Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොළඹ කොටස් වෙළඳපොළේ නව ප්‍රධාන විධායක නිලධාරිනියගේ ඡායාරූපයක් ද?

    2025-01-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ඇතැම් අවස්ථා වල ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් ආකෘති යොදාගෙන ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය හරහා පැතිරවීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඊට හේතුව වන්නේ, නිල පුවත් ආයතන විසින් පළ කරන තොරතුරු වල පරිශීල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථා වල ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් ආකෘති යොදාගෙන ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය හරහා පැතිරවීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඊට හේතුව වන්නේ, නිල පුවත් ආයතන විසින් පළ කරන තොරතුරු වල පරිශීලකයින් විශ්වාසය තබන බැවින්. එලෙසින් නිල පුවතක ආකෘතියක් යොදා ගනිමින් පළ කරන ලද සටහනක සත්‍යතාව සොයා බලමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “කොළඹ කොටස් වෙළඳපොළට නව ප්‍රධාන විධායක නිලධාරිනියක්” පත් වී ඇති බවට දක්වමින් එම නිලධාරිනියගේ බව ට ඡායාරූපයක් ද, පළ කරමින්.

    එමෙන් ම මෙය ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වන හිරු පුවත් ෆේස්බුක් පිටුවේ පළ වූ පුවතක් ලෙසට ද, දක්වා තිබුණා.

    Facebook | Archived Link

    තවත් සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    අප මෙම පුවතේ සත්‍ය සොයා කරුණු පරීක්ෂායක් කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවේ, ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් කොළඹ කොටස් වෙළඳපොළට නව ප්‍රධාන විධායක නිලධාරිනියක් පත් කර ඇති බවට වාර්තා කර තිබුණේ ද, යන්නයි. 

    2025 ජනවාරි 1 වන දින සිට වින්ද්‍යා ජයසේකර මහත්මිය ප්‍රධාන විධායක නිලධාරී තනතුරට නම්කළ බවට කොළඹ කොටස් හුවමාරුව විසින් (CSE) නිවේදනය කළ බවට ත්, එම තනතුරේ වසර 11ක් සේවය කිරීමෙන් පසු 2025 වසරේ විශ්‍රාම ගැනීමට නියමිත වත්මන් ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතාගෙන් පසුව ජයසේකර මහත්මිය හට එම තනතුරට හිමි වනු ඇති බවට නිල පුවත් මෙන්ම ව්‍යපාරික පුවත් පිලිබඳ වෙබ් අඩවිය වාර්තා කර තිබුණු අතර එහි එම විධායක නිලධාරිනියගේ ඡායාරූපයක් ද, පළ කර තිබුණා. නමුත් එම ඡායාරූපයේ දැක්වෙන්නේ ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා තිබූ තරුණියකගේ ඡායාරූපයක් නොවන බවට අප ට දැක ගන්නට ලැබුණා.

    enbsl.lk | Archived Link CSE

    ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී තිබුණේ, Hiru News ෆේස්බුක් පිටුවේ පළ වී තිබූ පුවතක් බැවින් එහි නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ එම පුවත  ද, පරීක්ෂා කළ අතර ඔවුන් විසින් කොළඹ කොටස් වෙළඳපොළට නව ප්‍රධාන විධායක නිලධාරිනියක් යන මැයෙන් පුවතක් පළ කර තිබූ නමුත් පුවතේ එම නිලධාරිනියගේ ඡායාරූපය බවට දක්වා තිබුණේ, ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා වෙබ් අඩවිවියේ පළ කර තිබූ ඡායාරූපයයි.

    Facebook 

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ නොමග යවන සුළු ඡායාරූපයක් එක් කර තිබුණ ද, එහි නිල හිරු News ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද ආකෘතියම යොදාගෙන තිබූ බැවින් එහි දක්වා තිබුණේ එම පුවතට අදාළ Hiru News නිල වෙබ් අඩවියේ පුවත බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    අප මේ පිළිබඳව තවදුරට ත් තහවුරු කර ගැනීම සඳහා වින්ද්‍යා ජයසේකර මහත්මිය සම්බන්ධයෙන් කළ කරුණු පරීක්ෂාවේදී ඉහත නිල පුවත් පත්වල පෙන්වා දී තිබූ ඡායාරූපයේ සිටින්නේ කොටස් වෙළඳපොළේ නව විධායක නිලධාරිනිය බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    ඉහත නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් වලට යොදාගෙන තිබූ තරුණියකගේ ඡායාරූපය සම්බන්ධයෙන් ද, අප පරීක්ෂා කරනු ලැබුවා.

    වෙළඳපොළේ නව විධායක නිලධාරිනි බවට පෙන්වා දී තිබූ තරුණිය නිරූපන ශිල්පිනියක් සහ කන්ටෙන්ට් නිර්මාණකාරිනියක් වන අතර ඒ බවට poojavindy_official නමැති ඇයගේ Instagram ගිණුමේ පළ කර තිබෙනු දක්නට ලැබේ.

    එමෙන් ම මෙම තරුණිය විසින් ද තමන්ගේ ඡායාරූපය යොදාගනිමින් මේ ආකාරයට හුවමාරු වන සටහන් පිළිබඳව සටහනක් ද, පළ කර තිබුණේ මේ අයුරින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ කොටස් වෙළඳපොළේ නව විධායක නිලධාරිනිය බව ට පෙන්වා දී තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ සත්‍ය පුවත්පතේ පළ වූ ඡායාරූපය ඉවත් කරමින් වෙනත් තරුණියකගේ ඡායාරූපයක් එක් කළ අවස්ථාවකි.

    කෙසේ වෙතත් මෙම නොමග යවන සුළු සටහන් සඳහා යොදාගෙන තිබුණේ, Hiru News නිල ෆේස්බුක් පිටුවේ පුවත් පළකරන ආකෘතිය හේතුවෙන් බොහෝ දෙනෙකු මෙය සත්‍ය ඡායාරූප සටහනක් බවට නොමග ගොස් තිබුණා.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Avatar

    Title:කොළඹ කොටස් වෙළඳපොළට නව ප්‍රධාන විධායක නිලධාරිනියගේ ඡායාරූපයක් ද?

    Pavithra Sandamali 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-01-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.