර්ලබ රෝස ඩොල්ෆින් කෙනෙකු දැකගත හැකි අවස්තාවක්, ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link  

    මෙම ඡායාරූප සටහන බහුලව ෆේස්බුක් පිටු අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Twitter ඔස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ පණිවුඩයක දැක්වුණේ, උතුරු කැරොලිනාවේ සිටින දුර්ලභ රෝස ඩොල්ෆින් මත්ස්‍යයෙකු එම ඡායාරූප වල දැක්වෙන බවයි.

    Twitter | Archived Link

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

    ප්‍රථමයෙන් ම අප ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හරහා උතුරු කැරොලිනාවේ රෝස ඩොල්ෆින් මත්ස්‍යයෙක් හමු වී ඇති බව වාර්තා වන් ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂා කළ ත්, අපට කිසිදු විශ්වසනීය මූලාශ්‍රයකින් ඒ පිළිබඳ වාර්තා කර ඇති බව ට දැක ගන්නට නොලැබුණි.

    කෙසේ වෙතත්, මෙම ඡායාරූප සමීපව පරීක්ෂා කිරීමේදී, එය සැබෑ සතෙකුට වඩා ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් ආකාරයෙන් අසාමාන්‍ය පෙනුමකින් යුක්ත වේ.

    බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද, එම පින්තූරවල සත්‍යතාව ප්‍රශ්න කරමින්, ඒවා කෘතිම බුද්ධිය ඔස්සේ (AI) ජනනය කරන ලද ඡායාරූප හෝ ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බවට සැක පළ කරමින් ප්‍රතිචාර ද, දක්වා තිබුණි.

    මෙම ඡායාරූප AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප ද, නැත්නම් සත්‍ය ඡායාරූපයක් ද, යන්න පිළිබඳ  පරීක්ෂා කළ අතර එහි ප්‍රතිඵල  පෙන්වා දුන්නේ ඉහත රෝස පැහැති ඩොල්ෆින් ඡායාරූප AI තාක්ෂණය ජනනය වූ බවට ඉහළ සම්භාවිතාවක් ඇති බවයි.

    A screenshot of a computer

Description automatically generated

    මීට අමතරව, උතුරු කැරොලිනාවේ රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයන් මෑතකදී දැක නැති බව උතුරු කැරොලිනා සමුද්‍ර ධීවර අංශයේ (DMF) නියෝජිතයෙකු වෙනත් කරුණු විමර්ශන කණ්ඩායමකට තහවුරු කර තිබුණේ මෙලෙසින්.

    තායිලන්තයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජීව විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය Jessada Denduangboripant විසින් පැහැදිලි කර ඇත්තේ, ඉහත රෝස පැහැති ඩොල්ෆින්ගේ ඡායාරූප අස්වාභාවික පෙනුමක් දක්වන පරිදි සංස්කරණය කර ඇති බවයි. ඇමසන් ගංගා ආශ්‍රිත ඩොල්ෆින් වැනි රෝස ඩොල්ෆින් මත්ස්‍යයන් සත්‍ය වශයෙන් සිටින අතර, ඔවුන් සාමාන්‍යයෙන් මිරිදිය ජලයේ වාසය කරන බව ත්, මෙම විශේෂයන් බොලිවියාව, බ්‍රසීලය, කොලොම්බියාව, ඉක්වදෝරය, ගයනාව, පේරු සහ වෙනිසියුලාව හරහා ඇමසන් වැසි වනාන්තරයේ සහ ඔරිනොකෝ ගංගා ද්‍රෝණියේ බහුලව දක්නට ලැබෙන බවයි.  එමෙන් ම ඇමසන් වනාන්තරය ආශ්‍රිතව සිටින රෝස ඩොල්ෆින් මත්ස්‍යයින් රෝස-අළු පැහැයක් ගනී. ඒ සම්බන්ධ සටහන මෙතනින්. Archived Link

    Pink River Dolphin or Boto (Inia geoffrensis) (Getty Images)

    මෙම ඩොල්ෆින් විශේෂය, සමේ ජානමය ලක්ෂණ නිසා රෝස පැහැයක් ගනී. මෙමගින් රුධිර නාල වල වර්ණය පැහැදිලිව දැකගත හැකිය. කෙසේ වෙතත්, එය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයෙකු 2009 දී ලුසියානා විලෙන් සොයා ගන්නා ලදී. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.

    මේ අතර තායි මුහුදේ රෝස පැහැති ඩොල්ෆින් දක්නට ලැබේ. Nakhon Si Thammarat පළාතේ දකුණු මුහුදු දූපත් වල Khanom ජාතික වනෝද්‍යානය ඔවුන් නිතර දක්නට ලැබේ. තායිලන්තයේ රෝස ඩොල්ෆින් සම්බන්ධ වෙබ් වාර්තාවක් මෙතනින්.

    එමෙන් ම පසුගිය මැයි මස දී බොල්වියාවේ ගඟකට පැමිණි රෝස ඩොල්ෆින් මවක සහ පැටවෙකු මුදවා ගැනීමේ මෙහෙයුමක වීඩියෝවක් Skynews  යූ ටියුබ් නාලිකාවේ පළ වී තිබුණු අයුරු පහතින්.

    Also Read : The Viral Pictures Of The “Pink Dolphin” Are NOT Real

    රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යාගේ ඉහත ඡායාරූපය සම්බන්ධයෙන් වෙනත් කරුණු පර‍ීක්ෂණ කණ්ඩායම් මෙන් ම, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ශාන්ත එන්සී වෙරල තීරයේ  දුර්ලබ රෝස ඩොල්ෆින් කෙනෙකු දැකගත හැකි අවස්තාවක්, ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසණය වූ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයකි. උතුරු කැරොලිනාවේ රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයන් මෑතකදී දැක නැති බව උතුරු කැරොලිනා සමුද්‍ර ධීවර අංශයේ (DMF) නියෝජිතයෙකු සඳහන් කරයි. රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයින් බොලිවියාව, බ්‍රසීලය, කොලොම්බියාව, ඉක්වදෝරය, ගයනාව, පේරු සහ වෙනිසියුලාව හරහා ඇමසන් වැසි වනාන්තරයේ සහ ඔරිනොකෝ ගංගා ද්‍රෝණියේ බහුලව දක්නට ලැබේ. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.