Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සමාජ ජාලාවල නොමගයවනසුලු ආකාරයට හුවමාරුවන හොතබුවාගේ වීඩියෝව !!

    2024-07-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සතුන් සහ ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් නොමගයවන සුළු වීඩියෝ සමාජ ජාලාවල පැතිරීම නිරන්තරයෙන් සිදුවන දෙයක් .මේ ආකාරයට පැතිරුණු හොතබුවකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සතුන් සහ ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් නොමගයවන සුළු වීඩියෝ සමාජ ජාලාවල පැතිරීම නිරන්තරයෙන් සිදුවන දෙයක් .මේ ආකාරයට පැතිරුණු හොතබුවකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    නිවසක ජනේලයක එල්ලී වහලට නැගීමට උත්සාහ කරන සත්වයකුගේ වීඩියෝවක් සමග විස්තර කර තිබුනේ රාත්‍රී කාලයේ ස්ත්‍රී පහස සොයා  සැරිසරන “හිටිමකුවා “ නම් සත්ත්වයෙක් එම වීඩියෝවේ දැක්වෙන බවයි.

    FB | Archived 

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check(සත්‍ය කරුණු විමසා බැලීම ) 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී දැකගන්නට ලැබුණේ මෙම සත්ත්වයාගේ විලාසය බොහෝ දුරට ලංකාවට ආවේනික රන් හෝතබුවා නම් සත්ත්ව විශේෂයට සමාන බවයි.කෙසේ වෙතත් රන් හොතබුවාට (Paradoxurus zeylonensis )සාපේක්ෂව  කැපී පෙනෙන වෙනසක් ලෙස  දක්නට ලැබෙන්නේ වීඩියෝවේ සිටින මෙම සත්ත්වයාගේ සිරුරේ ලෝම දක්නට නොලැබෙන බවයි. අප සමග ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ පර්යේෂකයෙක් වන කුමුදු විජේසුරිය සහ ශ්‍රී ලංකා තරුණ සත්ව වේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිනියක් වන මෙගා ගනේෂන් සදහන් කලේ මෙම වීඩියෝවේ දක්නට ලැබෙන හොතබු සත්ත්වයා බොහෝ දුරට යම් චර්ම ආසාදනයකින් /රෝගයකින් පෙලීම නිසා අදාළ සත්ත්වයාගේ ලෝම ඉවත්වන්නට ඇති බවයි.කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබද කථිකාචාර්ය සුදේශ් රුවින්ද සදහන් කලේ මෙය චර්ම රෝග පිළිබද සත්ත්වයෙක් විය හැකි මෙන්ම සංස්කරණය කරන ලද වීඩියෝවක් ද විය හැකි බවයි.මේ ආකාරයට ලොම් හැලි තිබු උගුඩුවෙක් නිසා මාතර මිදිගම ප්‍රදේශයේ ජනතාව බියට පත්ව තිබුණු පුවතක් වෙබ් අඩවියක පළව තිබුනේ මෙලෙසින්   Archived 

    මෙම සත්ත්වයාගේ ස්ත්‍රී ලෝලිත්වයක් ඇති බවට සදහන් වන කරුණු මිත්‍යාවන් වන අතර ,මොහු නිශාචාර සත්ත්වයෙක් නිසා ඇතැම් විට එවැනි මිත්‍යා විශ්වාස ගොඩනැගී තිබෙනවා විය හැකියි.

    රන් හෝතබුවා ලෙස හැදින්වෙන සත්ත්වයාගේ විස්තර පිලිබදව අවධානය යොමු කරමු .

    මොහු රතු දත්ත පොතේ Vulnerable ශේණිය යටතේ ලැයිස්තු ගතකර ඇති සත්ත්වයෙක්.බොහෝ දුරට හුදෙකලාව ජිවත්වන මෙම සත්ත්වයා මුලිකව  නිශාචරයි.බොහෝ දුරට වනගත පරිසරයකට ලැදියාවක් දක්වන මොහු ආහාර ලෙස පලතුරු වර්ග මෙන්ම වෙනත් කුඩා සත්ත්වයන්ද ලබාගන්නවා.මෙම සත්ත්වයා පිලිබදව වැඩි විස්තර කියවිය හැකියි මෙතනින් .

    මෙම සත්ත්වයා සම්බන්ධ වීඩියෝවක් පහලින් .

    සමාජ ජලාවල පැතිරෙන වීඩියෝවේ දක්නට ලැබෙන සත්ත්වයා අයිති විශේෂය පිලිබදව නිශ්චිතවම තහවුරු කල නොහැකි වුවත් ,මෙතෙක් සොයා නොගත් ජීවී විශේෂයක් නොවන බව තහවුරු වන අතර Civet සත්ත්ව විශේෂයක් බව පැහැදිලියි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-07-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.